ලෝක බාලදක්ෂ දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් ලෝක බාලදක්ෂ දින සැමරුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (23) පස්වරුවේ පැවැත්විණි. 23 February 2022
ලක්ෂ භාගයකට අලෙවි වන කොස්ගෙඩිය බ්‍රිතාන්‍යයේ වෙළෙඳහලක ස්ටාර්ලිං පවුම් 160ක් හෙවත් රුපියල් 44130කට විකිණීමට තැබූ කොස්ගෙඩියක් ගැන බි.බී.සී පුවත් සේවය වාර්තා කරයි. 23 February 2022
රටේ අර්බුදය ගැන කතා කරද්දී මන්ත්‍රිවරු මැති සබේ නෑ රටේ තත්වය පිළිබඳ සභාව කල් කල්තබන අවස්ථාවේ විවාදය පැවැත්වෙමින් තිබියදී සභාවේ ගණපූරණය නැතිවීම නිසා මුලසුනේ සිටි සුරේන් රාඝවන් මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුව හෙට උදේ 10.00 දක්වා කල් තබනු ලැබීය. 23 February 2022
පාඨලීගේ ප්‍රකාශයට බැංකු වාර්තාවක් ඉල්ලයි “නැනෝ පොහොර ගෙන්වීමේ දි අමාත්‍යවරයකුගේ සාක්කුවට රුපියල් මිලියන 8000 මුදලක් ගිහින්” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් සිදු කරනු ලැබු ප්‍රකාශයක් සම්බන්ධයෙන් වන විමර්ශනයට අදාළව බැංකු ගිණුම් තුනක් පිළිබද බැංකු වාර්තා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා මහජන බැංකුව සහ ඉන්දීය රාජ්‍ය බැංකුවේ කොළඹ ශාඛාවට නියෝගයක් නිකුත් කළේය. 23 February 2022
අදත් කොවිඩ් මරණ 31 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 31 දෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (23) තහවුරු කළේය. 23 February 2022
ඇතුගල්පුර පිවිසුමෙන් කෝටි 10ක ආදායමක් මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර (ඇතුගල්පුර පිවිසුම) විවෘත කිරීමෙන් පළමු මාසය තුළ රථවාහන ලක්ෂ 5 කට අධික සංඛ්‍යාවක් ධාවනය කර ඉන් කෝටි 10 කට අධික ආදායමක් උපායා ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය. 23 February 2022
මුතුරාජවෙල සංරක්ෂණයට රුපියල් කෝටි 10ක් මුතුරාජවෙල තෙත්බිම සංරක්ෂණය සඳහා රජය විසින් ආරම්භ කර ඇති වැඩපිළිවෙල සඳහා මෙම වසර වෙනුවෙන් රුපියල් කෝටි 10 ක් ලබා දීමට තීරණය කළ බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 23 February 2022
විදුලිබල මණ්ඩලයට ඩීසල් මෙට්‍රික්ටොන් 6000 ක් ඩොලර් ගෙවා අද (23) නිදහස් කරගත් නෞකාවේ ඩීසල් තොගයෙන් මෙට්‍රික්ටොන් 6000 ක් විදුලිබල මණ්ඩලයට දෙන බව බලශක්ති අමාත්‍යංශයේ ලේකම් කේ. ඩී. ආර්. ඔල්ගා මහත්මිය පැසුවාය. 23 February 2022
හෙරොයින් සමඟ පොලිස් නිළධාරියකු අත්අඩංගුවට හෙරොයින් මත් කුඩු සමග පොලිස් නිළධාරියකු අත් අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය කියයි . 23 February 2022
ගුවන් හමුදා සංක්‍රමිකයෝ විසිර යති ශ්‍රි ලංකා යුද්ධ හමුදා ගුවන් සංක්‍රමික (Air Mobile) පුහුණු පාසල ආරම්භ කරනු ලැබු පාඨමාලා අංක 24 හැදෑරු නිලධාරින් 06 දෙනකු සහ සෙසු නිලයින් 324 දෙනෙකු අද (23) දින නිකවැව ගුවන් සංක්‍රමික පුහුණු පාසලේදී ගුවන් සංක්‍රමික නිල ලාංඡන පැලදීමෙන් පසු විසිර ගියහ. 23 February 2022
