චමිල් රූපසිංහ
පාසැල් වේලාව තුළ උත්සව වලට සම්බන්ධ කර නොගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍රලේඛණයක් නිකුත් කර තිබියදී එය උල්ලංඝනය කරමින් ලොව දිගම ඔසරිපොට අල්ලා ගෙන සිටීමට පාසැල් ළමුන් යොදා ගැනීම සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
පසුගිය 21 දින පේරාදෙණිය ගැටඹේ මංසන්ධියේ සිට ගන්නෝරුව මාර්ගයේ ඊරියගම දක්වා කිලෝ මීටර 03 කට ආසන්න දුරක් අදාළ ඔසරි පොට අල්ලා ගෙන සිටීම සඳහා ළමයින් සහභාගි කරවාගෙන තිබිණි.
මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්, මධ්‍යම පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, කටුගස්තොට කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ හා ළමයින් අධ්‍යාපනය ලද අලවතුගොඩ සරත් ඒකනායක කණිෂ්ඨ විදුහලේ විදුහල්පති මෙම පරීක්ෂණය සඳහා හෙට (25) මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලට කැඳවා තිබේ.
COMMENTS
මේකට නිසි පිළිතුරක් නොදුන්නොත්., ඉස්සරහට දෙන ලොකු උදව්වක් වේවි!!! මිනිස්සු ඔක්කොම දරුවන් මේ වගේ දේවල් වලට ගන්න ලොකු ආදර්ශයක් වේවි!!! මේ අයට විකාරද? මේ විකාර කරන්න දරුවෝ ගන්නේ මොකටද?
කොහොම කොහොම හරි ළමයින් ලව්වා සාරි පොට අල්ලගත්තා කියලා කියමුකෝ... දැන් ඔය කියන ගිනස් වාර්තාව ලැබුණාද? ළමයින්වත් මඩවලා, නරක නාමයකුත් අරගෙන දහස් ගණන් වියදම් කරලා නටපු නැටුමකුත් නෑ... බෙරේ පළුවකුත් නෑ...
එතකොට අර මහා ඇමතිට මොකද වෙන්නේ? එ්ක ශේප් ද?
තව තව අර මගුල් රුපවාහිනී වැඩසටහන් දාලා මේවගේ ඒවා කරන්න දිරිමත් කරන්න..
මමනම් කියන්නේ දෙමව්පියන්ට දඬුවම් දෙන්න කියල.මේ වගේ දේවල් වලට දරුවෝ යවනවට. ඒකමතික තීරණයක ඉඳලා යවන්න බෑ කිව්වනම් හරිනේ. මොකද බලෙන් ගෙන්නගන්න බැනේ.
ඔය පරීක්ෂණය "ඔසරි පොට" තරම් දිග නැති එකක් වෙයි කියා පතමු. විමර්ශන දිග් ගැහෙන තරමට තව තවත් මෙවැනි නාඩගම් පාරේ නටවන්න අපේ කෙලි පැටික්කියන් යොදා ගන්න සූදානම් වෙන අය ඉන්න පුළුවන් !!!
මේකට මහනුවර ප්‍රධාන පෙළේ පාසල් නැතුව දුප්පත් කණිෂ්ට විද්‍යාලයක් තෝරා ගැනීමෙන් අප සමාජයේ තවත් අවාසනාවන්ත පැතිකඩක් පෙන්නුම් කරනවා.
එතැනට මහ ඇමැති ආවොත් මොකද වෙන්නේ?
මහා ඇමති අධ්‍යාපන ඇමති නේද? එයා නේද ඔය පොට අල්ලන්න ළමයින් යොමුකළේ?
මමත් කියන්නේ මනමාලිගේ දෙමව්පියන් තමන්ගේ දුවගේ බොරු ෂෝක් වැඩ ඉවසුව එක ස්වාභාවිකයි කියමු. දරු කැක්කුම නිසා. නමුත් රටේ මිනිස්සුන්ට මාතෘකාවක් වෙන පොදු නීති රීති කඩන කොට , එපා කියන්න කට ඇරියේ නැද්ද ? හොඳයි ඒගොල්ලන් යවාවිද තමගේ දුව පාසල් නිල ඇඳුමින් අව්වේ කර වෙමින් මහා පාරේ අනුන්ගේ සාරිපොටවල් අල්ලන්න ?
