‘ශ්රී ලන්කන් එයාර්ලයින්ස්’ සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා 2012 වසරේ සිට 2014 දක්වා කාලයේදී ඩුබායිහි සිටි අලෙවි සහකාරිනියකට මහල් නිවසක් ලබාගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 2.4ක මුදලක් වෙන් කර ඇතැයි අනාවරණය වී ඇත.
‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ සහ ‘මිහින් ලංකා’ යන සමාගම්වල සිදු වූ බව කියන වංචා, දූෂණ සහ අක්‍රමිකතා සෙවීමට පත් කර ඇති ජනාධිපති කොමිෂන් සභාවේදී මේ කරුණු අනාවරණය වී තිබේ.
‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ සමාගමේ මූල්‍ය අංශයේ ප්‍රධානී යසන්ත දිසානායක මහතා ජනාධිපති කොමිසම ඉදිරියේ කරුණු දක්වමින් ඒ බව සඳහන් කර ඇත.
ඩුබායිහි සිටින විධායක නිලධාරීන් පුහුණු කිරීම සඳහා ලබාගත් නිවාස සංකීර්ණයක් වෙනුවෙන් මාසික මුදලක් වෙන් කරන්නැයි එවකට සමාගමේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා උපදෙස් දුන්නේ යැයි යසන්ත දිසානායක මහතා ජනාධිපති කොමිසම ඉදිරියේ පවසා ඇත.
ඩුබායි හි සිටින අලෙවි සහකාර නිලධාරිනයක වන ෂෙහානි රොද්‍රිගෝ නැමැත්තියකට අදාළ මුදල් වෙන්න කරන්නැයි ද වික්‍රමසිංහ මහතා උපදෙස් දුන් බව ද ඔහු කොමිසම හමුවේ පවසා තිබේ.
අදාළ ගෙවීම්වලට සම්බන්ධ ඉන්වොයිස්වල සඳහන් කර ඇත්තේ ගෙවීම් කළ යුතු සමාගමේ නමක් නොව ඉහත කී තැනැත්තියගේ නම යැයි ද යසන්ත දිසානායක මහතා කොමිසම ඉදිරියේ පවසා ඇත.
ඬේලිමිරර්
055
COMMENTS
ෂා !!! නියම රාජ්‍ය ආයාතනයක සභාපති කමනේ. කාටවත් නැති වරප්ප්‍රසාදයක්. අන්තප්පුරෙටත් පොදුජන මුදල්. පරම්පරානුගත දේපල වෙන්නැති.
මොනතරම් සාක්ෂි තිබුනත් මහපරිමනයෙන් ජනතමුදල් අවභාවිතය කල මොහු අත්අඩංගුවට අරගන්න තවම ප්‍රමාද මොකද ? මේවා දකින කොට මට ලංකාවේ දේශපාලනය සහ නීති පද්ධතිය ගැන ඇතිවෙන්නේ ඉමහත් කලකිරීමක් , චීනය වගේ රටක මෙහෙම කලානම් ,දැනටමත් නඩු අහල මොහුට මරණ දඩුවම දීල , වලලපු තැන ගසුත් වැවිල .
ආයෙත් ගේමු නේද? යුද්දේ දිනන්නේ
දැන් මිනිස්සුන්ට මෙයාල කරපු හොරකම් අමතක වෙලා තියෙන්නේ.