පේවී ගිනි පෑගීමට ගිය තරුණ මව මරුට කොළඹ ආමර් වීදියේ පිහිටි දේවාලයක වාර්ෂික මංග්‍යයේ ගිනි පෑගීමේ චාරිත්‍රයට සහභාගී වූ 26 හැවිරිදි එක්දරු මවක් දෙපා පිලිස්සීමෙන් මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 19 January 2022
සෞරග්‍රහ මණ්ඩලයේ රජුට වඩා විශාල ග්‍රහලෝකයකු සොයා ගනී නාසා හි පුරවැසි විද්‍යාඥයකු වූ ටොම් ජේකොබ් මහතා අපේ සෞරග්‍රහ මණ්ඩලයේ රජුට වඩා තුන් ගුණයකින් විශාලත්වයෙන් යුත් ග්‍රහලෝකයක් ආලෝක වර්ෂ 379ක් ඈතින් සිටින බව හඳුනාගෙන ඇත. 19 January 2022
ප්‍රංශයෙන් ඉකුත් 24 පැයේ ඔමික්‍රෝන් ආසාදිතයන් ලක්ෂ පහට ආසන්න වෙයි ප්‍රංශයෙන් ඉකුත් පැය 24 ක කාලය තුළ කොරෝනා ආසාදිතයන් 464,769 වාර්තා වී ඇතැයි එරට නිල වාර්තා උපුටා දක්වමින් ප්‍රංශ වාර්තා පවසයි . 19 January 2022
දෙහිවල සත්වෝද්‍යාන සේවකයෝ තව දුරටත් සත්‍යග්‍රහයේ සත්වෝද්‍යාන දෙපාර්තමෙන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරිය සහ දෙහිවල සත්වෝද්‍යානයේ පශු වෛද්‍යවරු ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් එම සත්වෝද්‍යානයේ සේවකයන් අද (19) දෙවැනි දිනටත් සත්‍යග්‍රහයේ නිරතව සිටියහ. 19 January 2022
කොරෝනා ආසාදිතයන්ගේ වැඩි වීමක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 829 දෙනකු අද (19) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 19 January 2022
කැලණිතිස්ස බිඳවැටීමෙන් ප්‍රදේශ රැසක් අඳුරේ කැලණිතිස්ස බලාගාරය විදුලිය ජනනය අද (19) පස්වරුවේ සම්පූර්ණයෙන්ම අත්හිටුවීම නිසා අද පස්වරුවේ 6.00 සිට රාත්‍රී 9.30 දක්වා කොටස් හතරක් යටතේ විදුලිය විසන්ධි කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. 19 January 2022
කොරෝනා මරණ 12ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 12 දෙනකු ඊයේ (18) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (19) තහවුරු කළේය. 19 January 2022
පොහොර ගැටළුවට විසඳුම් ඉල්ලා අදත් ගොවියෝ පාරට අහිමි කළ පොහොර සහනාධාරය නැවත ලබා දෙන ලෙසත්, වගාවන්ට සුදුසු පොහොර ලබා දී රජය මගින් ලබාදුන් කාබනික පොහොර භාවිතා කිරිම නිසා හානි වූ සියලු වගාවන්ට වන්දි ලබාදෙන ලෙසත් ඉල්ලා රජයට බල කරමින් ජනතා උද්ඝෝෂණයක් ඊයෙ(19) දහවල් හොරොව්පොතාන නගරයෙදී පැවැත්විණි. 19 January 2022
අයි.සී.සී විස්සයි 20 කණ්ඩායමට වනිඳු නමත් අන්තර් ජාතික ක්‍රිකට් සභාව අද (19) නිවේදනය කළ පසුගිය වසරේ (2021) ලෝක විස්සයි20 ක්‍රිකට් පිලට ශ්‍රී ලංකා යොවුන් තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසංරංග ඇතුළත්ව සිටියි. 19 January 2022
ලිත් නඩුවේ විත්තිකරුවන් නිදහස් කරනවාද තිරණය ලබන 1 දා 2015 ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ඇතුළත් කොට දිවි නැඟුම දෙපාර්තමෙන්තුවේ මුදලින් ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කොට රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කල බවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ දිවි නැඟුම දෙපාර්තමෙන්තුවේ හිටපු අධ්යක්ෂ ජනරාල්වරයාට එරෙහි නඩුවේ විත්තිකරුවන් නිදහස් කරන්නේද? ඔවුන් වෙනුවෙන් සාක්කි කැඳවන්නේදැයි නියෝගය ලබන මස පළමුවැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද දැනුම් 19 January 2022
