දමන ප්‍රා. සභාවේ මන්ත්‍රීවරයෙකුට කොරෝනා දමන ප්‍රාදේශීය සභාවේ උප සභාපති වෙනුර ප්‍රගීත් හෙට්ටිගමගේ (පොජපෙ) මහතාට සහ ඔහුගේ රියැදුරාට අහඹු ලෙස සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවකට අනුව කොවිඩ් - 19 කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව දමන සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි. 12 January 2021
අජිත් ප්‍රසන්න නිදහස් කරන්නැයි රණවිරුවෝ වීදි බසිති රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා වහා නිදහස් කරන ලෙස ඉල්ලා අද (12 ) ආබාධිත රණවිරුවෝ පිරිසක් සීනිගම දේවාලය අසළ උද්ඝෝෂණයක නිරතවූහ. 12 January 2021
ව්‍යාජ රන් සමඟ පුද්ගලයින් 6 ක් අත්අඩංගුවට රනින් සකසා ඇතැයි පවසා ව්‍යාජව සකස් කල (මරංචි) බෝල තොගයක් ගැණුම්කරුවන් රවටා අලෙවි කිරීමට තැත් කළ පුද්ගලයින් හය දෙනෙකු සමගින් එම ව්‍යාජ රන් සැකසීමට උපයෝගී කරගත් උපකරණ අද (12) අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසියේ අපරාධ විමර්ශන අංශය පවසයි. 12 January 2021
දින 12 ක් වවුනියාව නගර සීමාව හුදකලා කරයි කොවිඩ් -19 වයිරසය ව්‍යාප්තිය හේතුවෙන් දින 12ක කාලයක් වවුනියාව නගර සීමාව හුදකලා කර තිබීමට පියවරගත් බව වවුනියාව දිස්ත්‍රික් ලේකම් එස්.එම් සමන් බන්දුලසේන මහතා පැවසීය. 12 January 2021
දඹුල්ල වෑවලවැව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය නවතයි කන්ඩලම ජලාශයයේ ජල මට්ටම ඉහළයාමත් සමග දඹුල්ල වෑවලවැව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය අද(12) සම්පුර්ණයෙන් නවතා දමා ඇතිබව දඹුල්ල පොලිසිය කියයි. 12 January 2021
නිරෝධායනයට පෙර රංජන් බලන්න සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු එති සිරදඬුවම් නියමවූ හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා නිරෝධායනය සඳහා පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන පුහුණු මධ්‍යස්ථානයේ නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන යාමට පෙර හමුවීම සඳහා සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් අධිකරණ භූමිය ඉදිරිපස රැදී සිටිති. 12 January 2021
ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරියෙකුට කොරෝනා ජනාධිපති ආරක්ෂක අංශයේ සේවය කරන විශේෂ කාර්ය බලකා නිලධාරියෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි. 12 January 2021
රංජන් පල්ලන්සේන නිරෝධායන මධ්‍යස්ථානයට සිර දඬුවම් නියම වූ, හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා නිරෝධායනය සඳහා පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන පුහුණු මධ්‍යස්ථානයේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යවන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක (කොමසාරිස් පාලන) චන්දන ඒකනායක මහතා පැවසීය. 12 January 2021
රාජකාරියේදී නම්‍යශීලී වේලාවන් රාජකාරියේදී නම්‍යශීලී වේලාවන් හඳුන්වාදීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය. 12 January 2021
තම තමන් ගැන බලාගන්නා ලෙස මන්ත්‍රීවරුන්ට උපදෙස් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනකුටම මේ වන විට කොවිඞ් -19 වයිරසය අසාදනය වී තිබෙන බැවින් පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් තම තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිලිමත්වන ලෙස සෞඛ්‍ය බලධාරීන් විසින් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිල නොවන මට්ටමින් උපදෙස් දී ඇතැයි ඬේලි මිරර් පුවත් පත වාර්තා කරයි. තමන්ට කොරෝනා රෝග ලක්ෂණ ඇත්නම් ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් විමසිලිමත්වන ලෙසත් හැකි ඉක්මනින් තමන්ගේ වෛද්‍ය නිලධාරීන්ට ඒ සම්බන්ධයෙන් වාර්තා කරන 12 January 2021
