(අකිල බද්දෙවිතාන)
සියදිවි හානිකර ගැනීම වැළැක්වීම සඳහා කෘත්‍රිම බුද්ධියක් හදුන්වා දීමට ෆේස්බුක් සමාගම සූදානම් වේ.
ලොව විශාලතම සමාජජාලා වෙබ් අඩවිය වන ෆේස්බුක් භාවිත කරන පුද්ගලයන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම මෙහි අරමුණ වී ඇති බව කියති.
කිසියම් පුද්ගලයකු සිය ෆේස්බුක් ගිණුමේ ඇතුළත් කරන සටහන්, අනෙකුත් පුද්ගලයන් සමඟ කරනු ලබන පණිවුඩ හුවමාරු පිළිබඳව කෘත්‍රිම බුද්ධිය මගින් පරික්ෂාකර සියදිවි හානිකර ගැනීමට පෙළඹෙනසුලු පුද්ගලයන් මෙහිදී හඳුනාගැනේ.
මෙම කෘතිම තාක්ෂණික බුද්ධිය මැසෙන්ජර් සේවාව හා ෆේස්බුක් සජීවී විකාශයන් සඳහා යොදා ගැනීමට එම සමාගම සුදානම් වේ. පසුගිය ජනවාරි මාසයේදී ඇමරිකාවේ ෆ්ලොරිඩා හි අවුරුදු 14ක දැරියක් තමන් සියදිවි හානිකර ගන්නා ආකාරය සිය ෆේස් බුක් ගිණුම ඔස්සේ සජීවීව විකාශය කර තිබිණි. ශ්‍රී ලංකාවේද පසුගිය දිනවල ෆේස්බුක් සටහන් යොදා සියදිවි හානි කරගත් තරුණයන් පිළිබඳ වාර්තා පළවිය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.