විදුලිය කපන්නේ කාලසටහනකට විදුලි සැපයුම හදිසියේ විසන්ධි කිරීමට සිදුවුවහොත් එය කාලසටහනකට අනුව ක්‍රියාත්මක කරන බවත් එසේ වුවහොත් කොට්ඨාස හතක් හෝ අටක් ලෙස විදුලිය විසන්ධි කරන බවත් විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසීය. 19 January 2022
පාර්ලිමේන්තුවේ ගෞරවය රැකීම සියලු මන්ත්‍රීවරුන්ගේ වගකීමයි අපහාස කතා බොරු චෝදනා නොගැලපෙන වදන් නිසා පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවයට පසුගිය කාලයේදී විවිධ හානි සිදුවූ බවත් පාර්ලිමේන්තුවේ අභිමානය සහ ගෞරවය රැක ගැනීම මෙම සභාවේ සියලුම මන්ත්‍රීවරුන්ගේ වගකීම බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය. 19 January 2022
ජ.වි.පෙ පා ගමනට බිත්තර ප්‍රහාරයක් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට පවරා දීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ විරෝධතා පා ගමනක් මරදාන ටෙක්නිකල් හන්දියේ සිට කොටුව දෙසට ගමන් කරමින් සිටියි. 19 January 2022
‘‘කෙරවලපිටිය ගිවිසුමට අමාත්‍ය මණ්ඩලයෙ අනුමැතිය ලැබිලා‘‘ කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමට ගත් තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ පෙත්සම් අද යළි සලකා බැලීම අද (19) යළි සිදුකෙරිණි. 19 January 2022
‘අයි.එම්.එෆ් බිල්ලෙක් නොවේ‘ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දෙස බැලිය යුත්තේ බිල්ලකුගේ ස්වරූපයක් මවාගෙන නොවේ යැයි කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 19 January 2022
තේරීම් කාරක සභාවට ආණ්ඩුවේ-විපක්ෂයේ මන්ත්‍රීවරු 12ක් නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරයේ තේරීම් කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (19) පත් කරනු ලැබීය. 19 January 2022
වරාය අධිකාරියේ සභාපති පුටුවට අලුත් මුහුණක් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න මහතා අද (19) පත්කර තිබේ. 19 January 2022
අගනුවර වෙනස් කරන්න පාර්ලිමේන්තුවේ අනුමැතිය ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර වෙනස් කිරීමට එරට ජනාධිපති යෝකෝ විඩෝඩෝ ප්රමුඛ රජය ගත් තීරණයට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය. 19 January 2022
‘‘වසර 26කට පෙර හමුවූ රයිනොසිරස් ගැන හොයන්න කවුරුත් නෑ‘‘ වසර 80,000 පෙර මෙරට ඇති වූ උල්කාපාත වාර්ෂාවකින් මියගිය බවට සැක කරන ශ්‍රී ලංකාවේ ජිවත් වූ රයිනෝසිරස් රංචුවකගේ හිසි කබල් ඇතුළු අස්ථි කොටස් මඩොල්සිම හා රිලාඋළු කඳු පාමුල ලුණුගල වෙල්යායක අඩි 80ක් යට මැණික් පතලක මිහිදන්ව තිබෙන බව පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ සත්ත්ව විශේෂඥ කැලුම් නලින්ද මනමේන්ද්‍ර ආරච්චි මහතා පවසයි. 19 January 2022
නීති දමා මන්ත්‍රී විනය හදන්න කියයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ගැන ක්‍රියා කිරීමට නීති මාලාවක් අවශ්‍ය බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ පත්කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 19 January 2022
