(විනීතා එම් ගමගේ)
සේවක අර්ථසාධක අරමුදල ලබා ගැනීමට නිසි වයස සපුරා තිබුණත් විශ‍්‍රාම ගෙන වෙනත් රැකියාවක නිරත වන්නේ නම් අර්ථසාධක අරමුදල ලබා ගැනීමේ අයදුම්පත් භාර නොගැනීමට කම්කරු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
සේවක අර්ථසාධක අරමුදල් පනතේ ප‍්‍රතිපාදන අනුව සේවකයෙකු වයස අවුරුදු 55 ක් ද, සේවිකාවක වයස අවුරුදු 50 ක් ද සම්පුර්ණ කර ඇත්නම් අරමුදලේ ප‍්‍රතිපාදන ලබා ගත හැක. මෙසේ අර්ථසාධක අරමුදලේ වගන්ති වෙනුවට කම්කරු බලධාරින් හිතු මතේ කටයුතු කිරීම ගැන රාජ්‍ය සේවා කම්කරු නිලධාරින්ගේ සංගමය දැඩි විරෝධය පළ කරයි.
වහාම මෙම අසාධාරණ කටයුත්ත නවතා වැඩ කරන ජනතාවට හිමි මුදල් ලබා දීමට පියවර ගන්නා ලෙස කම්කරු බලධාරින්ගෙන් තම සංගමය ඉල්ලා සිටි බව රාජ්‍ය සේවා කම්කරු නිලධාරින්ගේ සංගමයේ සභාපති අයි. සී. ගමගේ මහතා පවසයි.
පෞද්ගලික අංශයේ සේවයකරන බොහෝ දෙනා නිසි වයසේ දි විශ‍්‍රාම ගෙන එම සේවා ස්ථානයේ ම නවක සේවකයකු ලෙස හෝ වෙනත් රැකියාවක නිරත වීම සාමාන්‍ය දෙයක් බවත් ඔවුන්ගේ ජීවිත කාලයක් ඉපැයූ මුදල් ඔවුන්ට නිසි වේලාවට ලබා දීම කම්කරු බලධාරින් ගේ යුතුකම හා වගකීම බවත් ගමගේ මහතා කියයි.
COMMENTS
සමහර රජයේ සේවකයන්ගේ නොමනා ක්‍රියා නිසා රජය අපහසුතාවයට පත් කරන තවත් වැඩක්ද?
එ්කත් නොදෙන්න හේතුවක් හොයාගෙන වගේ කට්ටිය. අර්ථ සාධක අරමුදල් පනතේ එහෙම කොන්දේසියක් නැහැනේ !
අර්ථසාධකේ හිමි කෙනෙක් වයස 55න් පස්සේ සේවයෙන් ඉවත් වෙලා වෙන රැකියාවක් කරනවා නම් ඒ දෙවන රැකියාවට නැවත අර්ථසාධකයට බැඳෙනවාද නැත්නම් කලින් එකම දික් කරනවාද?
කම්කරු ඇමතිතුමනි, මේ ඔබතුමන්ගේ අවධානය පිණිසයි! ඔබතුමා මේ අසාධාරණය අනුමත නොකරන බව අපගේ විශ්වාසයයි!
අර්ථසාධක මුදල් ගන්න විතරක් බොරුවට, නමට විශ්‍රාම ගන්න එක නිසා තමයි මේ ඔක්කොම. ඒ වැඩේ වැරදියි නේ..
අහිංසක සේවකයින්ගේ අර්ථසාධකේටත් විදින්නද හදන්නේ මුළු ආණ්ඩුවම ලැජ්ජා වෙන්න ඕන මේ කරන වැඩ වලට.
කෝමේ වෘත්තිය සමිති නිදිද පැන්ෂන් ගියාට පස්සේ සේවක අයිතිවාසිකම් ගැන බලන්නේ නැද්ද ?
රාජ්‍ය සේවකයාගේ විශ්‍රාම වැටුපට වගේ අර්ථසාධක අරමුදලටත් තට්ටු කරන්නද යන්නෙ ?