IMG-LOGO

රුහුණු විශ්ව විද්‍යාලිය රබීන්ද්‍රනාත් තාගෝර් අනුස්මරණ ශ්‍රවණාගාරය සිසු අයිතියට

රුහුණ විශ්ව විද්‍යාලයීය ‘රබින්ද්‍රනාත් තාගෝර්‘ අනුස්මරණ ශ‍්‍රවණාගාරය ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු සහ රුහුණ විශ්ව විද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණී සේනානායක  යන මහත්වරුන් ප්‍රධානත්වයෙන් සිසු  අයිතියට පත් කෙරිණි.

 
මෙම ශ්‍රවණාගාරය 1500 ක පමණ පිරිසකට අසුන් ගත හැකි අතර  නවීන තාක්ෂණය සමඟ  ඉදිකර ඇති ශ‍්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයක් සතු විශාලතම ශ‍්‍රවණාගාරය වේ.

 
ප‍්‍රවීණ ශ‍්‍රී ලාංකේය ගෘහ නිර්මාණ ශිල්පී ජෙෆ්රි බාවා මහතාගේ “නිවර්තන නූතනවාදය” යන සංකල්පයට අනුගත වන පරිදි මෙම ශ‍්‍රවණාගාරය නිර්මාණය කර තිබේ.


මෙය ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සංස්කෘතික බැඳීමේ සංකේතයක් වනු  ඇති අතර ශ්‍රේෂ්ඨ ඉන්දියානු කවියෙකු සහ නොබෙල් සම්මානලාභියෙකු වන තාගෝර්තුමා විසින් සමස්ත දකුණු ආසියාතික කලාපයට සහ ලෝකයට දායාද කරන ලද සෞන්දර්යාත්මක සහ බුද්ධිමය උරුමයේ සදානුස්මරණීය පුරාවෘත්තය තවදුරටත් ආරක්ෂා කරනු ඇත.


ශ්‍රවණාගාරය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 300 ක් ඉන්දියානු රජ ලබා දී තිබේ. 


ඉන්දියානු ජාතියේ පියා ලෙස සැලකෙන මහත්මා ගාන්ධිතුමාගේ 150 වන ජන්ම සංවත්සරය නිමිත්තෙන් එතුමාගේ පණිවිඩය සහ ඉගැන්වීම් ඇතුළත් කෙටි වීඩියෝවක්ද මෙම උත්සවය අවස්ථාවේදී ප්‍රචාරය කෙරිණි.
 
මින් වසර 40කට පෙර ඉදිකරන ලද රුහුණ විශ්ව විද්‍යාලයීය ගොඩනැගිලිද ජෙෆ්රි බාවා මහතාගේ මග පෙන්වීම යටතේ නිර්මාණය කර ඇත. 


විශ්ව විද්‍යාලයේ අධ්‍යයන සහ අනධ්‍යන කාර්ය මණ්ඩලය, ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ අනෙකුත් ආරාධිත අමුත්තන් ඇතුළු දහසකට අධික පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.


(36698) 

 



අදහස් (0)

රුහුණු විශ්ව විද්‍යාලිය රබීන්ද්‍රනාත් තාගෝර් අනුස්මරණ ශ්‍රවණාගාරය සිසු අයිතියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 216 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 103 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1713 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site