(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ නයනදුල සෙන්දනායක )
බුලත්සිංහල,යටගම්පිටිය රක්ෂිතයේ වල්ලාපට්ටා කපමින් සිටි සිව් දෙනකු අද ඉංගිරිය අඩවිවන කාර්යාලය මගින් අත්අඅඩංගුවට ගෙන තිබේ.
වන අඩවි නිලධාරීන් දැක පැන යමින් සිටි ඔවුන් පසුපස හඹාගිය නිලධාරීන්ට සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී රුපියල් ලක්ෂ 8 වල්ලාපට්ට තොගයක්ද අඩවිවන නිලධාරීන්ගේ බාරයට ගෙන තිබේ. ඔවුහු බුලත්සිංහල, යටගම්පිටිය, කලවාන වගුරුව යන ප්‍රදේශයන්හි පදිංචිකරුවෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ගොන් රාළලාට වල්පට්ට වැවීම තේ වැවීමට වැඩිය ලාභදායි කියලා අවබෝධ වෙන්නේ කවදාද?
ඔන්න ආයිත් පටන් ගත්තා වල්ල පට්ට. තව ටික දවසකින් කිඹුල් හුණා එකී මෙකි නොකී දෑ පටන් ගනී.