ඩීසල් බෙදාහැරීම ආරම්භ කරනවා දින හතරක ප්‍රමාදයෙන් පසුව නිදහස් කරගත් නෞකාවේ ඩීසල් අද (23) පස්වරුවේ බෙදාහැරීම ආරම්භ කරන බව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සාමාන්‍යාධිකාරී සමීන්ද්‍ර අබේසේකර මහතා පැවසීය. 23 February 2022
යුක්රේන වැසියන්ට ආයුධ ? යුක්රේන වැසියන්ට ආයුධ රැගෙන යෑමටත් ස්වයං ආරක්ෂාව සලසා ගැනීමටත් හැකි වන අයුරින් නීතියක් සම්මත කිරීම යුක්රේන පාර්ලිමේන්තුව ඡන්ද විමසීමක් පවත්වා ඇත. 23 February 2022
‘ඉදිරි මාස තුනට තෙල් ගන්න ඩොලර් තියෙනවාද?‘ ඉදිරි මාස තුන සදහා සඳහා අඛණ්ඩව තෙල් මිලදී ගැනීමට ආණ්ඩුවට ඩොලර් තිබෙනවා දැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ පත් කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (23) විමසුවේය. 23 February 2022
බොරු ප්‍රකාශ කිරීම වරප්‍රසාදවලට නිගාවක් භාෂණයේ නිදහස, පාර්ලිමේන්තු වරප්‍රසාද ලබාදී ඇත්තේ ජනතාවට සේවය කිරීමට මිස ඒ වරප්‍රසාදවලට මුවාවී අපහාස කිරීමට, බොරු පැතිරවීමට හෝ භීතිය මැවීමට නොවේ යැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය. 23 February 2022
ලංසා ජනපතිට දුක කියයි අමාත්‍යාංශයේ ප්‍රශ්න ගැටලු සම්බන්ධයෙන් ලිඛිත වාර්තාවක් ජනාධිපතිවරයාට බාරදුන් බව ග්‍රාමීය මාර්ග සහ අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය. 23 February 2022
පාස්කු වාර්තාවේ සියලු වෙළුම් පාර්ලිමේන්තු පුස්තකාලයට පාස්කු කොමිෂන් සභා වාර්තාවේ සියලු වෙළුම් 28 මන්ත්‍රීවරුන්ගේ පරිශීලනය සඳහා පාර්ලිමේන්තු පුස්තකාලයට බාරදුන් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද ( 23) දැනුම් දුන්නේය. 23 February 2022
‘විදුලිය කැපීමෙන් උසස්පෙළ සිසුන්ට ඇතිවන බාධා ගැන අවධානය යොමු කරන්න‘ උසස් පෙළ විභාගයට ඉදිරිපත් වන සිසුන්ට විදුලි කප්පාදුව නිසා විශාල ප්‍රශ්නයක් ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳව වහා අවධානය යොමු කරන්නැයි හිටපු අග්‍රාමාත්‍ය කොළඹ දිස්ත්‍රික් පත්කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (23) පැවසීය. 23 February 2022
වැඩි මිලට ටයිල් විකුණුවොත් කියන්න අංකයක් ටයිල් ලකුණු කළ මිලට වඩා වැඩි මිලට අළෙවි කරන වෙළෙන්දන් සහ ආයතන පිළිබඳව පැමිණිලි කරන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය. 23 February 2022
ඩීසල් හිඟයක් ඇති බව ගම්මන්පිල පිළිගනී රටේ ඩීසල් හිඟයක් පවතින බව පිළිගන්නේ යැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 23 February 2022
උඩවලව කඳු විකිණීමට එරෙහිව ගම්මු පාරට බසිති උඩවලව සංඛපාල ගල්බොක්කයාය කදුවැටියේ කොටසක් කැණීම් සිදුකිරීම සදහා කොම්පැණිවලට විකිණීමට එරෙහිව ප්‍රදේශවාසීහු පිරිසක් කොළඹ ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගය උඩවලව ගල්කොරිය මංසන්ධියේදී සම්පූර්ණයෙන්ම අවහිර කරමින් අද විරෝධතාවක් පැවැත්වූහ. 23 February 2022
දින 9 කින් කල් ඉකුත්වන ත්‍රිපෝෂ මව්වරුන්ට දීලා හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයට අයත් මාතෘ හා ළමා සායන මගින් ලබා දෙන ත්‍රීපෝෂ මෙවර ලබාදී ඇත්තේ දින නවයකින් කල් ඉකුත්වන ත්‍රිපෝෂ බව ප්‍රදේශයේ ගැබිනි මව්වරුන් හා කිරිදෙන මව්වරුන් චෝදනා කරති . 23 February 2022
