IMG-LOGO

2025 ජුනි මස 03 වන අඟහරුවාදා


මාර්ග සංවර්ධන අධිකාරියෙන් දුරකථන අංක කිහිපයක්

(නිමල කොඩිතුවක්කු)
 
පවතින අධික වර්ෂාවත් සමඟ මහ මාර්ග පද්ධතියට සිදුවූ හානි සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය දුරකථන අංක කිහිපයක් හදුන්වා දී තිබේ.

 
ඒ අනුව අධිවේගී නොවන අනෙකුත් ( ඒ සහ බී පන්තියේ)  මාර්ග සම්බන්ධයෙන් තොරතුරු  1968  යන කෙටි අංකයටත් අධිවේගී මාර්ග සම්බන්ධ තොරතුරු  1969  යන  කෙටි අංකයටත් දැනුම් දෙන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරිආරච්චි මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
 
බත්තරමුල්ල පිහිටි මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශ පරිශ්‍රයේ අද (22) පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.
 
මෙයට අමතරව  හදිසි අවස්ථාවකදී මාර්ග සංවර්ධන අධිකාරියේ  සහය ලබා ගැනීම  සඳහා දිස්ත්‍රික්ක සහ පළාත් මට්ටමින් නිලධාරීන් පත් කර ඇති බවද එම අධිකාරිය සඳහන් කරයි. ඒ අනුව 
 
අතුල ගමගේ  ( පළාත් භාර අධ්‍යක්ෂ - දකුණ )  041 2222 150, 071 8055 117 
කේ. ජී. ඩී කිරිඇල්ල ( පළාත් භාර අධ්‍යක්ෂ - සබරගමුව )  045 2222 608, 071 4396 759 
මංගලා මාරසිංහ ( පළාත් භාර අධ්‍යක්ෂ - වයඹ )  037 2223 250, 071 8003 699
ඊ. එම්. එස්. ඒකනායක ( පළාත් භාර අධ්‍යක්ෂ - උතුරු මැද )  025 2235 201, 071 4225 668
ආර්. යූ. රණසිංහ ( ප්‍රධාන ඉංජිනේරු - කලුතර )  034 2222 500, 077 3408 180
එම්. ජී. කේ මොහන්දිරම් ( ප්‍රධාන ඉංජිනේරු - බණ්ඩාරවෙල )  057 2222 171, 071 6373 450, 
ඉලංගිරන් ( ප්‍රධාන ඉංජිනේරු -- මුලතිව් )  021 2285 724, 077 6180 853, 
කේ. එම් තිලකරත්න ( ප්‍රධාන ඉංජිනේරු - නුවර එළිය ) 052 2222 552, 071 8675 031, 
ඩී. එන්. එල්. කේ. ගන්නෝරුව ( ප්‍රධාන ඉංජිනේරු - මාතලේ )  066 2222 009, 071 4559 320 

යන දුරකථන අංක වලට දැනුම් දෙන ලෙසද මාර්ග සංවර්ධන අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.



අදහස් (3)

මාර්ග සංවර්ධන අධිකාරියෙන් දුරකථන අංක කිහිපයක්

චමින්ද කුමර Thursday, 01 September 2022 06:58 AM

මාර්ග සංවර්ධන අධිකාරිතුමනි. මම කලුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය සබාවේ කංකොටවත්ත ග්‍රාම කොට්ටාසයේ ගල්දෙනිඇල්ල අසල ජීවත් වෙන පදිංචිකරුවෙකි. අප ප්‍රදේශයේ පාර කොන්ක්‍රීට් කරන්න පටන් ගත්තදතැන් තැන් වල ගල් අතුරා ඇත. එහෙත් මාගෙ නිවසට පහලින් පාර අයිනේ කානු උතුරා යන නිසාත් නිවසට උඩ කන්දෙන් හ පාර පැත්තේ කානුවෙන්ද නිවසේද සෑම තැනකින්ම වතුර මෙම කනුවෙන් යන නිසා ඒ අසල බෝක්කුවක් නැති නිසා හදපු පාරේ ගල් ටික හෙදීගෙන කානුවට යන්වා වගේම වතුර බහින්න විදියක් නැති නිසා කන්ඩියද කැඩේගෙන වැටෙන්නේ කානුවටයි.. කානුවේ එක තැනකින් පිහිටි ගලක් ඇති නිසා කානුව පිටාර ගලා පාර හේදීගෙන පාරෙන් වතුර යනව මිසක් කානුවෙන් යන්නේද නැත. එම හරියට් අපි බටයක් දමා තිබුනත් පාර හදද්දි එම බටය වහලා දැම්මේ එතනට බෝක්කුවක් දාන්වා කියාය.නමුත් තවමත් නැත. මෙම හරියට උඩින් බෝක්කුවක් දමා තිබුනට් ඒකෙන් බහින වතුරක් නැත. එය දමා ඇත්තේ ඇදුනුම්කමට මිසක් එතනට බෝක්කුවක් ඕන කමකට නෙවෙ කියා ඔබතුමාට තේරුම් යනු ඇත වැස්ස වෙලා වට ඇවිත් බැලුවන්ම්. ඉතින් ඇවිත් බලා ඒ සදහා සුදුසු කටයුත්තක් ඉක්මනින් පාර සහ කන්ඩි කඩා වැටීමට පෙර ඉටුකර දෙන මෙන් ඉල්ලා සිට්මි.

:       0       2

K.r kasun kalpa Friday, 28 April 2023 01:18 PM

a21මාර්ගයේ 10 කණුවේ සිට වරාවල දක්වා මාර්ගය හොඳටම අබලන්... අහිංසක, දුප්පත් ජනතාව වාහන ටයර් දාලා ඉවරයක් නැත... හැමදාම අතරමග රෝහලකට රැකියාවට යාමට ඉතා අසිරැ වී ඇත. මෙම මාර්ග කොටසේ මාර්ගවල වලවල් රැවන්වැල්ල මාර්ග අධිකාරියට කියා ජනවරිවල වහින දවස්වල පැමිණ වලවල් තාර පුරවායති. තැලීමක් නොකර දැන් නැවතත් මාස දිගටම වලවල්... හරියාකාර මෙම මාර්ගය සාදන්න බැරිද? බැරිනම් වලවල් වැසිම හරියාකාරව කරනතෙක් බලා සිටිමි...

:       0       2

ඒ. ජී. ඒ. කුමාර Wednesday, 04 December 2024 10:36 PM

වදුරඹ බද්දේගම ප්‍රධාන මාර්ගයේ ඉදුරුපත්විල මුස්වන්ද පොත තේ කම්හල අසල පොඩි වර්ෂාවකට පවා අඩි එකහමාරක් පමණ ජලයෙන් යටවෙයි. පැයක් දෙකක් මාර්ගයේ ගමනාගමනය නවතියි. මෙයට හේතුව ජලය බැසයන බෝක්කුව කුඩා බැවිනි. මෙය ඉක්මණින් විසඳා දෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 210 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 376 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 634 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site