තරිඳු ජයවර්ධන
2017 වසරේ ජනවාරි පළමු වැනි දා සිට මේ දක්වා ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් ලංකාවේ රැඳී සිටි චීන ජාතිකයන් 154 දෙනකු සම්බන්ධයෙන් විමර්ශන පවත්වා ඇතැයි ආගමන විගමන පාලක දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග කියයි.
2017 වසරේ පමණක් ආගමන විගමන නීති උල්ලංඝණය කළ චීන ජාතිකයන් සම්බන්ධයෙන් විමර්ශන 128ක් පවත්වා ඇති අතර එය එම වසරේ වීසා නොමැතිව රැඳී සිටීම සම්බන්ධයෙන් කළ සියලු විමර්ශන හා බැලීමේදී සියයට 17කට ආසන්න ප්‍රමාණයකි. ගිය වසරේ ආගමන විගමන නීතිය උල්ලංඝණය කළ විදේශිකයන් 793 දෙනකු සම්බන්ධයෙන් විමර්ශන පවත්වා තිබේ.
2017 වසරේ පමණක් විමර්ශනවලින් පසු යළි පිටුවහල් කළ චීන ජාතිකයන් ගණන 63කි. එය එම වසරේ පිටුවහල් කළ විදේශිකයන් ගණන 392කි.
මෙම වසරේ ජනවාරි පළමු වැනි දා සිට මේ වන තෙක් ආගමන විගමන නීති උල්ලංඝණය කළ චීන ජාතිකයන් සම්බන්ධයෙන් විමර්ශන 26ක් පවත්වා ඇති අතර ඉන් 13 දෙනකු ආපසු හරවා යවා තිබේ.
ශ්‍රී ලංකාවේ චීන ව්‍යාපෘති වැඩි වීමත් සමඟ චින ජාතිකයන් වැඩි වශයෙන් ලංකාවේ රඳී සිටින අතර ඔවුන් වෙනුවෙන් විවිධ පහසුකම් වැඩි වෙමින් පවතී. කොළඹ නෙළුම් කුලුන සහ නොරොච්චෝලේ ගල් අඟුරු බලා ගාරයද චීන ව්‍යාපෘති වන අතර ගාලු මුවදොර වරාය නගරය චීනය විසින් ලංකාවේ සිදු කරනු ලබන විශාලම ව්‍යාපෘතියකි.
2025 දෙසැම්බර් මස 16
69
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
866
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වසර එකහමාරට චීන ජාතිකයන් 76ක් පිටුවහල් කරලා
rocky Saturday, 09 June 2018 03:01 AM
චීනය ඔච්චරම දියුණු රටක් නම් මොකද ඒ මිනිස්සු මෙහෙ එන්නේ .. මොනවද කරන්නේ?