යුගදනවි පෙත්සමේ තීන්දුව පසුවට කල් යයි කෙලවරපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමට පැවරීමට ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම්, විභහගයට ගන්නවාද? නැද්ද ? යන තීරනය සදහා එම නඩුව පසුවට කල් තැබීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) නියෝග කලේය. 23 February 2022
පුෂ්පිකා පොලිසියට නොඑයි හිරු මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිළියන්දල වෑවල නිවසටගල් සහ අසූචි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීම සඳහා පිලියන්දල පොලිසියට ශ්‍රී ලංකා විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා මහත්මියට කැඳවීමක් කර තිබුණ ඇය ඒ සඳහා නොපැමිණි බව පිළියන්දල පොලිසිය කියයි. 23 February 2022
වනිදුට ඉන්දීය තරගාවලිය අහිමිවෙයි ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග කොවිඩ් ආසාදිත බව තවදුරටත් තහවුරු වීම නිසා ඉන්දියාවට එරෙහිව මේ මස ආරම්භ වන තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය ඔහුට අහිමි වෙයි. 23 February 2022
රොසැල්ල-හැටන් අතර රක්ෂිතයක ගින්නකින් අක්කර 25ක් විනාශයි උඩරට දුම්රිය මාර්ගයේ රොසැල්ල සහ හැටන් අතර පිහිටි රක්ෂිතයක හටගත් ගින්නකින් අක්කර 25ක් පමණ අද (23) අලුයම වන විට ගිනිගෙන විනාශ වි ඇත. 23 February 2022
බස් - බස් ගැටී 23ක් රෝහලේ හොරණ කොළඹ මාර්ගයේ කොරලඉම ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් සහ ඇඟළුම්ලුම් කර්මාන්ත ශාලාවක සේවකයන් ප්‍රවාහනය කරන බස් රථයක් එකිනෙක ගැටීමෙන් සේවක සේවිකාවන් 23 දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව කහතුඩුව පොලිසිය කියයි. 23 February 2022
ඉන්ධන සැපයුම සාමාන්‍ය පරිදි සිදු කිරීමට උපදෙස් ඉන්ධන සැපයුම සාමාන්‍ය පරිදි කරගෙන යන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ කැබිනට් රැස්වීමේදී ඛනිජ තෙල් සංස්ථාවට උපදෙස් දී ඇත . 23 February 2022
අධිභාර පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සමක් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති අධිභාර පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (23) පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත . 23 February 2022
පුටින්ගේ යෝජනාව ඒකමතිකව සම්මතයි විදේශයන්හි තම සන්නද්ධ හමුදා භාවිතා කිරීමට අවසර දෙන යෝජනාවට රුසියානු පාර්ලිමේන්තුවේ ඉහළ මණ්ඩලය වන ෆෙඩරේෂන් කවුන්සිලය ඒකමතිකව සම්මත කළේය. 23 February 2022
හොරෙන් ගෙනා ජීප් රථයක් විකුණන්න ගිය 6ක් මාට්ටු තීරු බදු නොගෙවා නීති විරෝධීව මෙරටට ආනයනය කළ තිබූ සුඛෝපභෝගී ජිප් රථයක් අලෙවි කිරීමට තැත් කළ පුද්ගලයන් 6 දෙනෙකු පෑලියගොඩ අපරාධ කොට්ඨාශය මගින් මාරවිලදී අත්අඩංගුවට ගනු ලැබීය . 23 February 2022
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026