(දයාරත්න ඇඹෝගම)
රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති සහ දෙපාර්තමේන්තු දහහතරක අංශ ප්‍රධානීන් අද (09) ඔවුන් දැරු තනතුරු වලින් ඉල්ලා අස්වී ඇත.
වෛද්‍ය පීඨයේ ආචාර්යවරුන්ට ලබා දුන් “රඳවා ගැනීමේ දීමනාව” කිසිදු පුර්ව දැනුම් දීමකින් තොරව නවතා දැමීම නිසා ආචාර්යවරු මේ තීරණයට එළැඹ තිබේ.
අනුරාධපුරය වැනි දුෂ්කර පළාතකට වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ ආචාර්යවරුන් නොපැමිණීම නිසා ඔවුන් දිරි ගැන්වීම සඳහා හිටපු උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බි.දිසානායක මහතා විසින් මහචාර්යවරයෙකුට මාසිකව රුපියල් ලක්ෂයක්ද , ඡ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු සඳහා රුපියල් 80,000.00ක්ද , කථිකාචාර්යවරයෙකු සඳහා රුපියල් 60,000.00 ගෙවීමට තීරණය කොට තිබුණි.
එම දීමනාව පසුගිය ඔක්තෝබර් මාසයේ සිට ගෙවීම අත් හිටුවීමට විරෝධය පල කරමින් වෛද්‍ය පීඨයේ පීඨාධිපතිවරයා ඇතුළු ආචාර්යවරුන් විසින් මෙසේ සිය තනතුරු වලින් ඉවත්ව තිබේ.
ආචාර්යවරුන්ගේ මේ තීරණය නිසා වෛද්‍ය පීඨ සිසුන්ගේ අවසන් වසර විභාගය පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇත.
එය ලබන වසරේ වෛද්‍යවරුන්ට සීමාවාසික පත්වීම් ලබා දීමටද ඍජුව බලපෑමක් එල්ල කරන අතර 2006 වසරේ ආරම්භ කළ රජරට වෛද්‍ය පීඨයෙන් මේ වනවිට එම්.බි.බි.එස්. උපාධිධාරීහු 1200ක් උපාධිය ලබා ඇත.
ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල පද්ධතිය තුළ ආචාර්යවරුන් උපකුලපතිවරයෙකුට එරෙහිව මෙවන් තීරණයකට එළඹ ඇත්තේ පළමු වතාවටය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුරාධපුරයට කොහොමද දැන් කියන්නේ "දුෂ්කර පලාතක් කියලා??? අවුරුදු 30 40කට ඉහත නම් එහෙම වෙන්න ඇති. මෙයාලත් සල්ලි පස්සෙම යන ක්‍රමවේදයට වැටිලා.
උගතුනට හොද වැටුපක් දිය යුතුයි අද ගොන්නුන්ට තමා වැඩිපුර ගෙවන්නේ
අපේ කාලේ නම් ගුරුවරු මුදල් බලාගෙන වැඩ කලේ නැහැ, දැන් ගමන් පහසුව තිබෙන නිසා ඔය ප්‍රදේශ දුෂ්කර පළාත් වශයෙන් හදුන්වන්න බැහැ.
දෙය්යෝ සාක්කි. තමුන්ලා උගත්හුන් නේද? මිනිස්සු මුරුංග කොළ කද්දී මොකාද මේ නාඩගම ලක්ෂයක් අමටරව????? හෙන වදිනවා සුදුසුකම් තියෙනවද?? තොප වහාම රටින් පලයව්. නොමිලේ ඉගනගෙන කරන බලු වැඩ
යමක් දීල ආපසු ගැනීම එතරම් හොඳ නැහැ. රජරට විශ්වවිද්‍යාලයට එම දීමනාව අවශයි. නැත්නම් කවුරුවත් ඔතන දුක්විඳින්න එන්නේ නැතිබව තේරෙන්නේ නැද්ද?
අධ්‍යාපනයට මුවා වෙමින් අහිංසක දරුවන් බිල්ලට තබාගනිමින් කරන්නාවූ මෙවැනි ආසාධාරණ දීමනා ලබාගැනීමට කරන මෙවැනි දෑ ලජ්ජා සහගතයි.
විශ්ව විද්‍යාල ආචාරවරු ඉහළ වැටුපක් ලබයි.... උදාහරණයක් වශයෙන් ඔවුන් පර්යේෂණ දීමනා වශයෙන් මූලික වැටුපෙන් 150% හෝ ඊට වැඩි මුදලක් ලබා ගනී. එහෙත්, ඔවුන් පර්යේෂණ හා පර්යේෂණ ප්‍රකාශන කිසිවක් නොකරයි. ශ්‍රී ලංකාව කුඩා රටක් වන අතර අනුරාධපුරය වර්තමානයේ නවීන පහසුකම් සහිත වේ (උදා. හොඳ පාසල, රෝහල සහ මාර්ග). බොහෝ මහාචාර්යවරු පවුල කොළඹ හෝ මහනුවර වෙති. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් සිකුරාදා හෝ සඳුදා පංතියේ නැත. මොකද, ඔවුන් තම නිවෙස් වලට යනවා. මහාචාර්යවරුගේ කාර්යභාරය මහජනතාවට තේරුම් ගැනීමට නොහැකි බව මා සිතනවා.
