
(අජන්ත කුමාර අගලකඩ)
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තවත් සුළු වේලාවකින් සිය පාක්ෂිකයන් ඉදිරියේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාල ආරංචි මාර්ග කියයි.
අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවසවන අරලියගහ මැදුරට පළාත් සභා හිටපු මැති ඇමැතිවරුන් පළාත් පාලන නියෝජිතයන් විශාල පිරිසක් මේ වන විට පැමිණෙමින් සිටිති.
එම පිරිස අමතා අග්‍රාමාත්‍යවරයා එම ප්‍රකාශය සිදු කිරීමට නියමිතය.
COMMENTS
ජනතා පරමාධිපත්‍යය තියෙන්නේ ජනතාව අතේ... මැති ඇමැතිවරු සහ පළාත් පාලන නියෝජිතයෝ අතේ නෙවෙයි.
මම යන්නේ නෑ .. හාමුදුරුවනේ..!
කරන ප්‍රකාශයක් කරලා ඉක්මනින් යන්න සර්. කාලයක් ඔයා කලා තමයි, නමුත් දැන් බෑ. පුළුවන් කෙනෙකුට බාරදීලා යන්න. අපි හැමෝම හැමදාම ඉන්නේ නෑනේ. මොන මැජික් බෝලයක් තියාගෙන හිටියත්, මොන දෙවියන්ව ඇදහුවත් වැඩක් නෑ අපි හැමෝම සොබාදම් නීතියට යටයි.
ඔය ඉස්සර සෙල්ලම් දැන් දාන්න එන්න එපා. කරුණාකර ගෙදර යන්න.
ඔය ඇවිල්ලා ඉන්න කට්ටිය ඔහෙත් එක්කම එකට රටේ සාරය උරා බීපු ලේමාපිල්ලු, රටේ මිනිස්සු දන්නවා ඒ ගැන. ඒ හින්දා බැහැලා යනඑක ඇඟට ගුණයි කොල්ලෝ...!
මහින්දගේ ප්‍රකාශයෙන් රටේ ප්‍රශ්න විසඳන්න නැහැ. ඔතන ඉන්නේ පළාත් සභා හෝ පළාත් පාලන නියෝජිතයෝ නොවේ. සංවර්ධන නාමයෙන් මහජන මුදලින් කොමිස් ගහපු කොන්තරාතුකරුවන්.
මාර වැඩේ ලංකාවට වුනේ.., දැන් රටේ මිනිසුන්ට දැඩි ආර්ථික ප්‍රශ්න ඔක්කොම පසෙකට දාලා මේ මනුස්සයාගේ විකාර බලන්න වෙලා..
මේ මනුස්සයාව යවා ගන්න තියෙන අමාරුවක්.. කූඩැල්ලෙක් වගේ එල්ලිලා ඉන්න හැටි..
යුද්ධය දිනලා තිබිච්චි නම්බුවත් කාගත්තා මේ නන්දසේන හින්දා..
දැන්වත් යන්න... නාකි වෙවී ඉන්නැතුව..
කළ ප්‍රකාශයේ හරය දැනුයි තේරෙන්නේ... තව මොහොතක්වත් නොසිට ගෙදර යන්න.
අනේ යන්න. නුඹලා මේ රට කෑවා. යද්දී මල්ලීත් එක්කන්ම යන්න. ඒකත් අපිට එපා...
කියලා වැඩක් නෑ මේවා..!