(හර්ෂණ තුෂාර සිල්වා)
ඇති වූ හදිසි ආපදා තත්ත්වයෙන් මියගිය සෑම ධීවරයකුටම රජයෙන් රුපියල් ලක්ෂ 10 ක මුදලක් ලබාදෙන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (30) පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.
සියලු ශ්‍රී ලාංකිකයන් රක්ෂණාවරණය කිරීමේ වැඩසටහන යටතේ, ජාතික රක්ෂණභාර අරමුදල මගින් මෙම රුපියල් ලක්ෂ 10 ක මුදල හිමිවන බවත් ඊට අමතරව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය සහ රක්ෂණ සමාගමක් ධීවරයන්ට ලබා දී තිබෙන රක්ෂණාවරණය යටතේ තවත් ලක්ෂ 10 ක මුදලක් මියගිය ධීවරයන්ගේ පවුල්වලට හිමිවන බවත් ද අමාත්‍යවරයා කීවේය.
ආපදා තත්ත්වය හේතුවෙන් යාත්‍රා 5 ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවත් දැඩි සුළං නිසා වරායවල් තුළ නැංගුරම් ලා තිබූ ධීවර යාත්‍රා රැසකට හානි සිදු වී ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.
COMMENTS
එටකොට මුළු ලංකාවම බේරගත්තු රණවිරුවන්ට කොච්චර ගෙවනවද?
හරියට පිළිබඳ දැනුවත්න කරලා අනතුරු වලක්වා ගන්න බැරි උණා නම් වන්දි ගෙවන්න ඕනා මුදල් ...............
ලංකාවේ කොහෙද ධීවරයින්ට වරායවල් තියෙන්නේ.. එකම එකයි තියෙන්නේ.. එ්කත් යන්තම් මහින්ද මහත්තයා හදල දුන්න හින්දා හොඳයි.. අනිත් ඒවා ඔක්කොම ලෝකේ බිහිවෙච්ච දා ඉඳලා තියෙන විදියටම තියෙන තැනනේ.. මහින්ද මහත්තයා හදල දුන්න වරායත් දෙකට බෙදලා එක පැත්තක විතරයි බෝට්ටු නවත්වන්න දෙන්නේ.. අනිත් පැත්ත මේ ආණ්ඩුවෙන් චීන්නුන්ට බාර දීලයි තියෙන්නේ..