IMG-LOGO

ලීටර 5 ට අඩු ජලබෝතල් මුහුදු ගෙයනාම බේරුවලින් තහනම් කරයි

(තුසිත කුමාර ද සිල්වා  )                                                         
 
බේරුවල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා දියඹට යන බහුදින යාත්‍රා 742 ක  ධීවර කාර්මිකයින්ට ලීටර් 5කට අඩු ප්ලාස්ටික්  ජල බෝතල් හෝ වෙනත් කිසිදු බෝතලයක් දියඹට රැගෙන යාම තහනම් බව   බේරුවල ධීවර වාරයේ නියෝජ්‍ය කළමනාකරු ප්‍රසාද් වීරක්කොඩි මහතා අද (31) පැවසීය.
 
මෙම නීතීය අද (31) සිට ක්‍රියාත්මක වේ.
 
 ලෝක ශ්‍රේණීගත කිරීම් අනුව ප්ලාස්ටික් හා පොලිතින් සාගරයට බැහැර කරන රටවල් අතර ශ්‍රී ලංකාව 05 වන ස්ථානයේ සිටින බැවින් සමුද්‍ර දූෂණය වළක්වාලීමට මෙම තීරණය ගත් බව වීරක්කොඩි මහතා පැවසීය.
 
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන  දෙපාර්තමේන්තුව මෙම තීරණය ක්‍රියාත්මක කරන ලෙස උපදෙස් ලබා දී තිබේ.

 මෙයට මාස කිහිපයක සිට පුර්ව දෙනුම් දීම ධීවරයන්ට ලබා දී තිබු බවත් ඊට අදාල ප්‍රචාරක බැනර් පුවරු වරාය පරිශ්‍රයේ ප්‍රදර්ශනය කර තිබු බවත් ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වූ බේරුවල බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති සහ බේරුවල නාගරික මන්ත්‍රී සජිත් දේවප්‍රිය මහතා ප්‍රකාශ කලේ මේ අනුව කටයුතු කිරීමට සියලුම ධීවර යාත්‍රා වල ගමන් කරන ධීවර කාර්මිකයින් ධීවර ව්‍යාපාරික යාත්‍රා හිමිකරුවන් මගින්ද දැනුවත් කර ඇති බවයි.

 



අදහස් (2)

ලීටර 5 ට අඩු ජලබෝතල් මුහුදු ගෙයනාම බේරුවලින් තහනම් කරයි

sharm warn Thursday, 31 October 2019 08:12 AM

අනේ ධීවර සොහොයුරනි, මේ නීතිය පිළිපදින්න. ඔබේ දරුවන්ටත්, ලෝකයටත් යහපතක් වනු පිණිස...

:       0       40

isurandi Thursday, 31 October 2019 12:32 PM

ඔබ පරිසරයට හිතකාමී වුණොත් පරිසරය විසින් ඔබව ආරක්ෂා කරනු ඇත.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 371 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 919 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1314 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site