සෞඛ්‍ය-පොලිස් ඇතුළු,රජයේ සේවකයින්ගේ අග්‍රහාර රක්ෂණය දෙගුණයකින් වැඩි කෙරේ කොරෝනා වයිරසය මර්දනය කිරීමෙහි නිරත සෞඛ්‍ය, පොලිස්, සිවිල් ආරක්ෂක ඇතුළු රජයේ සේවකයින් සඳහා වන අග්‍රහාර රක්ෂණ ප්රතිලාභ දෙගුණයකින් වැඩිකිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. 26 March 2020
නිවසේ සිට වැඩ කරන කාලයක් නම් කරයි මාර්තු 30 වැනිදා සිට අපේුල් 3 වැනිදා දක්වා වු කාලය නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. 26 March 2020
ගාල්ලේ සමෘද්ධිලාභින්ට කෝටියකට වැඩි සහන ණය කොරෝනා වයිරස් තත්වය හේතුවෙන් සහන පියවර ණය වැඩසටහන යටතේ අද (26) දින ගාල්ල දිස්ත්‍රික්කයේ සමෘද්ධි ලාභින් 2778 දෙනෙකු සදහා රුපියල් එක්කොටි තිස් අට ලක්ෂ අනුහතර දහසක මුදලක් සමෘද්ධි බැංකු හරහා නිකුත් කළ බව ගාල්ල දිස්ත්‍රික් සමෘද්ධි කළමණාකරු ප්‍රියන්ත කාරියවසම් මහතා පවසයි. 26 March 2020
“ගොවි බිම් වල එළවළු අස්වැන්න නොරෝච්චෝල ආර්ථිකයට‘‘ කල්පිටිය අර්ධද්විපයේ ගොවි බිම් වල එළවළු අස්වැන්න අද ( 26 ) නොරෝච්චෝල ආර්ථික මධ්‍යස්ථානයට ලැබේමින් පවතින බව ආර්ථික මධ්‍යස්ථාන පාලනාධිකාරිය පවසයි. 26 March 2020
දකුණේ සත්ව ආහාර හිගයක් සත්ව ආහාර හිඟය නිසා තම ගොවිපොලවල් පවත්වා ගෙන යාමට අපහසුවි ඇතැයි දකුණු පළාතේ සත්ව ගොවි පොල හිමියෝ පවසති. 26 March 2020
ගාල්ල බන්ධනාගාරයේ සුළු වැරදි සම්බන්ධ සිරකරුවන් 28 කට ඇප ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය අද(26) 10 ක් ඇප මත මුදා හැරියාය. 26 March 2020
වැලිකන්ද රෝහලේ කොරෝනා අසාදිතයින් 10 ක් පොලොන්නරුව, වැලිකන්ද රෝහලේ දැනට ප්‍රතිකාර ලබන නව කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 10 ක් බව පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ.ධර්මසිරි මහතා පවසයි. 26 March 2020
ඩඩ්ලි සිරිසේන පොළොන්නරුව රෝහලට ලක්ෂ 55 ක උපකරණ පරිත්‍යාග කරයි වැලිකන්දේ පිහිටි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන සියලුම රෝගීන් වෙනුවෙන් රජය දරන සියලුම වියදම් තමා අද සිට දැරීමේ වගකිම භාර ගන්නා බව අරලිය සමුහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පැවසීය. 26 March 2020
තැපැල් කාර්යාල විවෘත කරන්න තැපැල්පති නියෝග ඇදිරිනීතීය ක්‍රියාත්මක නොවන අවස්ථාවන්හීදී අවම වශයෙන් දිනකට පැය දෙකක් සියලු තැපැල් ,උප තැපැල් කාර්යාල විවෘත කරන්නැයි තැපැල්පතිවරයා සියලු තැපැල් ස්ථානයන්ට දැනුම් දී තිබේ. 26 March 2020
පළමු ලාංකික කොරෝනා රෝගියා රුධිරය පරිත්‍යාග කරයි කොරොනා රෝගය වැළදී දැනට සම්පූර්ණ සුවය ලබා නිවසට පැමිණ සිටින සංචාරක මග පෙන්වන්නෙකු වන ජයන්ත රණසිංහ මහතා තම රුධිරය පරිත්‍යාග කිරීම සඳහා අද (26) කළුබෝවිල ශික්ෂණ රෝහලට කැඳවාගෙන ගිය බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක පද්මරාජ මහතා පැවසීය. 26 March 2020
රුසියාව වැඩ නොකරන සතියක් ප්‍රකාශයට පත් කරයි මාර්තු 28 සිට අප්‍රේල් 5 දක්වා සතියක කාලයේදී නිවසට වී සිටින්නැයි ද එම සතිය වැඩ නොකරන සතියක් ලෙස ප්‍රකාශයට පත් කරන්නේ යැයි ද රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පැවැසීය. 26 March 2020
