ඩයනා උදයංගනී
කොළඹ නගරයේ පැල්පත්වාසීන් සඳහා 2023 වසර වන විට නිවාස 50,000 ක් ඉදිකර පැල්පත්වාසී ගැටළුව නොමැති නවීන නගරයක් ඉදිකරන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
බොරැල්ල ප්‍රදේශයේ වෘත්තීයවේදී නගරයක් ඉදිකිරීම සඳහා වෛද්‍යවරුන්, ඉංජිනේරුන් හා ගණකාධිකාරීවරුන් ආදීන් වෙනුවෙන් නිවාස 600 කට අධික ප්‍රමාණයක් තව වසර එකහමාරකින් පමණ ඉදිවන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
කොළඹ නගරයට වැදගත් නායකත්වයක් අවශ්‍ය බව ද කී අමාත්‍යවරයා පදික වේදිකාවේ ව්‍යාපාරයන්ට ඉඩ දී, රජයේ ඉඩම් අල්ලා දී සහ පැල්පත්වාසීන්ට මත්කුඩු, කසිප්පු විකුණා ඡන්දය ගන්නා අය වෙනුවට වැදගත් දේශපාලන නායකත්වයක් තෝරාගැනීමට එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී සියලූ දෙනා අදිටන් කරගත යුතු බව ද කීවේය.
COMMENTS
පැල්පත් වාසීන් ? එකතැනකින් ඉවත් කළාම තව තැනක ගිහින් ඉදිකර ගන්නවා. ගෙවල් දුන්නම ඒවා කුලියට දීලා අාපහු පුරුදු තැනටම හෝ අලුත් තැනක ඉදිකර ගන්නවා. ඕක තමා පැල්පත් ලෝකය. පොලිටික්කලගේ ජඩවැඩ කරන්න ඒ දුප්පත් මිනිස්සු නැතුව බැහැ.
ඒ කියන්නේ වැඩේ වෙන්නේ නැහැ. තව අවුරුදු දෙකකින් යන්න වෙනවනේ? මේ ව්‍යංගයෙන් කියන්නේ 2023 අලුත් ගෙවල් අවශ්‍ය නම් තව අවුරුදු පහකට දෙන්න කියන එකද?
මේකත් මෙයාගේ දවල් හීනයක්ද?
අවුරුදු 2 ක් ගෙවුණා මොනවද රටට ලැබුනේ. අඩුම තරමේ කොළඹ කුණු ටික ඉවත්කරගන්න බැහැ.
චම්පික, මොන විවේචන තිබුනත් ඔබ යමක් කළහැකි පුද්ගලයෙක්.
හා හා.. දැන් 2020 තමයි ඔක්කොම කරන්න හදන්නේ....
එතකන් රට කකා බලයේ ඉන්න වගේ කල්පනාව නේද?
2023 වෙනකොට පැල්පතක් වත් ඉතුරු වෙන්නේ නැති බව දන්නවා මෙයාලගේ පාලනේ යටතේ. රටේ මිනිස්සු ගොනුන් කියලා හිතාගෙන ඉන්න කෙනෙක් තමයි මේ.
බස්නාහිර පළාත තුල ප්‍රවාහන සේවා ක්‍රමවත් කරන්න. පොදු ප්‍රවාහන සේවා දුර්වලයි. විදුලි දුම්රි ,බස් ,උමං පටන් ගන්න.
මේ කියලා තියෙන දේ දැක්කම පෙනෙන්නේ දුප්පතුන්ව කොළඹින් පන්නලා දමන බවයි. යහ පාලන ආණ්ඩුව ආපු ගමන්ම විදුලි බල මණ්ඩලයේ සභාපතිකමට යාලුවා දැම්ම වගේ ඔය හදන නිවාසවලටත් යාලුවන්වම දාවි නේද.
පැල්පත් වාසීන් බේරේ වැව දිගටම, රේල් පාර දිගේත් ගෙවල් හදන් ඉන්නවා...ඔවුන්ට පහසුකම් දී මේ අනවසර නිවෙස් ඉවත් කළ යුතුයි...ගෙවල් දුන්නහම ආපහු පරණ තැනටම යන්න එදන එකනම් ඇත්ත....
වැඩේ බොහොම හොඳයි.... නොරොච්චෝලේ වගේ වන කරගත්තේ නැත්නම්...
