පක්ෂ සාමාජිකත්වය ඉවත් කිරීමට එරෙහිව රතන හිමියෝ ශ්‍රේෂ්ඨාධිකරණයට අපේ ජනබල පක්ෂය විසින් සිය පක්ෂ සාමාජිකත්වය ඉවත් කිරීමට ගත් තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා රාජගිරිය සදහම් සෙවණ නිර්මාතෘ පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ අද (11) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ පෙත්සමක් ගොනු කළේය. 11 November 2021
මහබාගේ අනතුරින් තුවාල ලැබූ සිසුවාත් මරුට බාල වයස්කාර දරුවකු පැදවූ මෝටර් රථයට ගැටීමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබූ 17 හැවිරිදි සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය කියයි. 11 November 2021
දැරණියගල නිදන් හෑරූ ග්‍රාම සේවක ඇතුඵ පහක් දැලේ දැරණියගල උඩහේන්කන්ද ප්‍රදේශයේ නිදන් හාරමින් සිටි බව කියන ග්‍රාම නිලධාරීවරයකු ඇතුළු පුද්ගලයින් පස් දෙනකු සැකපිට අද (11) අත් අඩංගුවට ගත් බව දැරණියගල පොලිසිය කියයි. 11 November 2021
රන්ජන් ජාතික රෝහලට අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ඇතිවූ දණහිසේ ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සදහා අද (11) කොළඹ ජාතික රෝහලට රැගෙන ගොස් ඇතැයි බන්ධනාගාර මූලස්ථානය පවසයි. 11 November 2021
කෘෂි ඇමැති අවි ගත් තරුණයන්ට උදැල්ල දෙන්න යයි උතුරේ තරුණ පිරිස කෘෂිකර්මයට යොමු වන්නේ නම් ඊට අවශ්‍ය ඉඩම් හා ආධාර දෙන්න සුදානම් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 11 November 2021
ඇමතිට ඉඩ ගන්න හිටපු ඇමති කෑම මේසෙන් නැගිට්ටුවලා බස්නාහිර පළාත නියෝජනය කළ, හිටපු ඇමැතිවරයකු අනුරාධපුරයේ අටමස්ථානය වඳින්නට සිය බිරිඳ සමඟ පිටත්ව ගියේ විවාහ සංවත්සරය වෙනුවෙනි. 11 November 2021
ශ්‍රේෂ්ඨාධිකරණය චීන පොහොර ගැන සහතිකයක් ඉල්ලයි චීනයෙන් ආනයනය කරන ලද හානි කර ක්ෂුද්‍ර ජීවීන් අඩංගු බව කියන කාබනික පොහොර මෙරටට ගොඩ නොබාන බවට විෂයභාර ඇමැතිවරයා අධිකරණයට පොරොන්දුවක් ලබා දීමට සූදානම්දැයි යන්න විමසා දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණය අද (11) නීතිපතිවරයාට දැනුම් දුන්නේ ය. 11 November 2021
‘පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු ලැබුණු පසු කළේ කුමක්ද සොයන්න’ පාස්කු ප්‍රහාරය ගැන ඉන්දියාවෙන් තොරතුරු ලැබුණු පසුව කළේ කුමක් දැයි සෙවිය යුතු බව හිටපු අග්‍රාමාත්‍ය පත් කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා (එජාප) පාර්ලිමේන්තුවේ දී අද (11)පැවසීය. 11 November 2021
ගම්පොළ හෝටලයක් අටබාගේ ඔයට පෙරළෙයි-වීඩියෝ ගම්පොළ - නුවරඑළිය මාර්ගයේ අටබාගේ ප්‍රදේශයේ හෝටලයක් සහිත දෙමහල් ගොඩනැගිල්ලක් නාය ගොස් අටබාගේ ඔයට පෙරළී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. 11 November 2021
’’ ගෙවල් තුනක ඉන්නවා කියලා ඔප්පු කළොත් මන්ත්‍රීධූරයෙන් ඉවත් වෙනවා’’ තමා ගෙවල් තුනක් යා කර සෑදූ නිවෙසක සිටින බවට මහින්දානන්ද අලුත්ගමගේ ඇමැතිවරයා කළ ප්‍රකාශය ඔප්පු කළහොත් තමා මන්ත්‍රීධූරයෙන් ඉවත් වන බව හිටපු ජනාධිපති, පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවැසීය. 11 November 2021
