අම්බලන්ගොඩ , කෙරමිණිය අංක 345 / 1 හි පදිංචි ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ (සීඊසීබී) සේවය කරමින් සිටියදී හදිසියේ රෝගාතුර වූ ජී.එච්.නිහාල් ධර්මසිරි (අවුරුදු 55) මහතාට කඩිනමින් අක්මා බද්ධ කිරීමේ සැත්කමක් කළයුතු බවට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය සුජීව කුමාරසේන මහතා නිර්දේශ කර ඇත.
ඉන්දියාවේ චෙන්නායි නුවර ‘ග්ලෝබල් හොස්පිටල්‘ හි සිදුකිරීමට නියමිත මෙම සැත්කම සඳහා රුපියල් ලක්ෂ 120 ක මුදලක් වැයවන අතර ඒ සඳහා වත්කමක් තමන්ට නොමැති හෙයින් පරිත්‍යාගශීලීන් වෙතොත් මෙම මුදල් සපයා ගැනීම ආධාර උපකාර ලබා දෙන්නැයි ධර්මසිරි මහතාගේ පවූලේ ඥාතීහු ඉල්ලා සිටිති.මුදල් ආධාර කිරීමට කැමති පිරිස් වෙතොත් 071/8202870 යන දුරකථන අංකයට හෝ කේ.සී.ද.ඒ විජේසිංහ මහත්මිය (බිරිඳ) නමින් යුතු ලංකා බැංකුවේ අම්බලන්ගොඩ ශාඛාවේ අංක 78897061 දරණ ගිණුමට බැර කරන මෙන් ඔවූහු ආයාචනය කරති.
2025 දෙසැම්බර් මස 18
674
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
325
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අක්මා සැත්කමට උදව් ඉල්ලයි
පිටිගල මිලානෝ Wednesday, 23 March 2016 08:18 PM
කරුණාකර මෙමහතාට යම් උපකාරයක් කරන්න. හැකි හැම අවස්ථාවකදීම පිනක් කිරීම අධික පොලියක් ලැබෙන බැංකුවක මුදල් ආයෝජනය කරනවාටත් වඩා සසරේ ලෞකික ලාභ ගෙන දෙනවා. (අ)
නවෝදා Wednesday, 04 May 2016 07:39 AM
ජීවිතයක් බේරාගන්න උදව් කිරීම ලොකු පිනක් (නි)
නවෝදා Wednesday, 04 May 2016 07:37 AM
මේ මහතා මම පුද්ගලිකව අඳුරනවා මෙතුමා බොන කෙනෙක් නෙමෙයි. ජීවිතයක් බේරා ගන්න උදව් කරන්න පුළුවන්නම් ඒක එලොවටත් මෙලොවටත් ලොකු පිනක් (බ)
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Thursday, 24 March 2016 03:11 AM
සරත්, කෙසේ හෝ දැන් කඩිනම් අවශ්‍යතාව මේ පුද්ගලයා සුවකර ගැනීමයි. රෝගයට හේතුව සොය සොයා මේ පුද්ගලයාට දෙස් දෙවොල් තබමින් කාලය මැරීමට මේ සුදුසු මොහොත නෙමෙයි. මමද පුද්ගලිකව මේ පුද්ගලයා නමින් සඳහන් කර ඇති බැංකු ගිණුමට මට හැකි අයුරින් දැරිය හැකි මුදල් පරිත්‍යාග කළා. එසේම සෙසු අයද තම තමන්ට හැකි අයුරින් පරිත්‍යාගශීලී වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. (නි)
සරත් Wednesday, 23 March 2016 01:22 PM
බොන අය හීන් බෝවිටියා බොන්න (බ)
ලකී Wednesday, 23 March 2016 03:18 PM
බණ්ඩාරවෙල පෙරහෙට්ටි කියල සිංහල කරන වෙද මහත්තයෙක් ඉන්නවා . එතනට යන්න අනිවාර්යෙන් හොද කරනවා . අත්දැකීමෙන් කියන්නේ . බටහිර වෙදකමෙන් හොද කරන්න බෑ කියූ අක්මා රෝගියෙක් සුව කලේය .(කෞ)