(තිළිණි ද සිල්වා)
සයිටම් ආයතනයට අදාළව අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රී ලංකා වෛද්‍ය කවුන්සිලය ගොනු කළ අභියාචනා පෙත්සමට මැදිහත්වීමට අවසර දෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කළ ඉල්ලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(6) අවසර ලබාදුන්නේය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් එහි සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා අදාළ පෙත්සමට මැදිහත්කරුවකු ලෙස සම්බන්ධවීමට අවසර දෙන ලෙස කළ ඉල්ලීමක් සලකා බැලූ බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෘෘ සහ අනිල් ගුණරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඊට අවසර දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වැඩේ නම් අති විශිෂ්ටයි...
මේ සංගමය තමන්ගේ වර්ගය රැකීමට ගන්නා උත්සාහය අති විශිෂ්ටයි !!!
ඔබට ජයවේවා !!!
බමුණු කුලය රැක ගැනීමේ සටනට ජය වේවා. !!!
ඉතින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අහෝසි කරලා... ඒ වෙනුවට වෘත්තීය සංගමයක් වන රජයේ වෛද්‍ය වරුන්ගේ සංගමයට ඒ තනතුරු පිරිනැමූවා නම් ඉවරයිනේ... ලෝකේ අමුතු.. මිනිස්සු ඉන්න අමුතු රටේ.. අමුතුම වැඩනේ තියෙන්නේ..
දොස්තර මාෆියාව විසින් පාලනය කරන ලෝකයේ තියන එකම රට වෙන්න ඇති... අපේ රටේ පාලකයින්ට නායකත්ව පුහුණුව දෙන්න කාලය හරි වගේ මගේ හිතේ...
සයිටම් එකේ මගේ දුව රස්සාවක් නැතුව අවුරුද්දක් ගෙදර.. මෙහෙම ගියොත් මම ගෙදර එයාට බෙහෙත් සාප්පුවක් දාලා දෙනවා..
දොස්තරවරුන්ගේ කතාව හරියට ඒ ගොල්ලෝ ඔක්කොම ලෙඩ්ඩු සුව කරනවා වගේනේ. එතකොට මේ ගොල්ලන්ගෙන් බේත් ගන්න කවුරුත් මැරෙන්නේ නෑ. අද විශේෂඥ දොස්තරලා ඔක්කොම එංගලන්තේ උපාධි එහෙම ගහලයි තියෙන්නේ... ඒවා ලංකාවේ රජයේ විශ්ව විද්‍යාල වගේ වෙන්න ඇති.