(ඩී.ජී.සුගතපාල )
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් සිදු කරන ලද සාමනේර සහතික හා උපසම්පදා සහතික පත් නිකුත් කිරිම අද සිට (10) දිවයින පුරා පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් නිකුත් කිරිම ආරම්භ කර තිබේ.
මෙම සාමනේර හා උපසම්පදා ලියාපදිංචි කිරිම හා සහතික නිකුත් කිරිම 1931 අංක 19 දරණ විහාර හා දේවාල ගම් පනත යටතේ, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙ මෙතෙක් සිදු කළේය.
ඒ අනුව මෙම සහතික පත්‍ර නිකුත් කරන ලද්දේ බෞද්ධ කටයුතු දෙපාර්තමෙන්තුවේ ප්‍රධාන කාර්යාලය හා මහනුවර, රත්නපුර කුරුණෑගල යන කාර්යාල වලින් පමණි.
මෙම සහතික ලබා ගැනිම සඳහා දිවයින පුරා සිටින මහා සංඝරත්නයට ඉතා දුෂ්කර කාර්යක් වි තිබු අතර, ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන යටතේ මෙම දුෂ්කරතාවය මග හැරිම සඳහා මෙම සහතික පත් නිකුත් කිරිමේ බලය දිවයිනේ සියළු දිසා ලේකම් වරුන් වෙත අද සිට පවරනු ලැබිය.
මෙම නව වැඩසටහන යටතේ උපසම්පදා සහතික පත්‍ර නිකුත් කිරිම ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතාගේ ප්‍රධනත්වයෙන් අද (10) ආරම්භ කරනු ලැබු අතර, එහි පළමු සහතිකය දිස්ත්‍රික් ලේකම් වරයා විසින් පුජ්‍ය බෝවල සුමංගල හිමියන් වෙත දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි ප්‍රදානය කළ අයුරු ඡායාරුපයෙන් දැක්වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ නැගණිය පැවිදි වී සිට දැනට පැවිදි දිවියෙන් ඉවත් වී ඇත. තේ ගේ ජාතික හැඳුනුම්පත සකස් කර ගැනීම සඳහා උපසම්පදා සහතික අවශ්‍ය වී ඇත. එය ලබා ගැනීමට හැකිද?
මගේ නැගණිය පැවිදි වී සිටි අතර, දැනට පැවිදි ජීවිතයෙන් ඉවත් ව ඇත. .ඇයගේ ජාතික හැඳුනුම්පත සකස් කර ගැනීම සඳහා උපසම්පදා සහතිකය අවැසි වී ඇත. එය ලබා ගන්නේ කෙසේද ?