(බිඟුන් මේනක ගමගේ)
වතු සේවකයන්ගේ මාස තුනක හිඟ වැටුප් දීමට ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ මුදල්වලින් රුපියල් කෝටි 10 ක් ලබාදීමට වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා තීරණය කර ඇත.
වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා වතු සමාගම් සහ වෘත්තීය සමිති සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.
වතු කම්කරුවන්ගේ දිනයක මූලික වැටුප රුපියල් 700 දක්වා වැඩිකිරීමට වැවිලි සමාගම් හා වතුකම්කරු වෘත්තිය සමිති එකඟතාවකට පැමිණි නිසා ගැටලු නිරාකරණය කරගැනීමට පහසුකම් සැලසීමක් වශයෙන් මෙවැනි තීරණයක් ගෙන ඇති බව තේ මණ්ඩලයේ නිලධාරියෙක් ‘ලංකාදීප’ යට පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවගේ මුදලින් පඩි ගෙවන ක්‍රමයක් වැඩක් නැහැ.. මේකෙන් වෙන්නේ බදු බර වැඩි වෙන එක විතරයි..