මොහොමයකට කිසිම සුදුසුකමක් නමැති දේශපාලකයෝ........... දුෂ්කර පළාත්වලට දවස්කිපයකට ගියත් ජංගම වැසිකිලියේ සිට සියලුම සැප පහසුව සදහා මහජන මුදල් කෝටි ගණන් වියදම් කරමින් රටේ මුදල් කාබාසිනියා කරනවා. මේ උගත් පිරිසට දෙන දීමනාව ගැන තමා හිතන්නේ, ඒ උදවියගෙන් රටේ අනාගත පරම්පරාවට වෙන සේවය ගැන බලන්නේ නැහැ..........
අනෙකුත් රජයේ සේවකයින්ට ලැබෙන වැටුප් සමග බැලුවොත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ලැබෙන වැටුප ඉහල මට්ටමක පවතිනවා. ඊට අමතරව දීමනාවක් වශයෙන් මෙච්චර මුදලක් ලබාදීම සාධාරණද? ලංකාවේ සියලු වෘර්තිකයින්ට මෙවැනි පහසුකම් ලැබෙන්නේ නෑ. චැනල් සේවයේ දොස්තරවරු අධික මුදලක් අයකිරීමට සාපේක්ෂව දැන් මේසන් බාස්වරු කාර්මිකයින් සියලු දෙනා ඔවුන්ගේ හිතුමතේට ගාස්තු අයකරන්න පටන් ගෙන. වෙන රටවල්වල යම් සීමාවන් තියෙනවා. ලංකාවේ මෙවැනි තත්වයක් තුල කිසිම කෙනෙක් ආයෝජනය කරන්න එන්නෙත් නෑ
රටේ මෙච්චර මිනිස්සු දුක් විඳිනවා, මේ අය රටේ බදු මුදල් සමග සෙල්ලම් කරනවා. ඔය පීඨයේ බැජ් එකකට ගන්නේ 100 වගේ ප්‍රමාණයක් නේ. ඕක වහලා ඔය ගන්න සිසුන් ප්‍රමාණය අනිත් විශ්ව විද්‍යාලවලට ගන්න. 100ක බැජ් එකකට සම්පුර්ණ ආචාර්ය මණ්ඩලයක් නඩත්තු කරන එක නාස්තියක්.
රජරට වෛද්‍ය පීඨයේ එක කණ්ඩායමක සිසුන් 180 ඉන්නවා (කොළඹ සහ පේරාදෙණියට පසුව වෛද්‍ය පීඨයකට ගන්නා වැඩිම ශිෂ්‍ය සංඛ්‍යාව). නමුත් උගන්නන්න ඉන්නේ අවශ්‍ය ආචාර්ය මණ්ඩලයෙන් තුනෙන් එකක් පමණයි. ලංකාවේ වෛද්‍ය පීඨ වල එක ආචාර්ය වරයෙකුට වැඩිම ශිෂ්‍ය සංඛ්‍යාව ඉන්නේ රජරට (ජපුර, රාගම සහ කොළඹ පීට වලට වඩා තුන් ගුණයක් ). නිසා ඉන්න ආචාර්යවරුන්ට ඉතා වැඩිපුර වැඩ කරන්න වෙනවා. සමහර දෙපාර්තමේන්තු වල නියමිත ප්‍රමාණයට වඩා හතර ගුණයක් වැඩ කරනවා. ආචාර්යවරුන්ට (ඔවුනුත් වෛද්‍යවරු) ඇති වැටුප රජයේ වෛද්‍යවරුන්ට තිබෙන වැටුපට වඩා අඩුයි . මේ නිසා වෛද්‍යවරු ආචාර්ය මණ්ඩලයට බැඳෙන්න අකමැතියි. ඉන්න අයත් රට යන්න හරි නැවත සෞඛ්‍ය අමාත්‍යංශයට යන්න හරි බලනවා. මේ දීමනාව ගෙවන්නේ, දැනට පුරප්පාඩු තියෙන තනතුරු වලට වෙන්කරන මුදලෙන්. මේ සියළු ප්‍රශ්ණ මැද්දේ ආචාර්ය මණ්ඩලය ශිෂ්‍යයන්ට හොඳින් උගන්වනවා . පසුගිය අවසන් වසර විභාගයෙන් රජරට ශිෂ්‍යයන් ගේ ප්‍රතිපල දෙවැනි උනේ කොළඹ සහ පේරාදෙණියට පමණයි. එක් කථිකාචාර්ය වරයෙකු වසරකට එළිදක්වන අන්තර්ජාතික මට්ටමේ පර්යේෂණ පත්‍රිකා සංඛ්‍යාව අතින් වැඩිම පර්යේෂණ දායකත්වයක් රටට දක්වන වෛද්‍ය පීඨය රජරටයි