අන්දන්න ගිහින් ඇඳ ගත්ත
අපපේ රටේ හිතන්නේ ළමා හිංසන කියන්නේ දරුවෙකුට කවුරුහරි ගහන එක, ලිංගික අතවර කරන එක විතරයි කියලා. නමුත් මෙවැනි දේවලුත් දැඩි ළමා හිංසන තමයි. නොදරුවෝ පාසැලෙන් යන්න කිව්වම අනේ යනවා. විරුද්ධ වෙන්න බයයි. අව්වේ කරවෙනවා. කාගෙවත් සාරිපොට අල්ලන්න ගිහින් හෑල්ලු වෙනවා. එදිනය අධ්‍යාපනය පාඩු වෙනවා. මේ මොනවත් මේ දරුවො නොදැනයි වෙන්නේ.
මෙවැනිම හිංසන නිවෙස් ඇතුළතම වෙනවා. 2-3 පන්තියේ දරුවට පාසැල් ඇරිලා ඇවිත් විවේකයෙන් ඉන්න නොදි දක්කාගෙන යනවා සමහර අම්මලා පන්ති. අනෙක් අයට පේන්න ස්විමින්ග්, ටෙනිස්, චෙස්, ඩාන්සින්, සින්ගින්, ඉංග්‍රිසි, විද්‍යව, ඉලොකියුෂන් වැනි පන්ති දහයකට විතර කුඩා දරුවව ඇදගෙන යනවා මම දැකලා තියෙනවා. පන්ති ඉවර කරලා ඇවිත් අර දරුවට කාටුන් එකක් බලන්න දෙන්නේ නැහැ. ආයිත් පාඩම් කරවනවා. බනිනවා. ගහනවා. මොකද අම්මට විවේක තියෙන්නේ ඒ වෙලාවට විතරයි. දරුවා දවසෙම මැරිලා මැරිලා එනවා කියලා සමහර මෝඩ අම්මලාට තේරෙන්නේ නැහැ.අනේ දරුවා කාට කියන්නද? රැකියාව නිසා අතිශය කාර්යබහුල අම්මලාගේ මෙම ගති බහුලව දැකිය හැකියි. ශිෂ්‍යත්වය කියලා පොඩි දරුවන්ගෙ ළමා කාලයම සමහර අම්මලා උදුැරාගෙන තියෙනවා. මේවා දරුවන්ට ආදරේ නිසා කරන දේවල් නෙමෙයි. නොදැනුවත්කම නිසා නොදැනකිම තමන්ගේම දරුවාට කරන ,නැවත හරි ගැස්සවිය නොහැකිවූ වැරදි. මේවා ගැන කවුද අපේ රටේ සොියා බලන්නේ?
මෙයට දරුවන් යැවු විදුහල්පතිනියට, දරුවන් යොදාගත් මනාලියට දැඩි දඩුවම් දියයුතුයි. විදුහල්පතිනියගේ දරුවෙක් නම් යවලා නැතුව ඇති කාගෙවත් පොටවල් අල්ලාගෙන අව්වෙ කරවෙන්න. ළමා හිංසනය ගැන විදුහල්පතිනියක් දැනුවත් නැත්නම් වෙන අය ගැන කවර කතාද?
මේවට මනාලියගේ් සහ මනාලයාගේ හතර වරිගේ අයගේ දරුවෝ ගෙන්න ගන්න තිබුනනේ. අනික මනමාලි මේකප් කරලා දිලිසි දිලිසි ඉන්නවා. මේ නොදරුවනුත් ගැහැනු දරුවෝ නේද? අඩුගානේ ගවුමක් මහලා අන්දවලා නැහැ. පාසැල් ඇදුමෙන් දරුවෝ ගෙන්නගෙන. ඇයි සල්ලි යනවනේ. එයා විතරක් මේකප් දාලා හිටියම ඇති. දරුවන්ට මොනතරම් මානාසික තැවිමක් තියෙනවද?
ළමයින් අධ්‍යාපනය ලද අලවතුගොඩ සරත් ඒකනායක කණිෂ්ඨ විදුහලේ විදුහල්පති කෙළින්ම වගකිය යුතුයි. එයා ළමා නිති නොදැනද මෙච්චර කල් විදුහල්පතිනියක් විධියට වැඩකළේ?
ආණ්ඩුකාරතුමියගේ විමර්ශනයට අධ්‍යාපන ඇමතිව ගන්නේ නැත්තේ ඇයි. වතුර බස්සන්න හදන්නේ මිටි තැන්වලින්ද?
ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය වෙත, දරුවන්ගේ අයිතිවාසිකම් ගැන, දරුවන්ට නිකරුනේ ගහන්න බනින්න බැරිබව සහ එසේකලහොත් ඇති වන නිතිමය තත්වයන් ගැන, මෙවැනි වැඩ වලට දරුවන් යොදාගත නොහැකිබව, සෑම පාසැළකම 6 වන ශ්‍රේණියට පහළ පන්ති වල දෙමව්පියන්ළ ගුරුවරුන් විශේසයෙන්ම දැනුවත් කරන්න. ළමයිනට අධික වැඩ නොපැරවිය යුතු බව, මානසික හිංසනයද දරුනු හිංසනයක් බව, මේ දෙමව්පියන්යට, ගුරුවරුන්ට වටහා දෙන්න. දරුවෙකුට වුවත් පැමිනිලි කල හැකි ආකාරය කියා දෙන්න. රුපවාහිනි දැනිව් මගින් මෙය ප්‍රචාරය කරන්න. තමන්ගේ දරුවෙකු වුවද තමාට ඇවැසි ලෙස බනින්න ලහනන් බැරි බව එය නොදත් බොහෝ අම්මලාට වටහා දෙන්න. නිතිය හරිහැරි ක්‍රියාත්මක කරන්න.
"මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්, මධ්‍යම පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, කටුගස්තොට කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ හා ළමයින් අධ්‍යාපනය ලද අලවතුගොඩ සරත් ඒකනායක කණිෂ්ඨ විදුහලේ විදුහල්පති මෙම පරීක්ෂණය සඳහා හෙට (25) මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලට කැඳවා තිබේ." එතකොට පළාත් අධ්‍යාපන ඇමති මොකද කරේ. ආණ්ඩුකාරතුමිය කැකිල්ලේ වැඩක් කරන්නද හදන්නේ. ඔබතුමී කෙලින් වැඩ කරන කෙනෙක්නම් පටන් ගන්නේ උඩින්ම වගකිව යුතු තැනැත්තාවත් ගෙන්නලා.
දෙමව්පියන් අසරණයි. සමන් පෙරේරා මහත්තයෝ.ඒ වගේ සමගියක් සිංහලයින් අතර තියෙයිනම් අද අපේ රටට මෙහෙම වෙයිද?
"යකඩ මල්ලට ගුල්ලෝ ගැහුවනම් හාල් මල්ල නොබලාම විසිකරන්න" කියල පැරැන්නෝ කියනවා. බැදුම්කරේ පරීක්ෂණ යට යනවනම් මේ සාරි පරීක්ෂණ ගැන මොන කතාද. 2015 ජනවාරි 8 සිට පරීක්ෂණ කොමිසම් කී සීයක් දැම්මද. කොමිසමක් දානවා එ්කට තමන්ගේ හිතවතෙකු පත්කරලා ලක්ෂ ගණන් ගෙවනවා. කාර්යාල, සේවකයන් , වාහන වලට ජනතාවගේ මුදල් මිලියන ගණන් වෙන්කරනවා. සමහර මාසෙකට කියල දාපු කොමිසන් දාපු බවවත් මතක නෑ. හැබැයි අවුරුදු ගණන් මිලියන වලින් මුදල් ගෙවනවා. අහිංසක මිනිස්සු කන්ඩ නැතිව, බෙහෙත් ටිකක් ගන්න නැතිව අපා දුක් විදලා මැරිලා යනවා. මේවට වැහි නැති හෙන වැඩිය යුතුයි.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක කොහොමද සරත් ඒකනායක ගැන පරීක්ෂණ කරන්නේ ? සරත් ඒකනායක කියන්නේ නිලුකගේ බාප්පා හිටපු ඇමති නන්දිමිත්‍ර ඒකනායකගේ සහෝදරයා . නන්දිමිත්‍ර මෛත්‍රීපාල සිරිසේනගේ මාතලේ නියෝජිතයා.නිලුකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ජෝතීශ්ය උපදේශක. මේවා ජනතාව ගොනාට අන්දන විහිලු .
අවශ්‍ය රෙදි ගන්න මුද්ල් සහ මුට්ටු කරලා කිලෝ මීටර් 10 ක දිගට උනත් මහන්න කාට හරි අවශ්‍ය නම් , ඕක ගිනස් වාර්තා තියන්න තරම් වීර , ගාම්බීර ක්‍රියාවක්ද ? බාල මානසිකත්වයක මැනවින් පෙන්නා දීමක්. නිල ඇදුමෙන් පාසල් ළමුන්, මහා පාරේ , ගිනි තපින්න යොදවන විදුහල් පතිට නිසි දඩුවම් දීම වගකිවයුතු අයගේ වග කීමක්. අනුන්ට වාර්තා ලබා ගන්න, රෙදි අල්ලන්න තම දරුවන් මහා පාරේ රස්තියාදු කරන දෙමාපියන්ට දැන් සතුටුද ?
