IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සහන සලසන්න හමුදාවේ 2000ක්

(ඉන්දිකා රාමනායක)

පවතින කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ති‍්‍රවිධ හමුදාවේ 2000ට අධික භට පිරිසක්  යොදවා ඇතැයි හමුදාව කියයි.

මින් කොටසක් දැනටමත් සහන කටයුතුවල නිරත වන බවත් සෙසු පිරිස අවශ්‍ය වුවහොත් යෙදවීම සදහා ස්ථාන ගත කර ඇති බවත් හමුදා ප‍්‍රකාශක මේජර් ජනරාල්  රොෂාන් සෙනවිරත්න මහතා පවසයි.

ගුවන් හමුදවේ 30 බැගින් වු කණ්ඩායම් 26 ක් ගුවන් යානා සමගින්ම රත්මලාන, අනුරාධපුර සහ හිගුරක්ගොඩ යන  ප‍්‍රධාන කඳවුරුවල ස්ථාන ගත කර ඇති බවද හමුදා ප‍්‍රකාශකවරයා කියයි.

නාවික හමුදාවේ කණ්ඩායම් 30 ක්  යාත‍්‍රා සමගින්ම ස්ථාන ගතකර ඇති බව ද පැවසේ.

ධීවර කටයුතු සදහා ගොස් සිටියදී අතුරුදන්වු ධීවරයින්  සහ අනතුරට පත්ව සිටින ධීවරයින් සෙවීම සදහා දැනටමත් නාවික හමුදාව මෙහෙයුම් ආරම්භ කර ඇත.

යුද හමුදාව මාතර ප‍්‍රදේශයට කණ්ඩායම් 35  ක් , අගලවත්ත ප‍්‍රදේශයට කණ්ඩායම් 10 ක් , මිල්ලනිය ප‍්‍රදේශයට කණ්ඩායම් 15 ක් , බලපිටියට කණ්ඩායම් 6 ක් , ගාල්ලට කණ්ඩායම් 20 ක් වශයෙන්   මෙම පිරිස ස්ථාන ගතකර ඇති බව හමුදා ප‍්‍රකාශකවරයා පවසයි

මෙම පිරිසට අමතරව  උඩරට මාර්ගවල පස් කුඳුකඩා වැටීමේ, දුම්රිය මාර්ගවලට ගස් කඩාවැටීමෙන්   අවහිර වී ඇති මාර්ග යථා තත්ත්වයට පත් කිරීමට යුද හමුදා කණ්ඩායම් යොදවා ඇති බවද හමුදා ප‍්‍රකාශකවරයා කියයි.

 



අදහස් (0)

සහන සලසන්න හමුදාවේ 2000ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 43 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 711 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site