IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


මොරටු සරසවියට නවීන විද්‍යාගාරයක්

(අකිල බද්දෙවිතාන / ඡායාරූප - රේඛා තරංගනී ෆොන්සේකා)

මොරටුව විශ්ව විද්‍යාලයේ ඉදි කෙරුණු ශ්‍රී ලංකාවේ ප්‍රථම කෘතිම නවෝත්පාදන විද්‍යාගාරය විවෘත කිරීම අද(23) මොරටුව විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
කෝඩ්ජෙන් ජාත්‍යන්තර ආයතනයේ සහ මොරටුව විශ්ව විද්‍යාලයේ සහයෝගීතාවයෙන් ඉදිකෙරුණු මෙම විද්‍යාගාරය නවීන පහසුකම්වලින් සමන්විතය. QBITS Lab නමින් හැඳින්වෙන මෙම විද්‍යාගාරය හරහා ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය තුළ සිදුකරනු ලබන පර්යේෂණ වැඩි දියුණු කිරීම අපේක්ෂා කෙරේ. 
බහුවිධ කර්මාන්ත ක්ෂේත්‍රය උදෙසා බහුවිධමය යෙදවුම් යොදාගැනීම සඳහා නවීන තාක්ෂණය යොදා තැනුණු මෙම විද්‍යාගාරය මගින් ආචාර්ය උපාධි ආදී විද්‍යාර්ථීන්ගේ නවීන සොයාගැනීම් සඳහා බුද්ධිමය වටපිටාවක් සකසා දීමට උපකාරී වන බව මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා එම අවස්ථාවට එක්වෙමින් පැවසීය.
මෙම නව විද්‍යාගාරය විවෘත කිරීමේ අවස්ථාවට කෝඩ්ජෙන් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හර්ෂ සුබසිංහ මහතා සහ මොරටුව විශ්ව විද්‍යාලයේ පීඨාධිපතීන් ඇතුළු අධ්‍යයන හා අනධ්‍යන කාර්ය මණ්ඩල සාමාජිකයෝ ද කෝඩ්ජෙන් ආයතනයේ නිලධාරීහු ද එක්ව සිටියහ.

 



අදහස් (4)

මොරටු සරසවියට නවීන විද්‍යාගාරයක්

sachith Thursday, 23 November 2017 10:47 AM

මේවා හින්දා තමයි රටක් දියුණු වෙන්නේ, අපි ගොඩක් පිටිපස්සෙන්, එත් මේ තිබ්බ පොඩි පියවර හරි සාර්ථකව ඉස්සරහට යන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා. වෙන රටවල් තාක්ෂණික පරීක්ෂණ වලින් රටට අවශ්‍ය සියලුම දේවල් නිපදවනවා. කෘතිම නවෝත්පාදන යන නම වෙනුවට බුද්ධිමය යන්ත්‍ර විද්‍යාව වගේ නමක් භාවිත කරන්න.

:       0       21

රජින්ද Thursday, 23 November 2017 01:12 PM

අපේ දරුවන්ගේ නැණස තීව්ර කරන්න මෙමගින් ඉඩ ලැබේවායි හදවතින්ම සුබ පතනවා.!!

:       0       26

ajith Friday, 24 November 2017 04:40 AM

මේ තිබ්බ පොඩි පියවර‍ෙන් හරි අපේ දරුවන්ට සාර්ථකව ඉස්සරහට යන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා.

:       0       1

darshana Friday, 24 November 2017 06:16 AM

හා හොඳයි , දැන් ජාත්‍යන්තර ආයතන අපේ නිදහස් අධ්‍යාපනයට ඇගිලි ගහනවා කියල මේකට විරුද්ධව විශ්ව විද්‍යාල වලින් උද්ඝෝෂණයක් කරන්නේ කවදද ? එහෙමනේ අපේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ හැසිරෙන්නේ .

:       1       62

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 358 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2157 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1636 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site