IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


යාපනයේ මුස්ලිම් හෝටලයක තිබී බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය රැසක් සොයා ගනී

(ප්‍රදීප් කුමාර)
 
වවුනියාව යාපනය මාර්ගයේ කනගරායම් කුලම ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් හෝටලයක් පිටුපස වළ දමා තිබූ බෝම්බ ඇතුළු  පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ආරක්ෂක අංශ විසින් ගොඩ ගෙන තිබේ.
 
හමුවූ යුද උපකරණ අතර පීඩන බෝම්බ තුනක්, ආර් පී ජී උණ්ඩයක්, සී 4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය, පතුරොම් ඇතුළු තවත් ද්‍රව්‍ය මේ අතර තිබිණි.
 
මෙම යුධ උපකරණ තොගය ප්ලාස්ටික් බටවල බහා ඉතා සුරක්ෂිතව වළ දමා තිබිණි.
 
මේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ හෝටලයේ හිමිකරු අත්අඩංගුවට ගෙන පරීක්ෂණ කරන බව පොලීසිය කියයි.
 
ආරක්ෂක අංශවල බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඒවා සොයා ගෙන තිබේ. 
 
උතුරේ සේවය සදහා යන එන ආරක්ෂක අංශ නිලධාරීන් සියලු දෙනා බස් රථ වලින් ගමන් ගන්නා විට ආහාර ගැනීම සදහා නතර කරණු ලබන්නේ මෙම හෝටලයේය.
 
ඒ 09 මාර්ගයේ ගමන් ගනු ලබන දුර ගමන් සේවා බස් රථද නිරන්තරයෙන් මෙම හෝටලයේ නතර කරනු ලබයි.
 
මෙම හෝටලය ඉදි කොට ඇති ඉඩම මුස්ලීම් ව්‍යාපාරිකයා විසින් මීට වසර 9 ට පෙර බලහත්කාරයෙන් අල්ලා ගනිම්න් හොටලයක් පවත්වාගෙන ගොස් තිබේ.
 
යුද සමයේ මෙම ස්ථානයේ තිබී ඇත්තේ කොටි සංවිධානය විසින් පවත්වාගෙන යනු ලැබු රෝහලකි.
 
 
ආරක්ෂක අංශ විසින් සොයා ගන්නා ලද පුපුරණ ද්‍රව්‍ය යුද සමයේදී භාවිත කළ ඒවා බවට සැක කෙරෙන අතර හෝටල් හිමියා එම පුපුරණ ද්‍රව්‍ය ළග තබා ගන්නා ලද්දේ කවර හේතුවක් මතද යන්න පිළිබදව පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
 
අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කනගරායම්කුලම පොලීසිය වෙත බාරදී ඇති අතර පොලිසිය හා වවුනියාවේ ආරක්ෂක අංශ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
 
 
(ඡායාරූප - ප්‍රදීප් කුමාර)
 
 
(ඡායාරූප -  රොමේෂ් මධුෂංක)
 
 



අදහස් (0)

යාපනයේ මුස්ලිම් හෝටලයක තිබී බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය රැසක් සොයා ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 127 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 76 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 449 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site