වැඩි මිලට භාණ්ඩ අලෙවි කළ පෞද්ගලික වෙළඳ ආයතනයකට නඩු අන්තර්ජාලය හරහා භාණ්ඩ ඇණවුම් කළ හැකි කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පෞද්ගලික වෙළඳ ආයතනයක් පාලන මිලට වඩා වැඩි මිලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමේදී පාරිභොගික අධිකාරිය මඟින් ඊයේ (25) දහවල් නීතීයේ රැහැනට හසුකර ගනු ලැබීය. 26 March 2020
කොළඹ,ගම්පහ,කලුතර ඇඳිරිනීතිය 3 වැනිදා තෙක් කොළඹ, ගම්පහ සහ කලුතර යන දිස්ත්‍රික්ක තුනට පනවා ඇති ඇදිරි නිතිය ලබන මස 03 වැනිදා දක්වා දීර්ඝ කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ. 26 March 2020
‘අදත් කිසිදු කොරෝනා ආසාදිතයකු වාර්තා වී නැහැ’ කිසිදු කොරෝනා ආසාදිතයකු අද (26) දිනයේදීද මේ වනතුරු හමු නොවූ බවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කීවාය. 26 March 2020
පොලොන්නරුවේ කුඹුරු අක්කර 18000 ක් කීඩෑ උවදුරෙන් විනාශයි පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මෙවර මාස් කන්නයේ වී වගා කරන ලද කුඹුරු අක්කර 18,000 ක් පමණ කීඩෑ හානිය හේතුවෙන් විනාශයට පත්ව ඇතැයි පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ ධර්මසිරි මහතා අද (26) පැවැසීය. 26 March 2020
මැනිං මාරකැට්ටුවේ කළුකඩ වෙළෙදාම නවත්වයි පිටකොටුව මැනිං වෙළඳ පොළේ ඇතැම් වෙළඳුන් තුන් හතර ගුණයක් වැඩි මිලට එළවළු තොග අලෙවි කිරීම පාරිභොගික අධිකාරිය මඟින් අද (26) වළක්වනු ලැබීය. 26 March 2020
ආයෝජන මණ්ඩලයේ සියලු කම්හල් වසා දමන්න නියෝග ආයෝජන මණ්ඩලය යටතේ පවතින සියලු කම්හල් වසා දමන්නැයි කාර්මික අපනයන සහ ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ආයෝජන මණ්ඩලයට නියෝග කර ඇත. 26 March 2020
එක් ශ්වසන යන්ත්‍රයකින් රෝගීන් තිදෙනකුට එකවර ශ්වසනය එක් ශ්වසන යන්ත්‍රයකින් රෝගීන් තිදෙනකුට එකවර කෘතිම ශ්වසනය ලබා දිය හැකි වන පරිදි එම යන්ත්‍ර වැඩි දියුණු කිරීමට මහනුවර ජාතික රෝහලේ හෘද උරස් ඒකකයේ හෙද නිලධාරියෙක් වන ගාල්ලේ බිහාන් හිමාෂණ හපුතන්ත්‍රි මහතා සමත් ව ඇත. 26 March 2020
සෝනියාගේ සහායත් අගමැති මෝදිට ඉන්දීය කොංග්රස් පක්ෂ සභාපති සෝනියා ගාන්ධි මහත්මිය කොරෝනා වෛරසයට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධයෙන් සිය යෝජනා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට යොමු කර තිබේ. 26 March 2020
මාතලේ පුණ්‍යවර්ධන සමිතියෙන් අඩු ආදායම් ජනතාවට සහන රට තුළ පවතින තත්වය හමුවේ මාතලේ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභි ජනතාව සදහා සහන සැලසිමට අවශ්‍ය සහය ලබා දිම පිණිස මාතලේ ශ්‍රි පුණ්‍යවර්ධන සමිතිය මගින් රුපියල් ලක්ෂයක මුදලක් මාතලේ වාණිජ මණ්ඩලයේ සභාපති කේ.මහෙන්ද්‍ර මහතා වෙත ලබා දිම අද(26) සිදු කෙරුණී. 26 March 2020
මොරටු නගර සභාවෙන් නොමිලේම වියළි සලාක මල්ලක් මොරටුව මහනගර සභා බලප්‍රදේශයේ පවුල් 9000 ක් සඳහා වියළි සලාක මලු නොමිලේ බෙදා දීමේ වැඩසටහනක් මොරටු පුරපති සමන්ලාල් ප්‍රනාන්දු මහතාගේ සහ මන්ත්‍රීවරුන්ගේ සංවිධායකත්වයෙන් අද (26) සිදුකෙරිණි. 26 March 2020
