(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
සහල් පාලන මිල අභිබවා සහල් තොග මිල ඉහල යාමේ තත්ත්වයක් උද්ගතව ඇති නිසා ඉදිරි සිංහල අලූත් අවුරුදු උත්සව සමයේදී සුදු කැකුළු හා නාඩු සහල්වල මිල ඉහල යාමක් මෙන්ම හිගයක්ද ඇතිවිය හැකි බව මරදගහමුල සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති බී.කේ. රංජිත් මහතා පවසයි.
“සුදු කැකුලූ හා නාඩු සහල් නිෂ්පාදනයේ අඩුවක් හා මිලෙහි වෙනස් කමක් මේ වනවිට සිදු වෙලා. අලූතෙන් එන අස්වැන්නේ නාඩු හා සම්බා වී දෙවර්ගයම එකම මිලකට පැවතීම නිසා මේ තත්ත්වය උද්ගත වෙලා.“ යැයි ඒ රංජිත් මහතා ප්‍රකාශ කරයි.
“සම්බා සහල් හිගයක් නැහැ. රුපියල් 90 පාලන මිලට යටත්ව සම්බා සහල් තිබෙනවා.වී මිලෙහි වැඩිවීමක්ද සිදු වෙලා. මේ වනවිට රජයේ සහතික මිල ඉක්මවා වී මිල නියම වෙනවා. මහා පරිමාණ තොග රැස්කරන්නන් තරගකාරීව දිනෙන් දින වී මිල ඉහල දමමින් තොග රැස් කරන නිසා ඉදිරි මාසයේදී සමස්ත සහල් මිලෙහි වැඩිවීමක් වෙන්න ඉඩ තියෙනවා.“යැයි ඒ මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොයම් කැපෙන සමයේ හාල් මිල වැඩිවෙන්න විදියක් නෑ මහජනතාව අපහසුතාවයට පත්කරන්න කරන කඩාකප්පල් ක්‍රියා මේවා
අනේ මේ ආණ්ඩුව හරියට කල දෙයක් කියන්න. හොරකම් කරන එකනම් ජයට කරනවා.