සිය නිවසේ සූදු පොළක් පවත්වාගෙන ගිය බේරුවල ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙක් ඇතුලු පිරිසක් අද (08) අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් 9 දෙනකු ඇතුළු පුද්ගලයන් 13 දෙනෙකු සිටින බව පොලීසිය සඳහන් කරයි.
පොලීසිය ලද තොරතුක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර අත්අඩංගුවට ගත් අවස්ථාවේදී එහි තිබී මුදල් තොගයක් ද සොයාගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.
(36698)
COMMENTS
කවුද පොහොට්ටුවේ හාදයෙක්ද?
වෙනසකටත් එක්ක මෙදා පොටේ අහුවෙලා ඉන්නේ පොහොට්ටුවේ කෙනෙක් නෙවේ කියන්නේ. එයා නිල්පාට කමිසයක්ලු ඇඳගෙන උන්නේ. කියන තරමක් කියන්නේ හිතළුනේ. තියෙන තරමක් තියෙන්නේ අනාවැකිනේ...
මෙවන් තොරතුරු නම් ගම් ඇතුවම දැම්මා නම් හරි..
අයියෝ ඕක සිම්පල් එකක්නේ.. ඔය ලොකුම පක්ෂ 2 මහ මෝරු දෙන්නා කෙළියේ මහබැංකුවටයි, හෙල්පින් හම්බන්තොට ඇතුළු ජාතික ධනයටමයි. දැන් කිසිම සද්දයක් නැතිව සිල් අරගෙන හොඳින් ඉන්න.