කොරෝනා වයිරසයෙන් පිලිපීනයේ වෛද්‍යවරු 9ක් මරුට කෝවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් වෛද්‍යවරුන් 9 දෙනකු මියගොස් ඇතැයි පිලිපීන වෛද්‍ය සංගමය අද (26) ප්‍රකාශ කළේය. 26 March 2020
‘කොරෝනා යැයි සැක කිසිවෙකුත් කරාපිටියේ නැහැ’ කොරෝනා බවට සැක සහිත රෝගීන් කිසිවෙකුත් මේ වනවිට කරාපිටිය රෝහලේ නොමැති බවත් විශේෂිත වාට්ටුවේ ප්‍රතිකාර ලබමන් සිටි සියලුම දෙනා රෝහලෙන් පිටව ගොස් ඇති බවත් රෝහල් ප්‍රකාශකයෙකු පැවසිය. 26 March 2020
රට තුළ සිටින සංචාරකයන් 18,000 කට පහසුකම් මේ වන විට රට තුළ සිටින විදෙස් සංචාරකයින්ට රටේ පවතින වත්මන් තත්ත්වය තුළ අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මේ වන විට විදේශ අමාත්‍යාංශය හා අදාළ තානාපති කාර්යාල සමඟ කටයුතු කරමින් සිටින බව එම අධිකාරිය අද (26) පැවසීය . 26 March 2020
නිරෝධායනය අවසන් කළ තෙවැනි කණ්ඩායමත් පිටව යයි යුද හමුදාවේ අධීක්ෂණය යටතේ නිරෝධායනවලිය සාර්ථකව අවසන් කළ තවත් 223 දෙනෙකු අද (26) නිවෙස් බලා පිටත් කළ බව යුද හමුදාව පවසයි. 26 March 2020
මරණීය දණ්ඩනය ලබා සිටි තවත් අයෙක් ගෙදර යයි මිරුසුවිල් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමව වසර 05ක් බන්ධනාගාර ගත ව සිටි යුධ හමුදා විශේෂ බලකා දිගදුර විහිදුම් බලකායේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක මහතා විශේෂ ජනාධිපති සමාවක් යටතේ නිදහස් කර ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරයි. 26 March 2020
මේරියන්ස් සාමාජිකයෝ 12 දෙනා ස්වයං නිරෝධායනය වෙති ඕස්ට්‍රේලියාවේ සංගීත ප්‍රසංගයකට ගොස් පැමිණි ජනප්‍රිය ගායන ශිල්පි නලීන් පෙරේරා මහතා ප්රමුඛ මේරියන්ස් සංගීත කණ්ඩායමේ සාමාජිකයෝ 12 දෙනා සහ තවත් සංගීතඥයෙක්, ගායකයෙක්, හා ජනප්‍රිය නිවේදයකයෙක්, ඔවුන්ගේ නිවෙස්වලටම වී ස්වයං නිරෝධායනය වෙමින් සිටිති. 26 March 2020
කොළඹට ජල කප්පාදුවක් කොළඹ 1,2,3,6,7,8,9,10,11,12,13 යන පෙදෙස් වලට හදිසි බිද වැටිමක් හේතුවෙන් අද (26) රාත්‍රි 10 තෙක් ජල සැපයුම අත්හිටුවීමට තිරණය කර තිබෙන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. 26 March 2020
ඌවෙන් මහජන සහන කටයුතු විධිමත් කරන්න සම්බන්ධීකරණ ඒකකයක් කොරෝනා මර්දන වැඩපිළිවෙළ හා මහජන සහන කටයුතු විධිමත් කිරීම සඳහා සම්බන්ධිකරණ ඒකකයක් ඌව ආණ්ඩුකාර කාර්යාලයේ (26) අද ආරම්භ කළ බව ඌව ආණ්ඩුකාර ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥ රාජා කොල්ලුරේ මහතා පැවසීය. 26 March 2020
ඇඳන් - පරීක්ෂණ කට්ටල ගෙන්වන්න පෞද්ගලික අංශයටත් අවස්ථාව දෙන්නැයි රනිල් කියයි ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය රැකගැනීම සඳහා ස්වසනය පහසු කරවන ඇඳන් සහ ස්වසන රෝග සම්බන්ධයෙන් පරීක්ෂණ කළ හැකි උපකරණ කට්ටල මෙරටට ගෙන්වීමට පෞද්ගලික අංශයටද අවස්ථාව දෙන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රජයට දැනුම් දී තිබේ. 26 March 2020
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026