මන්ත්‍රී විජේදාසගේ පෙත්සම සලකා බලන්න දිනයක් දෙයි මාලබේ පිහිටි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණික ආයතනය (SLIT)යළි මහපොළ භාරකාර අරමුදලට පවරා ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සදහා දෙසැම්බර් මස 01 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) තීරණය කළේය. 11 November 2021
රාජ්‍ය ජායාරූප උලෙළ පැවැත්වෙයි 2021 රාජ්‍ය ජායාරූප උලෙළ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී ජාතික උරුම, ප්‍රසංග කලා හා ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධනය කටයුතුරාජ්ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පැවැත්වුණි. 11 November 2021
'බුද්ධි අංශ නිලධාරීන් සහරාන් හෂීම් හමුවෙලා නැහැ' බුද්ධි අංශ නිලධාරීන් සහරාන් හෂීම් නමැත්තා හමුවූ බව ඔහුගේ බිරිඳ වන ෆාතිමා සාදියා නැමැත්තිය කිසිවිටකත් ප්‍රකාශ කර නැතැයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා ඇයගේ කට උත්තරය සභාගත කරමින් පාර්ලිමේන්තුවේදී අද (11) පැවැසීය. 11 November 2021
නඩු ප්‍රමාදයට හේතුව අධිකරණ ඇමැති කියයි නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරීන් සහ නීති නොවන කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 600 දෙනකුගේ හිඟයක් පැවතීම නිසා අපරාධ නඩු සඳහා උපදෙස් ලබාදීම ප්‍රමාදවීමට ප්‍රධාන හේතුවක්වී ඇතැයි නීතිපතිවරයා දැනුම්දී ඇති බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවැසීය. 11 November 2021
කොළඹ ප්‍රදේශ රැසකට සති අන්තයේ ජල කප්පාදුවක් එළැඹෙන සති අන්තයේ කොළඹ ප්‍රදේශ රැසකට පැය 28ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසයි. 11 November 2021
කොළඹ - මහනුවර මාර්ගය විවෘත කිරීම යළි කල් යයි කොළඹ - මහනුවර මාර්ගය අද දහවල් 1.00 විවෘත කිරීමට තීරණය කළ ද ඉහළ කඳුකර ප්‍රදේශයට ඇද හැළෙන තද වර්ෂාව නිසා එම තීරණය වෙනස් කළ බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා පවසයි. 11 November 2021
උඩවලවේ අලි හොරකමක් වැළැක්වූ නිලධාරීන්ට විපක්ෂනායකගේ ප්‍රසාදය උඩවලව ජාතික වනෝද්‍යානයේ පනහඩුව ප්‍රදේශයේදී අවුරුදු හතක් පමණ වයසැති වන අලියකු කකුල් ලණුවලින් බැඳ සොරකම් කිරීමට උත්සාහ දරා ඇති බවත් මෙම උත්සාහය උද්‍යාන බාරකාර රණතුංග මහතා ඇතුළු වනජීවී නිලධාරින් සහ දියතලාව යුද හමුදා කඳවුරේ නිලධාරීන් වළක්වා තිබූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවැසීය 11 November 2021
අන්තරේ කැඳවුම්කරු ඇතුළු 5 දෙනාට ඇප බන්ධනාගාරගත කර සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ඇතුලු පස් දෙනෙකු ඇප මත මුදා හරින ලෙස හෝමාගම මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතාමගින් අද ( 11) නියෝග කළේය. 11 November 2021
'කොළඹ ව්‍යාපාරිකයන්ට, බ්‍රිගේඩියර්වරුන්ට සීතල සැප ගන්න සූරියකන්දේ ඉඩම් බෙදලා' ඉඩම් ඇමැතිවරයා කොළඹ ව්‍යාපාරිකයන් සහ හමුදාවේ බ්‍රිගේඩියර්වරුන් 34 දෙනෙකුට සීතල සැප ගැනීමට සූරියකන්ද පනිලකන්ද ප්‍රදේශයේ ජනතාවගේ ඉඩම් අක්කර 4,8 ,10 බැගින් ලබාදී ඇතැයි සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේශා විතානගේ මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවැසීය. 11 November 2021
