IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මහඇමැතිගෙන් විදුහල්පතිනියට බලපෑම් ආ බව පාර්ලිමේන්තු කාරක සභා වාර්තාව කියයි

බිඟුන් මේනක ගමගේ
 
ඌව පළාත් මහ ඇමැතිවරයාගෙන් බදුල්ල දෙමළ විද්‍යාලයේ විදුහල්පතිනියට කලක් තිස්සේ බලපෑම් එල්ල වී ඇතැයි පාර්ලිමේන්තුවේ අධ්‍යාපන ආංශික අධීක්ෂණ කාරක සභාව මගින් පත්කෙරුණු අනුකමිටුවක වාර්තාවේ නිරීක්ෂණවල සඳහන් වේ. 
 
ඌව පළාත් මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතාගෙන් බදුල්ලේ දෙමළ විද්‍යාලයේ විදුහල්පතිනියට බලපෑම් එල්ලවීදැයි සොයාබැලීමට විමර්ශනයක් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අධ්‍යාපන ආංශික අධීක්ෂණ කාරක සභාව මගින් මෙම අනුකමිටුව පත්කෙරුණු අතර මේ වනවිට එම වාර්තාව එම කාරක සභාවේ සභාපති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතාට බාර දී ඇත.
 
සිදුවීමට අදාළ පාර්ශ්ව කැඳවා සාක්ෂි ලබාගනිමින් හා රාජ්‍ය ආයතන මගින් සිදුකෙරුණු පරීක්ෂණ වාර්තා අධ්‍යයනය කරමින් මෙම වාර්තාව සකස් කළේ යැයි අනුකමිටුවේ සභාපති ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා ‘ලංකාදීප’ යට පැවැසීය.
 
ඒ අනුව අදාළ වාර්තාව පාර්ලිමේන්තුවේ අධ්‍යාපන ආංශික අධීක්ෂණ කාරක සභාවේ වැඩිදුරටත් සාකච්ඡාවට ගෙන ඉක්මණින්ම කතානායකවරයාට යොමු කෙරෙනු ඇතැයි ද ජයතිස්ස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (3)

මහඇමැතිගෙන් විදුහල්පතිනියට බලපෑම් ආ බව පාර්ලිමේන්තු කාරක සභා වාර්තාව කියයි

dhamneth Friday, 04 May 2018 02:59 AM

අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි ඇමතිකම් දියයුත්තේ උගත් අයටයි.

:       0       1

kalani Friday, 04 May 2018 03:58 AM

එකනේ කියන්නේ. වාර්තාව නිර්දේශ කරලා ඇති අධ්‍යාපන ඇමතිකම දෙන්න.

:       0       1

raheem Friday, 04 May 2018 06:58 AM

අධ්‍යාපනය කෙසේවෙතත් සෞඛ්‍ය ඇමතිකම දුන්නට කමක් නැහැ, මෙයාගේ ශරීරයේ size එකේ හැටියට.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 705 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 335 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site