මොකද ඇමතිතුමා 2023 ? කැරට් අල පෙන්නලා ලබන ඡන්දෙත් දිනන්නද කල්පනාව ? කතාව නම් දෝලාවෙන් , ගමන තමයි වෙන්නේ නැත්තේ .
බොරු කාරයෝ.. කෝ අල්ලපු හොරු ... ලොකු ටෝක්නේ අධිවේගේ හොරු ගැන තිබුනේ
2030 නම් ඔය අයට කවදාවත් බලය තියෙන්නේ නැහැ. ඔය අය කවදා යයිද කිය කියා තමයි බහුතරයක් මිනිස්සු බලා ගෙන ඉන්නේ. පරදින බව දන්න නිසානේ ඔය අය හැමදාමත් ඡන්දේ කල් දාන්නේ? ඒත් ඕක තව කොච්චර කල් කරන්න පුළුවන්ද? ඔය අය වැජඹුණා මිසක්, ඔය අය මේ අවුරුදු 2 1/2ට කිසිම හොද දෙයක් මිනිසුන්ට කරල නැහැ... නරක දේම පමණයි කරල තියෙන්නේ. මුළු කාලෙටම කරල තීයෙන්නේ "කථාව" පමණයි. ඕවට තමයි මිනිස්සු බදු ගෙව ගෙවා ඔය අයට සැප දීලා තියෙන්නේ. දැන් මංගල උන්නැහේ පාරේ ඉන්න හිඟන්නාට - සත පහක ආදායමක් නැති අනුන්ගෙන් යැපෙන මහල්ලා සහ ලෙඩුන්ට පවා ආදායම් බදු දෙපාර්තමේන්තුවේ අංකයකුත් වෙන් කරන්න හදන්නේ. මෙහෙම් ඇමතිවරුන් නඩත්තු කරන්න තමයි අපි බදු ගෙවන්නේ.
මේ උත්තමයා නමෝ විත්තියෙන් පාර්ලිමේන්තුවට ආවේ අර ඡන්දෙන් පත්වූ එස්. එල් ගුණසේකර මහත්තයව එලවල තව හිටපු මහාචාර්ය කෙනෙක්ගෙන් බලෙන් අත්සනක් අරන් කියලා... ඒ කාලේ පත්තරවල ගියා. දැන් නම් ඒවා කතාකරන්නෙත් නැහැ. හැබැයි කොහොම හරි හැමතැනින්ම තමන් ගොඩ. කවුරුහරි වෙන එකෙක් වලේ තමයි.
ඊට ඉස්සර ඔබලා සියලු දෙනා ඉවර වෙනවා.
බොහොමයක් දේශපාලකයෝ කියන්නේ දුර ඈත අවුරුදු වල නොම්මර. කරුණාකරලා කියන්න මේ වසරේ දෙසැම්බර් වෙනකොට ගෙවල් කීයක් හදනවද අයින්ක රන්නේ මොන ප්‍රදේශයේ පැල්පත්ද , ලබන අවුරුද්දේ දෙසැම්බර් වෙනකොට ගෙවල් කීයක් හදනවද . මේවගේ දේවල් ඕනෑම කෙනෙකුට කියන්න පුළුවන් නේ.
ඕවා කරන්න තිබ්බා මේ සර්ව ජන ඡන්ද බලේ කියන උගුල සුද්දා අටවලා නොතිබ්බා නම්...
එච්චර කල් ඉන්නද කල්පනාව? රටට දෙයියන්ගේම පිහිටයි.
දැන් අපේ ඡන්දෙන් ආපු යහපාලකයෝ ගෝඨාභය මහත්මයා ලස්සන කළ කොළඹට කරපු වින්නැහිය දකිද්දී අනේ අපොයි කියලා හිතෙනවා.
මේ නිවට දේශපාලුවා ඕනෑම පාහර වැඩක් කරනවා. හොරකම,වංචාව,කුමන්ත්‍රණ,බොරුව,එක්ක තමයි ජීවත් වෙන්නේ. මෙයා තමයි මේ රට විනාශ කරන එක ඒජන්ත කෙනෙක්.මෙයාට ඩොලර්වලින් තමයි සන්තෝසම් ලැබෙන්නේ.මේ වගේ අය නින්දාවක්,ලැජ්ජාවක්.