(චමිල් රුපසිංහ)
අන්තර්ඡායේ දැන්විම් පළ කරමින් සංරක්ෂිත පක්ෂින් විකුණු බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කීර්ති බණ්ඩාර පුර සහ හසලක වනජීවි කාර්යාලය කියයි. සැකකරු ලබන 6 වැනිදා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා වනඡිවි ඇප මත නිදහස් කළ බව වනජීවි කාර්යාලය කියයි.
ලබු ගිරවෙකු රුපියල් 7000 ට විකිණීමට ඇති බවට අන්තර්ජාලයේ දමා තිබු දැන්විමක් මත වනඡිවි නිලධාරින් මෙම වැටලීම කර තිබේ. එම ස්ථානයට උපායදුතයෙකු ලෙස ගොස් පක්ෂියා රුපියල් 5500 ට පමණ මිලදි ගෙන ඇත.
මෙම පක්ෂියා වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක අඥා පනත යටතේ ආරක්ෂිත සත්වයකු වන බවද එම නිලධාරිහු කියති.


COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.