හමුදා කැඳවීමට ජනපතිගෙන් විශේෂ ආඥාවක් මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා රටපුරා සන්නද්ධ හමුදා කැඳවීමට අදාලව ජනාධිපතිවරයා විසින් විශේෂ ආඥාවක් නිකුත් කරනු ලැබ ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය. 19 January 2022
අයිස් පොවා තරුණියන් දූෂණය කළැයි කියන ඒජන්සිකරු අල්ලයි මහනුවර ප්‍රදේශයේ ‘අයිස්‘ නැමැති මත්ද්‍රව්‍ය හා හෙරොයින් බෙදා හරිමින් තරුණියන් හා කාන්තාවන්ට ද මත්ද්‍රව්‍ය ලබා දෙමින් ඔවුන් දුෂණයට ලක් කළ බව කියන විදේශ රැකියා ඒජන්සියක හිමිකරුවෙක් අද (19) අත්අඩංගුවට ගත් බව මහනුවර කොට්ඨාස දූෂණ මර්දන අංශය කියයි. 19 January 2022
සේවකයන්ට ගෙවන වන්දිය ඉහළ නැංවීමට අනුමැතිය සේවයේ යෙදී සිටියදී හදිසි අනතුරු හේතුවෙන් මරණයට සහ ආබාධිත තත්වයට පත්වන සේවකයන් වෙනුවෙන් ගෙවනු ලබන වන්දි මුදල් ඉහළ නැවීමට හැකි වන පරිදි සේවක වන්දි ආඥාපනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක, බලශක්ති අමාත්‍ය, උදය ගම්මන්පිල මහතා පැවසීය. 19 January 2022
නව ගුවන් පාලම් හතරකට අනුමැතිය නව ගුවන් පාලම් හතරක් ඉදිකිරීම සඳහා මහාමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. 19 January 2022
පී.බී ගේ පුටුවට ගාමිණි සෙනරත් නව ජනාධිපති ලේකම්වරයා ලෙස ගාමිණි සෙනරත් මහතා අද (19) පෙරවරුවේ එම ධුරයේ වැඩ භාරගෙන තිබේ. 19 January 2022
ජර්මන් - ජපන් යුද නෞකා පිටත්ව යයි ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ එක්ව ශ්‍රී ලංකා මුහුදු කළාපයේ නාවික අභ්‍යාසයක නිරත වූ ජර්මාන් සහ ජපන් නාවික හමුදාවන්ට අයත් නෞකා නාවික අභ්‍යාසය අවසන් කර පිටත්ව ගියේය. 19 January 2022
ජාතික දන්ත රෝහලේ ‘එක්ස්රේ කාඩ්’ නෑ කොළඹ ජාතික දන්ත රෝහලේ මාස කීපයක සිට කුඩා ප්‍රමාණයේ ‘එක්ස්රේ කාඩ්’ නොමැති වීමෙන් ‘එක්ස්රේ’ පරීක්ෂණ වාර්තා ලබාගත යුතු රෝගීහූ දැඩි අපහසුතාවට පත්ව සිටිති. 19 January 2022
වෙළේ වැටි මියගියැයි සිතුවත් සිහිය තිබිලා යතුරු පැදිය අනතුරට ලක්ව බරපතල තුවාල ලබා සිහිසුන්ව හාලිඇල-බණ්ඩාරවෙළ මාර්ගයේ උඩුවර වෙළට වැටී සිටි යුද හමුදා කෝප්‍රල්වරයෙක් අනතුර සිදුව පැය කීපයකට පසු පොලිසිය විසින් රෝහල්ගත කරනු ලැබීය. 19 January 2022
දේවස්ථාන බෝම්බ සිද්ධියේ සැකකාර වෛද්‍යවරයාගේ නිවසේ ගිනි අවි බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට බෝම්බ තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිළියන්දල විශ්‍රාමික වෛද්‍ය අධිකාරීවරයාගේ සුවිසල් නිවස තුළ තිබී ගිනි අවි ඇතුළු ආයුධ රැසක් සොයා ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි 19 January 2022
විදුලිබල මණ්ඩලයට ඩීසල් මෙට්‍රික්ටොන් 10,000 ක් ලංකා විදුලිබල මණ්ඩලයට විදුලිය උත්පාදනය සඳහා ඩීසල් මෙට්‍රික්ටොන් 10,000 ක් ලබාදෙන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය. 19 January 2022
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026