IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අක්කර ලක්ෂ එකහමාරකට වස විස නෑ

ජනාධිපති කාර්යයාලයය සහ ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන් විසින් සකස් කර ඇති ‘වස විස නැති රටක් - තුන් අවුරුදු සැලැස්ම' ට අනූව මෙවර යල කන්නයේ කුඹුරු අක්කර එක්ලක්ෂ පනස්දහසක් වස විස නැතිව වගා කිරීම ආරම්භ කොට තිබේ.

මෙම යල කන්නයේ ධාර්මික ගොවි සමාජය වෙනුවෙන් රසායනික පොහොර හා පළිබෝධනාශකවලට වස විස නැති විකල්ප හඳුන්වාදීම සිදුකිරීම සඳහා පැවැත් වූ මාධ්‍ය හමුවක් අතුරලියේ රතන හිමියන්ගේ මූලිකත්වයෙන් උපායමාර්ග ව්‍යවසාය කළමනාකරණ  ආයතනයේ දී (සෙමා) අද (17) පැවැත්විණි.

ඊට කාබනික පෙහොර සහ වස විස නැති ගොවිතැනට අවශ්‍ය කෘෂි යන්ත්‍රෝපකරණ නිෂ්පාදකයින් සහ අලෙවිකරුවන් පිරිසක් ද සහභාගී විය.

IMG_1129 IMG_1143 IMG_1153



අදහස් (0)

අක්කර ලක්ෂ එකහමාරකට වස විස නෑ

රංග Wednesday, 18 May 2016 01:12 AM

අයහපත් දෙයට විරුද්ධ වෙනවා වගේ, යහපත් දෙයක් කරනකොට එ්ක අගය කරන්න. අපේ මිනිසුන්ටත් පරණ කුණු අවුස්සනවා ඇරෙන්න වෙන දෙයක් නැහැ. (නි)

:       0       0

ශාන සෞදි Tuesday, 17 May 2016 11:36 AM

රටක් ගොඩනගන්න ජනතාවගේ සහය ඕනේ එක වලකන වැඩ නොකරන්න ජනතාව තේරුම් ගන්න ඕනේ... (ර)

:       0       0

නුවන් Tuesday, 17 May 2016 11:53 AM

කලින් පටන්ගත් මෙම කටයුත්ත ඉදිරියට ගෙනයාම ගැන සතුටුයි.පාර්ලිමේන්තු ඇවිදින මං තීරුව ලග වෙල්යායේ දේශීය වී වගා කළා. හොද අස්වැන්නකුත් තිබුනා. (ර)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 17 May 2016 09:05 AM

ලංකාවේ මිනිස්සු හොර වැඩ වලට හපන්නු නිසා වස විස නැහැ කියලා කාටත් හොරෙන් පලිබෝධනාශක සහ රසායනික පොහොරත් දාලා අස්වැන්නත් වැඩිකරගෙන වැඩි මිලකුත් ලබාගනියිද දන්නෙ නැහැ. අඹ වලටත් කාබයිට් දමන රටේ මේවායේ විශ්වාසය තහවුරු කරන්නේ කොහොමද? (නි)

:       0       0

ඉසුරු Tuesday, 17 May 2016 04:05 PM

ඉතාම සතුටුයි. තව තවත් මේ ප්‍රමාණය වැඩිකරන්න (නි)

:       0       0

සමන් කටාර් Tuesday, 17 May 2016 10:20 AM

මම මේ ආණ්ඩුව ප්‍රභලව විවේචනය කරන කෙනෙක්. නමුත් මේ කටයුත්ත නම් ගොඩාක් හොඳ දෙයක්. (බ)

:       0       0

සත්‍යයා Wednesday, 18 May 2016 12:17 AM

ඒ කියන්නේ මෙච්චර කාලයක් (මේ ගොල්ලොත් බලයේ ඉන්න කාලේ) මේ අක්කර එක්ලක්ෂ පනස්දාහ වස විස සහිත රසායනික පොහොර යොදාගෙනයි වගාකරලා තියෙන්නේ. වෙනසකට නිමිත්තක් තියෙන්නත් එපායැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 140 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 760 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site