කෝටි 10 ක් වටිනා මෝටර් රථ 17 ක චැසි හා ඇන්ජින් අංක වෙනස් කරලා වාහන කුලියට ලබා දෙන ස්ථාන වලට ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර වාහන ලබාගෙන ඒවායේ චැසි හා ඇන්ජින් අංක ව්‍යාජ ලෙස වෙනස් කර හා කොටස් කර විකුණන සංවිධානාත්මක කල්ලියකට සම්බන්ධ තිදෙනෙක් මුල්ලේරියාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය . 12 January 2021
පාර්ලිමේන්තු පොකුරක් බිහිවීමට ඉඩදෙනු එපා කොරෝනා මාරක වසංගතය රට හදන තැන ලෙස හැඳින්වෙන පාර්ලිමේන්තුව ද ආක්‍රමණය කර ඇත. ඉකුත් සිකුරාදා වාර්තා වූ පුවතකින් කියැවුණේ රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා කොරෝනා ආසාදිතයකු වී ඇති බවය. ඉරිදා වාර්තා වූයේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් මහතා ද ආසාදිතයකු බවය. එම හේතුව නිසාම මැති ඇමැතිවරුන් විසි දෙනකු පමණ නිරෝධායනයට යොමු කළ බවය. 12 January 2021
රංජන්ට වසර 4 ක බරපතල වැඩ සහිත සිරදඬුවම් අධිකරණයට අපහාස කළැයි චෝදනා ලැබු හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා එම චෝදනාවට වරදකරු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට වසර හතරක බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කළේය. 12 January 2021
බලන්ගොඩ නගර සභාවේ උණුසුම් තත්ත්වයක් බලන්ගොඩ නගරසභාවේ මාසික රැස්වීමේදී අද (12) දා උණුසුම් තත්ත්වයක් ඇති විය. 12 January 2021
ඓතිහාසික නාලන්දා ගෙඩිගේ ප්‍රතිමා ගෘහයේ ජල කාන්දුවක් ඓතිහාසික නාලන්දා ගෙඩි ගෙයි ප්‍රතිමා ගෘහයේ ජල කාන්දුවක් හටගෙන තිබේ. 12 January 2021
විල්පත්තුවට පුත්තලමෙන් ඇතුල්වීම තාවකාලිකව නවතා දමයි රාජාංගනය ජලාශයේ වාන් දොරටු 12 ක් විවෘත කිරීම හේතුවෙන් කලාඔයේ ජල මට්ටම ඉහළ යාම නිසා පුත්තලමේ සිට එළුවන්කුලම හරහා මන්නාරම දක්වා වන මාර්ගයේ විල්පත්තුවට ඇතුල්වීම නවතා දමා තිබේ. 12 January 2021
තවත් කොරෝනා මරණ 8 ක් කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් අට දෙනෙකු මිය ගොස් ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව අද (11) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 11 January 2021
අද දිනයේදී කොරෝනා ආසාදිතයන් 568 ක් මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ බන්ධනාගාර පොකුරු වලින් අද (11) දිනට කොරෝනා ආසාදිතයින් 568 දෙනෙකු හදුනාගෙන තිබේ. 11 January 2021
යුක්රේන සංචාරකයෝ දළඳා වඳින්න යති සංචාරකයින් ගෙන්වා ගැනීමේ අරමුණින් රජයේ නියමු ව්‍යාප්තිය යටතේ ශ්‍රී ලංකාවට පැමිණි යුක්රේන ජාතික සංචාරකයින් පිරිසක් අද (11) මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ සංචාරයක නිරත වූහ. 11 January 2021
ට්‍රම්ප්ට දෝෂාභියෝගයක් කොංග්රස් මණ්ඩල සැසියට බාධා කිරීමට විරෝධතාකරුවන් උසි ගැන්වූයේ යැයි යන චෝදනාවට ලක් වී සිටින ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයක් ගෙන ඒමට ඩිමොක්රටික් පක්ෂය සැරැසෙයි. 11 January 2021
