මත්තලට අලුතින් එන ජාත්‍යන්තර ගුවන් සේවාවලට සහන පැකේජයක් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ කාලසටහන් ගත ගුවන් මෙහෙයුම් ආරම්භ කරන ගුවන් සමාගම් සදහා විශේෂ සහන පැකේජයක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අද (20) පැවසීය. 20 September 2021
එල්.එන්.ජී. ගිවිසුම අස්සන් කළ අය බකමූණන්ද? ආන්දෝලනාත්මක තත්වයකට පත්ව තිබෙන කෙරවලපිටිය එල්.එන්.ජී. විදුලි බලාගාරය සම්බන්ධ ගිවිසුම පසුගිය 17 වැනිදා මධ්‍යම රාත්‍රීයේ අස්සන් කර ඇති බවත් එම ගිවිසුම අස්සන් කළ අය බකමූණන් දැයි ජනාතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ප්‍රශ්න කරයි. 20 September 2021
බදු නියෝග 15ක් හෙට මැතිසබයට බදු නියෝග පහළොවක් සහ ආනයන අපනයන රෙගුලාසි කිහිපයක් අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට හෙට (21) ඉදිරිපත් කෙරේ. 20 September 2021
කුඹුර ඉල්ලා මව-පියට ගැසූ ප්‍ර.සභා මන්ත්‍රී පුතා තමා නමට කුඹුර ලියා දෙන්නැයි බල කරමින්වැලිගම ඉබ්බාවල ප්‍රදේශයේ පිහිටි සිය සහෝදරයාගේ නිවසට පැන වයස්ගත මවට,පියාට හා නෑනාට පොල්ලකින් පහර දී තුවාල සිදු කළ බව කියන වැලිගම ප්‍රාදේශීයසභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු සැක පිට අත්අඩංගුවටගැනීම සදහා පරීක්ෂණ පවත්වන බව වැලිගම මූලස්ථාන පොලීසිය පවසයි. 20 September 2021
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 25ක් ඒ.එස්.පී නිලයේ වැඩ බැලීමට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 25 දෙනෙක් සහකාර පොලිස් අධිකාරි නිලයන්හි තාවකාලිකව රාජකාරි ආවරණය සඳහා පොලිස්පතිවරයා විසින් යොදවනු ලැබ සිටිති. 20 September 2021
හිරමන පහරින් සැමියා එලොව යැවූ බිරිය අල්ලයි යාපනය පුම්බුහාර් ප්‍රදේශයේ නිවසක අඹුසැමි ආරවුකදී සැමියා ඝාතනය කලේ යැයි සැක පිට බිරිඳ අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය පවසයි. 20 September 2021
ජනපති එක්සත් ජාතින්ගේ මහලේකම් හමුවෙයි ජාතීන් අතර සමගිය වර්ධනය කර ගනිමින් ඉදිරියට ගමන් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපරිම සහාය ඉතා ධනාත්මකව ශ්‍රී ලංකාවට ලබාදෙන බව එහි මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේ පැවැසීය. 20 September 2021
හැටන් වැවේ ගිලි දෙකක් මරුට හැටන් වටවල ලොනැක් වතුයායේ පිහිටි වැවෙහි දිය නැමට ගොස් තරුණයක් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 20 September 2021
පියාට එල්ල කළ වෙඩි පහරින් 15 හැවිරිදි පුතා මරුට වීරකැටිය ගජනායක ගම ප්‍රදේශයේදී වෙඩි වැදීමෙන් වයස අවුරුදු 15 ක පිරිමි ළමයකු මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි. 20 September 2021
‘‘ෆයිසර්“ එන්නත් 73000ක් කටුනායකට ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය සදහා යොදා ගැනීමට, මෙරිකාවේ ’’ ෆයිසර් ’’ එන්නත් මාත්‍රා 73,000 ක් අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ. 20 September 2021
අද දවසේ කාලගුණය සබරගමුව, බස්නාහිර පළාත්වලත් සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල අද (20) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 20 September 2021
ඉතාලි සංචාරය අවසන් කර අගමැති යළි පැමිණෙයි ඉතාලියේ පැවති ජී.- 20 අන්තර් ආගමික සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිසෙන්,ඉතිරි පිරිස අද අලුයම ශ්‍රී ලංකාවට පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය . 20 September 2021
කැකිරාවේ රටබීම අලෙවි හල් හයකට සීල් කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයට අයත් සුරා සල් හයකට මුද්‍රා තබා ඇතැයි කැකිරාව පොලිසිය කියයි. 20 September 2021
කොරෝනා රෝගී වාට්ටු හිස් වෙයි මේ වන විට කොවිඩ් රෝගීන් සහ කොවිඩ් හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාවේ අඩුවක් දක්නට ලැබෙන අතර රෝහල්වලට ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවේ ද කැපීපෙනෙන අඩුවීමක් පවතී. 20 September 2021
ස්පුට්නික් දෙවැනි මාත්‍රාව හෙට සිට ඇරඹේ ස්පුට්නික් එන්නත පළමු මාත්‍රාව ලෙස ගත් අයට දෙවැනි එන්නත ලබාදීම හෙට(20) සිට ආරම්භ කරන බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය . 19 September 2021