මොංගල් මනාලිය වැරැද්ද පිළිගන්නේ නැතුව තවත් එය සාධාරණිය කරන්න කතා කියනවා ඉහලම දඩුවම් දෙන්න වරද කරුවන්ට
බලය අයුතු ලෙස පාවිච්චිය නතර කළ යුතුයි. තම තමන්ගේ හුදෙක් පටු අඩු මානසික සිහින තවත් පිරිසක් පීඩාවට පත් කර සහ ඔවුනව තමන්ගේ දාසයන් සහ බුදලය ලෙස සලකා කටයුතු කිරීම වහා නතර කළ යුතුය මෙය වැඩවසම් යුගයෙන් එහා ගිය කාලයකි.
ඔබේ කතාව සහතික ඇත්ත. දෙමව්පියන්ට ඕන තමන්ට කරගන්න බැරිවුණා දේ දරුවන් ලවා කරවගන්න සරලව කිවොත්. තමන්ට වෛද්‍යවරයෙක් වෙන්න බැරිවුණා එකට චිත්‍ර ඇදීමට දක්ෂ, චිත්‍ර ශිල්පියෙක් වෙන්න හිනා දකින දරුවාව බලෙන් වෛද්‍යවරයෙක් කරගන්න හදනවා... මුළු ළමා කාලෙම උදුරාගෙන ළමා අයිතිවාසිකම් කඩකරලා දරුවා ලොකු මානසික පීඩනයකට ලක්කරලා . ලොකුවුනම දරුවටත් අකමැති වෘත්තිය නිසා තෘප්තියක් නැහැ . අසාර්ථක මිනිසෙක් වෙනවා.
මේ වගේ වැඩ වලට ළමයි යොදවන්න සපෝට් කරපු විදුහල්පතිවරයා සහ අනෙක් අයගේ වැඩ තහනම් කරලා අධිකරණයට දාන්න ඕනේ...
සත්‍යපාල කියන විදිහට මේ හැමෝම දම්වැලේ පුරුක්. ගහේ ආධාරය පොත්තට, පොත්තේ ආධාරය ගහට කිව්වා වගේ මේ කාටවත් මොකුත් වෙන්නේ නැහැ. ඔන්න හූනා කිව්වා වාගෙයි කියන්නේ, අන්තිමට ආයෙත් පළාත් සභාවේ මුල් පුටුවේ ඉඳගෙනයි පස්ස බලන්නේ. දැන් හිටියා ඇති . මේ වගේ වැඩ කරන උදවියට හොඳම තැන කුණු බක්කිය බව කවුරුත් වටහා ගත්තොත් සැබෑ වෙනසක් දැකිය හැකි වෙයි.
සත්‍යපාල කියන විදිහට මේ හැමදෙනාම එක දම්වැලේ පුරුක්, එක මල්ලේ පොල් නිසා මේ කාටවත් මොකුත් වෙන්නේ නැහැ. මේ ක්‍රියාවත් මහින්දානුකරණයේ පරණ පුරුද්දක අත්හදා බැලීමක් වාගෙයි. ජනතාවගේ ඔලුව අතගා බැලීමක් ලඟම එන අල්ල පනල්ලේ , ඇතැමුන්ට මේවා හරිම අගෙයි, හරි ඉහලයි, හරිම වැදගත් නිසා මේ කරපු අපේ පළාතේ දේශපාලන ලොක්කාට ජයවේවා!!! ආවඩා ආයුබෝවේවා කියන ඇම්බැට්ටයන්ගේ කරපිටින් නැවත මහ පුටුවට නොයැව්වොත් මෙන්න මගේ කන. එතකොට මේ පරීක්ෂණ කැලේ. බලමුකෝ දඬුවම් ලැබෙයිද, තවත් සුරක්ෂිත වෙයිද කියලා. මොකක් වුණත්, මේ යන විදිහට තවත් බල වෙනසකට කාලේ හරි බව නම් පැහැදිලියි.
සත්‍යපාලගේ අදහස දැක්කාම මේ ඔක්කොම ගහට පොත්ත වගේ එකට බැඳිලා තියෙන්නේ... දේශපාලනයට සම්බන්ධ වෙනවා කියන්නේ හත්මුතු පරම්පරාවම ගොඩ. තව අවුරුදු 15ක් මේ දෙගොල්ලෝ රට පාලනය කළොත් මුළු රටේම ධන කුවේරයෝ වගේ පවුල් දෙතුන් දාහකගේ පවුල් වාදයෙන් දේශපාලනය දෝරේ ගලලා තියෙන්නේ...
අර ඒකනායකද කෙනාද මධ්‍යම ආණ්ඩුකාරයා? මිනිස්සුන්ට කියල ගල් ගහන්න ඕනේ මෙහෙම වැඩ කරනවා නම්...