සාලිය පීරිස් - කුවේර ද සොයිසා සභාපති සටනට එති ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ 2021/2022 වර්ෂය සඳහා සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා පැවැත්වෙන නිලවරණය සඳහා තරඟ කිරීමට ජනාධිපති නීතීඥ සාලිය පිරිස් මහතා සහ ජනාධිපති නීතීඥ කුවේර ද සොයිසා මහතා අද (11) සිය නාම යෝජනා බාරදුන්හ. 11 January 2021
සී.අයි.ඒ. සංවිධානයේ නව ප්‍රධානියා විලියම් බර්න්ස් ඇමෙරිකා එක්සත් ජනපදයේ මධ්‍යම බුද්ධි ආයතනය හෙවත් ‘සී.අයි.ඒ’ සංවිධානයේ ප්‍රධානියා ලෙස රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු වන විලියම් බර්න්ස් පත් කිරීමට එරට තේරී පත්වූ ජනාධිපති ජෝ බයිඩන් පියවර ගෙන ඇත. 11 January 2021
බලන්ගොඩ ඇගලුම් කම්හලක් වහයි බලන්ගොඩ කුමාරගම ප්‍රදේශයේ ඇති ඇගලුම් කර්මාන්තශාලාවකට කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයකු පැමිණ ගොස් තිබීම හේතුවෙන් එම ඇගලුම් කම්හල අද (11) දා සවස සිට තාවකාලිකව වසා දැමිමට උපදෙස් ලබා දුන් බව බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි. 11 January 2021
මාතර පුද්ගලික රෝහලක් වසාදැමීමට නියෝග මාතර නගරයේ ප්‍රසිද්ධ පුද්ගලික රෝහලක වෛද්‍යවරයෙකු ඇතුළු 5 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව හෙළි වීමත් සමග එම රෝහල තාවකාලිකව වසා තැබීමට නියම කළ බව මාතර පුරපති රංජිත් යසරත්න මහතා පැවසීය. 11 January 2021
කම්කරු මහලේකම් කාර්යාලයට එන්න එපා සේවක අර්ථසාධක අරමුදල් ප්රතිලාභ ලබා ගැනීම සඳහා අයදුම් පත් බාර දීමට නාරාහේන්පිට කම්කරු මහ ලේකම් කාර්යාලයට පැමිණීමෙන් වළකින්නැයි කම්කරු දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි. 11 January 2021
අත්හිටවූ දුම්රිය කිහිපයක් යළි ධාවනයට කොවිඩ් - 19 සෞඛ්යාරක්ෂක සංචරණ සීමා ලිහිල් කිරිම හේතුවෙන් දුම්රිය මගී සංඛ්‍යාව වැඩිවීම සහ එම මගී ජනතාව සෞඛ්‍යාරක්ෂිතව ගමන් කිරිම සඳහා දැනට අත්හිටුවා ඇති දුම්රිය ගමන් වාර කිහිපයක් නැවත ධාවනයට එක් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 11 January 2021
පුත්තලම ඩිපෝවේ රියදුරන් - කොන්දොස්තරවරුන් 44 ක් නිරෝධායනයට පුත්තලම ලංගම ඩිපෝවේ රියදුරන් හා කොන්දොස්ර වරුන් 44 දෙනෙකු වහාම නිවෙස් තුළ ස්වයං නිරෝධායනයට යොමු කළ බව පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි චන්රු ප්‍රනාන්දු මහතා පවසයි. 11 January 2021
බෙහෙත්පෙති නිපදවන කැල්සයිට් ශ්‍රී ලංකාවේදී නිෂ්පාදනය කිරීමට යයි බෙහෙත් පෙති ඇතුළු නිෂ්පාදන රැසකට භාවිතා කරන කැල්සයිට් මෙරට දීම නිශ්පාදනය ආරම්භ කිරීමට තීරණය රජය තිරණය කර ඇත. 11 January 2021
මාංචෝලේ ග්‍රාම නිලධාරි වසම හුදකලා කරයි කින්නියා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයෙන් තවත් කොවිඩ් 19 ආසාදිතයන් පස්දෙනෙකු හමුවිමත් සමග රෝග ව්‍යාප්තිය පාලනය කිරිම සදහා වහාම ක්‍රියාත්මක වන පරිදි මාංචෝලේ ග්‍රාම නිලධාරි වසම හුදෙකලා කර සංචරණ සීමා පැනවීමට තීරණය කළ බව ත්‍රිකුණාමල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ඩි.ජි.එම් .කොස්තා මහතා පැවසීය. 11 January 2021
අලුත්ගම-බේරුවල-පයාගල අහඹු පරීක්ෂණවලින් 75කට කොරෝනා අලුත්ගම, පයාගල ,බේරුවල පොලිස් වසම් තුනෙහි සිදුකරන ලද ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණවලින් පුද්ගලයන් 75 දෙනෙකු කොවිඩ් 19 ආසාදිත බව තහවුරු කරගෙන ඇතැයි බේරුවල ප්‍රාදේශීය ලේකම් චතුර මල්රාජ් මහතා අද (11 )සඳහන් කළේය. 11 January 2021
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026