පසමිතුරන් ලෙසින් දෙපසට වී එකිනෙකාට දොස් පවරමින් සිටියද හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දහවල් එකම මේසයේ එකළඟ අසුන්ගෙන සිටියහ.
රාජ්‍ය ඇමති ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතාගේ පුත් පසඳ යාපා අබේවර්ධන මහතාගේ විවාහ මංගලෝත්සවයේදී විවාහයේ සාක්‍ෂිකරුවන් ලෙසින් අත්සන් කළේද හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය.
පසඳ යාපා අබේවර්ධන මහතාගේ අතගත් මනාළිය වූ ජනාසි මල්ලිමාරච්චි මෙනවිය ජනක මල්ලිමාරච්චිගේ දියණිය වේ.

COMMENTS
කව්රුන් හෝ කිව්වොත් මම ඔබට වෛර කරනවා කියා... කව්රුන් හෝ කිව්වොත් මම ඔබට ආදරය කරනවා කියා... එතකොට කවුද පරාද?
කොහොමත් රටේ ජනතාව දන්නවා රවටන්නේ ඒ ගොල්ලොමයි, අපිමයි කියලා.
ජනතාව කෙතරම් මුලා වී සිටියත් මේ ගොල්ලෝ එකම ඥාති මිත‍්‍රාදීන්නේ...
මහින්ද කියනවා වගේ මෛත්‍රී යහපාලනයෙන් තරහ වෙලා එන්නෙත් නැහැ. මහින්ද-මෛත්‍රි එකතු වුණත් මෛත්‍රි ජනාධිපති කවදාවත් මහින්දට නම් අගමැතිකම දෙන්නෙත් නැහැ. දුන්නොත් වෙන්නේ තමා තණ අග රැඳි පිනිබිඳුවක් වීමයි. ඒ නිසා තවමත් කවුරු කවුරු එක මෙසේ වාඩි වුණත්, අපේ ජනාධිපති අපි බලාගන්නම් කියලා ඔළුව අත ගෑවත් තවමත් රනිල් බලවත්...
විරසක වුණත් අප දෙදෙනා මෑතකදී... ඡන්දය ලඟනිසා මිතුදම ගැන සටන් වදී.. " මක්කා" වුනත් නිල් අතදී මතවාදී.. හිතුනා "කොහු අඹ" යාලුවෙක් වන්නට මෑතකදී..
මේ දෙගොල්ලම ඔහොම තමයි. ඒ ගොල්ලෝ එකට කනවා බොනවා අපට කොකා පෙන්වන්න. එළියේ මරා ගන්නවා. කෝ ජේවීපී එකේ කවුරුත් මෙතන ඉන්නවද? එයා ඒ ගොල්ලන්ට මේවා නොකියන්නේ එයාලගේ පන්තියේ නොවන නිසා. මේ සරල කරණය වැටහුනා නම් දිනකට මේ සෙල්ලම ඉවරයි.
මේ ඔක්කොම දේශපාලක හොරු රැළ නිසා තමයි.
දේශපාලන ලෝකයේ සදාකාලික මිතුරන් හෝ සතුරන් නොමැත.
පැහැපත් මූණක් නම් පේන්නේ නැහැ.
ශ්‍රිලනිප නිලනායකත්වය නැතිව වුවද දේශපාලන ගමනක් යෑමට ඇති හැකියාව මහින්ද විසින් පෙන්වා දී තිබේ. මේ රටේ සියල්ලම දන්නා, සිරිසේනත් හොඳින් දන්නා තිත්ත ඇත්ත නම් ශ්‍රීලනිපයේ ඡන්ද පදනම තිබෙන්නේ මහින්ද අතේ බවය. තනියම තරඟ කිරීමෙන් ලැබීමට නියමිත පරාජය විසින් තම පැවැත්ම නිශේධනය වනු ඇතැයි සිරිසේන නිවැරදි ලෙස අනුමාන කර ඇත. ස්වකීය පැවැත්මක් ගැන ඔහුට කිසිදු ආකාරයක දැක්මක් හෝ ශක්තියක් නොමැත. මයික් එකක් ඉදිරියේ පසුගාමී කතා කීමෙන් එහාට ගිය දේශපාලන දැක්මක්ද නැත. දීර්ඝ කාලීන ඉලක්කයක් ඔස්සේ ඉවසීමෙන් ක්‍රියාකිරීමේ පරිචයක්ද නැත. බාල ගනයේ ජනප්‍රියත්වය උදෙසා තම පදවිය අවභාවිතයේ යොදවන මේ මිනිසා විවේචනය ඉදිරියේ වියරු වැටෙයි. තමන් කොපමණ ආකාරයේ හිස් මිනිසෙක්දැයි සිරිසේන මේ දක්වා මොනවට ඔප්පු කරමින් සිටී.
මේ සියල්ල යට තියෙන්නේ මහින්ද ගේ අධි බල තණ්හාවයි .
මුන් බඳින්නෙත් බලය වැඩි කරගන්නම තමයි.
පොදු ජනතාවට කිසි පලක් නැති නිව්ස් එකක්...
මහජනතාව මේසේ යට...