රජය යන පාර වෙනස් නොකළොත් ප්‍රශ්න රැසකට පාර කැපේවි රජය ගමන් කරන මාවත දැන්වත් වෙනස් නොකළොත් ඉදිරියේදී රටට බරපතළ ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදු වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 19 September 2021
දත්ත මැකීම ගැන පරික්ෂණයක් ඉල්ලයි ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී යාමේ සිද්ධිය පිටුපස සිටින මහමොළකරුවන් කවුද යන්න පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කරන්නැයි ඉල්ලා මිනීමරු ඖෂධ මාෆියාවට එරෙහි ජනතා එකමුතුවේ සභාපති පාහියංගල ආනන්ද හිමියන් ඇතුළු පිරිසක් අද (19) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් පැමිණිල්ලක් කළහ. 19 September 2021
ජපානය ලංකාවට පනවා තිබූ සංචාරක තහනම ඉවත් කරයි මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 6ක සිටි පැමිණෙන සංචාරකයින් සඳහා ජපානයට ඇතුළ වීම තහනම් කරමින් පනවා තිබූ සංචාරක තහනම අද (20) සිට ඉවත් කිරීමට එරට රජය පියවර ගෙන ඇතැයි ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආරංචි මාර්ග කියා සිටී. 19 September 2021
කොරෝනා මරණ 103ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 103 දෙනකු ඊයේ (18) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (19) තහවුරු කළේය. 19 September 2021
ලොව පුරා ව්‍යාප්ත වන කොරෝනා වයිරසයේ අලුත් තත්ත්වය ලොවපුරා රට රටවලින් වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත. 19 September 2021
කොරෝනා ආසාදිතයන් 1297ක් වාර්තා වෙයි. කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 1,297 දෙනකු අද (18) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 19 September 2021
පිටකොටුවේ වෙළෙන්දෝ විරෝධතාවක මත්පැන් අලෙවි සැල් විවෘත කිරීමට අවසර දිය හැකිනම් පිටකොටුවේ ඇති වෙළඳසැල් ද විවෘත කිරීමට අවසර දෙන්නැයි ඉල්ලා එක්සත් ජාතික ස්වයං රැකියා සංගමය සංවිධානය කළ විරෝධතාවයක් කොටුව දුම්රියපල ඉදිරිපිටදී අද (19) පැවැත්විණි. 19 September 2021
ගුරුවරුන්ට 5000 ගැසට්ටුව එයි ගුරුවරුන්ට මසකට රුපියල් 5000ක අමතර දීමනාවක් ලබාදීමේ චක්‍රලේඛය නිකුත් කළ බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. 19 September 2021
වෙළෙඳපොළේ ගෑස් හිඟයක් වෙළෙඳපොළේ යළිත් ගෑස් හිඟයක් මතුව ඇතැයි වෙළෙඳපොළේ ආරංචි මාර්ග සඳහන ්කරයි. 19 September 2021
මෙරට හිටපු විනිසුරු යකන්දාවල කැනඩා මහ මැතිවරණයට මෙරට හිටපු විනිසුරුවරයකු වන ධර්මසේන යකන්දාවල මහතා කැනඩාවේ මහ මැතිවරණයට ඉදිරිපත් වී ඇත. 19 September 2021
පත්තේ කඩේ මැණික් විකිණු 10ක් අල්ලයි නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ව පැවතිය දී බේරුවල පත්තේ කඩේ මැණික් වෙන්දේසි පොලේ මහමග ව්‍යාපාරික කටයුතුවල නිරතවී සිටි ව්‍යාපාරිකයන් දසදෙනකු පොලිස් අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි. 19 September 2021
ලොහාන් රත්වත්තේට එරෙහිව රජයෙන් පරීක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් රජයෙන් ද පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය. 19 September 2021
කිරිපිටි-තිරිඟු පිටි සහ සිමෙන්ති මිල ඉහළට පාරිභෝගික කටයුතු අධිකාරියේ මිල කමිටුව කළ අධ්‍යනයන්ට අනුව ජීවන වියදම් කමිටුවේ අවසාන අනුමැතිය ලබාගෙන කිරිපිටි, තිරිඟු පිටි සහ සිමෙන්ති මිල ඉහළ දැමීමට ඉදිරි දින කීපයේදී සිදුවනු ඇතැයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියකු පැවසීය. 19 September 2021
ලාෆ් ගෑස් ගැන යළි සාකච්ඡා ලාෆ් ගෑස් මිල ඉහළ දැමූව ද තව දුරටත් පවතින හිඟය පිළිබඳව එළඹෙන සතියේ සාකච්ඡා ආරම්භ කිරීමට බලපොරොත්තු වන බව පාරිභෝගික ආරක්ෂණ රජ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් අද (19) පස්වරුවේ පැවසීය. 19 September 2021
ඉදිරි මාස 6 සඳහා මහබැංකුවෙන් නව සැලැස්මක් ඉදිරි මාස හයක කාලය සඳහා මාර්ග සැලැස්මක් හඳුන්වාදෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කරයි. 19 September 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026