IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අංගොඩ ලොක්කා කෝටි 15 ක ඉඩම් අල්ලාගෙන

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ඉන්දියාවේ දී  මියගිය සංවිධානාත්මක අපරාධකරුවෙකු වන පාතාල නායක අංගොඩ ලොක්කා ඉන්දියාවේ සැඟවී සිටි කාලයේ දී රුපියල් කෝටි 15 ක වටිනාකම කමක් ඇති ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති බව සිදුකළ විමර්ශනවල දී  අනාවරණය වූ බව පොලිසිය පැවසීය.

2019 වසර තුළදී පමණක් පර්චස්  309 ක  ප්‍රමාණයකින් යුත් ඉඩම් 12 ක් එලෙස  අත්පත් කරගෙන  තිබුණේ වැල්ලම්පිටිය , අංගොඩ හා ගොතටුව පොලිස් වසම් වල පිහිටි ඉඩම් බව පොලිසිය කියයි.

එලෙස බලහත්කාරයෙන් තර්ජනාත්මකව ලබාගත් එම ඉඩම් වල හිමිකරුවන් සිව් දෙනෙකුගෙන්

පමණක් බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයට පැමිණිලි කර ඇතැයි පොලිස් නිලධාරියකු පැවැසීය.

මුල්ලේරියාව පොලිසිය මගින් හොරොයින්  මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත්  "සිම්බු සමන්ත" නැමැත්තා  අංගොඩ ලොක්කාගේ ඉඩම් නිලධාරියා ලෙස කටයුතු  කළ පුද්ගලයා බවට හඳුනාගැනීමෙන් අනතුරුව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ලලිත් අබේසේකර මහතාට ලබාදුන් උපදෙස් මත රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කිරීමේදී මේ ඉඩම් පිළිබඳ තොරතුරු අනාවරණය වූ බව පොලිසිය කියයි.

 



අදහස් (5)

අංගොඩ ලොක්කා කෝටි 15 ක ඉඩම් අල්ලාගෙන

Prabha Monday, 14 September 2020 06:39 PM

පැමිණිලි කරලා තියෙද්දීත් පොලිසිය පොල් ගෑවාද? 

:       0       151

බද්රානි Monday, 14 September 2020 08:25 PM

අපේ ඇත්තෝ ඡන්දෙ දාපු අය එක්ක බලද්දී, මේ මොන තුට්ටු දෙකේ ඉඩම් වංචාවක්ද? පාර්ලිමේන්තුවට තේරී පත්වෙනවා තබා, අඩු තරමේ ඡන්දෙ ඉල්ලන්න වත් මේ තක්කඩිකම ප්‍රමාණවත්ද? දරවනේ, තැනකට එන්න ඕනෑ නම් මේ වගේ තව සිය ගුණයක්වත් හොරකම් කරන්න ඕනෑ.. නැත්නම්, ඉතින් නිකරුනේ ඔය වගේ ඉරණමකට තමයි මුහුණ දෙන්න වෙන්නේ.. මේක තක්කඩින්ගේ මාතෘභූමියයි. පාලකයින්ට මුට්ටි අල්ලා, ගේමක් ගසා මිස මේ රට තුළ ජීවත්වීමට වෙන නම්, විකල්පයක් නැත.

:       3       104

මුනසිංහ Tuesday, 15 September 2020 02:10 AM

යහපාලනය අන්ධයන් ලෙස හැසිරුණා. එයාලාට වැහි නැති හෙණ වදින්න ඕන රටට කළ විනාශයට. නව පාලනයෙන් අප බලාපොරොත්තු වන්නේ පළමුව බඩ ගෝස්තරය රැකගැනීම නොව පාතාලයන් සහ කුඩු මර්ධනයයි. එය නැති වූ විගස රට ඉබේම සෞභාග්‍යයට යොමු වේවි...!!!

:       22       30

sharm warn Tuesday, 15 September 2020 03:23 AM

අංගොඩ ලොක්කා විතරක්ද.? තව ලොක්කෝ කී දෙනෙක් ඔය කෙරුවාව කලාද.?

:       0       31

Bamunuarachchi Wednesday, 16 September 2020 03:11 AM

බලෙන් අල්ලාගෙන අදාළ අයිතිකරුවන්ට බාර දීමට කටයුතු කලොත් හොඳයි නේද.?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 57 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 721 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 343 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site