( තිළිණි ද සිල්වා )
රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් ප‍්‍රකාශයට පත් කළ ශ්‍රී ලංකාවේ නවතම සිතියමේ මුද්‍රිත පිටපත් ජූනි මස මැද භාගය වනවිට මහජනතාවට මිලදී ගත හැකි බව මිනුම්පති ජනරාල් පී.එම්.පී උදයකාන්ත මහතා කියා සිටියි.
එසේම එහි පරිගණක මුද්‍රිත පිටපත් මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන කාර්යාලයෙන් මිලදී ගත හැකි බවද හෙතෙම පවසයි.
මෙම නව සිතියමට අනුව ශ්‍රී ලංකාවේ භූමි ප‍්‍රමාණය වර්ග කිලෝ මීටර දෙකකින් පමණ වැඩි වී ඇති බව උදයකාන්ත මහතා සඳහන් කළේය.
රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් සම්පාදනය කරන ලද ශ්‍රී ලංකාවේ නවතම සිතියම අද (31) පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ සහ ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා වෙත බාරදීම ද මිනුම්පති ජනරාල් විසින් සිදු කරන ලදී.
කොළඹ අලූතින් ඉදිවන වරාය නගරය ද ඇතුළත් කිරීම නිසා ශ්‍රී ලංකාවේ භූමි ප‍්‍රමාණය වර්ග කිලෝමීටර 2 කින් වැඩි වී ඇති අතර එමෙන් ම මොරගහකන්ද ඇතුළු වාරි ව්‍යාපෘති ගණනාවක් ද මෙම සිතියමට ඇතුළත් කර තිබේ.
නව ලංකා සිතියමේ 1:50000 පරිමාණයේ මුද්‍රිත පිටපත් ලබන මාසයේ මැද වනවිට ජනතාවට මිලදී ගත හැකි බව ද මිනුම්පති කියා සිටියේය.
ඡායාරුප - ගයාන් අමරසේකර



2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශ්රී ලංකාවේ නවතම සිතියමේ මුද්‍රිත පිටපත් ජූනි මැද භාගයේ
kalani withanage Thursday, 31 May 2018 08:50 AM
ඊජිප්තුවේ විසු ක්ලෝඩියස් ටොලමි විසින් අඳින ලද පළමු ලංකා සිතියම සිහිපත් වෙනවා.
rasika Thursday, 31 May 2018 02:32 PM
මහින්දගේ කාලේ කරපු විශාල ව්‍යපෘති. මෙයාලා කරපු කිසිදෙයක් තාම නෑන..