කැත්තෙන් මරුවා එයි ආරාවුලක් දුර දිග යාමෙන් පසුව ගල්කඩවල ප්‍රදේශයේ නිවසක් තුලදි 34 හැවිරිදි පුද්ගලයෙකු කැත්තකින් කපා කොටා ඝාතනය කොට ඇතැයි ඇලයාපත්තුව පොලිසිය කියයි. 11 November 2021
මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන්ටත් කොරෝනා දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතාටද කොවිඩ් ආසාදනයවී ඇත. 11 November 2021
’’මෙවර අය වැයෙන් සහනයක් අපේක්ෂා කරන්න බෑ’’ මෙවර අය වැයෙන් කිසිදු සහනයක් අපේක්ෂා කළ නොහැකි අතර එය ජනතා අපේක්ෂා සුන් කරන අයවැයක් වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය. 11 November 2021
විදුලි කොන්ත්‍රාත් සේවකයන් කැපූ පොල් ගසට සය දරුපියා බිලි විදුලි බල මණ්ඩලයේ කොන්ත්‍රාත් සමාගමක සේවකයන් පිරිසක් අනාරක්ෂිත ලෙස කපා දැමූ පොල් ගසක් පාරේ ගමන් ගත් යතුරුපැදියක් මතට ඇද වැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් පියා මිය ගොස් දියණිය බරපතළ තුවාල ලබා ඇතැයි අනුරාධපුර පොලීසිය පවසයි. 11 November 2021
කොස්ලන්ද ප්‍රාථමිකයේ විදුහල්පතිට කොරෝනා හල්දුම්මුල්ල කොස්ලන්ද ප්‍රාථමිකයේ විදුහල්පතිවරයාට කෝවිඩ් 19 ආසාදිත වී ඇති බවට තහවුරු වීමත් සමග එම විදුහල දින තුනකට වසා දැමීමට පියවර ගත් බව බණ්ඩාරවෙළ කලාප අධ්‍යාපන අධ්යක්ෂ ආර්. එම්. ආරියදාස මහතා පවසයි. 11 November 2021
වැසි තත්ත්වයේ අඩුවක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපා තිබූ තද වැසි සහිත කාලගුණ තත්වය අදින් (11) පසු සාපේක්ෂව අඩු වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 11 November 2021
තිරුකුමාර්ගේ බැංකු වාර්තා කැඳවා ඇතැයි ජනපතිට දැනුම් දෙයි ආන්දෝලනාත්මක පැන්ඩෝරා සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාල තිරුකුමාර් නඩේෂන් මහතාගේ බැංකු ගිණුම් වාර්තා, අදාළ බැංකු හා මුල්‍යායතන මගින් කැඳවා ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් ඩබ්ලිව්. කේ.ඩී. විජේරත්න මහතා දැනුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි. 11 November 2021
අද ආසාදිතයන් 693 ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 205 දෙනකු අද(10) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 10 November 2021
ආපදා තත්වයෙන් 2,12,000කට වැඩි පිරිසක් පීඩාවට දින ගණනාවක් තිස්සේ ඇදහැලෙන මහ වැසි සමඟ ඇතිවූ ගං වතුර, නායයෑම්, අකුණු සහ සුළං හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 17 ක පවුල් 60,264 කට අයත් 2,12,060 දෙනෙක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 10 November 2021
කොවිඩ් මරණ 16ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 16 දෙනකු ඊයේ (9) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (10) තහවුරු කළේය. 10 November 2021
වසර 24කට පසු කාන්තා පොලිස් ස්ථානාධිපතිනියක් මෙරට ඉතිහාසයේ පොලිස් ස්ථානයක් සඳහා පත්වන දෙවන පොලිස් ස්ථානාධිපතිනිය ලෙස කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. එම්. අයි කාංචනා සමරකෝන් මහත්මිය හෙට (11) වැඩ භාරගැනීමට නියමිතය. 10 November 2021
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026