(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
යාපනය කිලිනොච්චිය මුලතිව් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අණදෙන නිලධාරි කර්නල් රත්නප්‍රිය බන්දු මහතා විශ්වමඩු අණ දෙන මූලස්ථානයේ සිට ස්ථාන මාරු ලබා යන අවස්ථාවේ දී පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජික සාමාජිකාවෝ මෙන්ම ප්‍රදේශවාසීහු ද හඬා වැටුණහ.
රත්නප්‍රිය බන්දු මහතා වසර පහක සිට මෙම ප්‍රදේශයට පැමිණ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සිටි පිරිස් පුනරුත්ථාපනය කර ඔවුන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට බඳවාගෙන සමාජගත කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළේය.
ඔහු ස්ථාන මාරු ලැබ පිටව යන අවස්ථාවේ දී ඔවුහු සියලු දෙනාම හැඬූ කඳුළින් සමුදුන්හ.
කිලිනොච්චිය සමුපකාර ගොඩනැගිල්ලේ දී ඔහුට සමුදීමේ උත්සවයක් පැවැත්වූ අතර, එය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට බැඳී සිටින හිටපු එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පුනරුත්ථාපනය වූවන් විසින් සංවිධානය කර තිබිණ.

COMMENTS
රටක සාමය ඇතිකල හැක්කේ මෙවන් මානුෂික අදහස් ඇති මහත්මා වරුන්ටය.. දේශපාලකයින් බල තණ්හාව නිසා ජාතිවාදය අවුස්සමින් රටේ සාමය ඇතිවීම වලක්වයි.
මේවාට බටහිර රටවල වපර ඇහින් අපේ හමුදාව දෙස බලන රටවල නියෝජිතයන් සහබාගි නොවන්නේ ඇයි.
අපේ රටේ සිංහල, දෙමල, මුස්ලිම් ඔක්කොම ප්‍රශ්න තියෙන්නේ ඒ ඒ ජාතීන්ගේ දේශපාලන නායකයන්ට මිස සාමාන්‍ය මිනිස්සුන්ට නෙමේ. සාමාන්‍ය මිනිස්සුත් මේ ජරා වලට ඇදල දාන්නෙ ජරා දේශපාලකයොයි.
අද රටට අවශ්‍ය මෙවැනි නිලධාරීන්.
උතුරේ මහ ඇමතිගේ අවධානය මේ වෙත යොමු වේවා!
චායාරූපය වචන වලට එහා දෙයක් පවසනවා. ඔබ තුමාට මගේ උත්තමාචාරය.
මේ වගේ උත්තම මිනිසුන් අගයන්න ඕනේ...
දේශපාලකයෝ නැත්නම් සිංහල දෙමළ ගැටුමක් නෑ
හරිම සංවේදී අවස්තාවක්... ඔය ආදරය ප්‍රේමය හැමදාම තියා ගන්න අපි සහජීවනටෙන් ජීවත් වෙමු..
මහජන බදු මුදල් වලින් වැටුප් ලබන අවංක නිලදාරියකු වන ඔබට අපගේ උත්තමාචාරය .
කර්නල් රත්නප්‍රිය මහතා විශ්වමඩු ජනතාවට සමුදෙද්දී මහා විලාප කදුළු ගොඩවල් දක්නට ලැබුණි. සංහිඳියාවට වෙනත් සාක්ෂි අවශ්‍යද? මුලතිව් පළාතේ යුද්ධ කළේ මේ හමුදාවම යැයි කියමින් සාමාන්‍ය ජනතාව යුදහමුදාවට චෝදනා එල්ල නොකළත් උතුරේ දේශපාලනඥයෝ එසේ කියමින් ජිනීවා දක්වාම යති. ඔවුන්ගේ අරමුණ සංහිදියාව නොව බලය පවත්වාගෙන යාමයි.
සාමය පතුරුවන්නත් හමුදාවකට පුළුවන් බව මෙතනින් පෙනෙනවා. අවාසනාවකට වගේ බොහෝ දෙනෙකුට සාමයට නොව යුද්ධයට ප්‍රධාන තැන දෙන්න තමයි අවශ්‍යතාවය.
මෙතුමාට මේ ජනතාව දක්වන ආදරයෙන්ම හිතාගන්න පුළුවන් මෙතුමා හා සම්බන්ධ බොහෝ දේ. මේ අවස්තාව විස කටු ඇනුනාක් මෙන් වැදුණු ජාතිවාදී දෙමල දේශපාලකයෙකු බොහෝ සේ කලබල වී සිටිනු පෙනුනා. සැබවින්ම මෙවන් විනීත නිලධාරීන් අප රටට සැමදා වාසනාවන්.
මිනිහෙක්ගේ වටිනාකම දැනිල තවත් මිනිස්සු රොත්තක්ම අඬනව කියන්නේ හරිම දුර්ලභ දෙයක් ඒක සත්‍ය වශයෙන්ම අව්‍යාජයි. ගැහැණුන්ගේ ඇඩීම ගැන නම් ඒ විධියටම කියන්න අමාරුයි. නමුත් මේ අවස්ථවේ ගැහැණු පිරිමි දෙගොල්ලම දුක් වෙන්නේ තමන්ට හදවතින්ම පිළිසරණවුන මනුස්ස දේවතාවාගේ වෙන්වයාම සිදුවන නිසයි.
කුමාර් ගල්ෆ් මහත්තයෝ! හමුදාවේ හිටපු ඔක්කොම මේ වගේ උතුම් මහත්තුරු කියලා ලෝකේ කාටත් පිලිගන්නද ඔබ කියන්නේ?