(ඩයනා උදයංගනී)
මැදි ආදායම් නිවාස සංවර්ධන ව්‍යාපෘති වලින් පළමු වරට නිවසල් මිලදී ගන්නා රාජ්‍ය හා පෞද්ගලික අංශ මැදි ආදායම්ලාභීන්ට සහන ණය යෝජනා ක‍්‍රමයක් හඳුන්වාදීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
ජාතික ඉතිරිකිරීමේ බැංකුව හරහා මෙම මැදි ආදායම් නිවාස ණය යෝජනා ක‍්‍රමය ව්‍යාප්ත කිරීමට නියමිතය.
මෙම ණය යෝජනා ක‍්‍රමයට අයදුම් කිරීම සඳහා පෙර යෝජනා කර තිබූ වයස් සීමා වෙනුවට බැංකු විසින් සාමාන්‍යයෙන් අනුගමනය කරනු ලබන වයස්සීමා සැලකිල්ලට ගැනීමටත්, පෞද්ගලික අංශය මගින් ක‍්‍රියාත්මක කරනු ලබන නිවාස ව්‍යාපෘතිවලින් ද නිවාස මිලදී ගැනීමට හැකි වන පරිදි මෙන්ම ප‍්‍රතිලාභීන් වැඩි සංඛ්‍යාවකට සහන සැලසීමට හැකි වන අයුරිනුත් මෙම කටයුතු සිදුකිරීමට ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරිපත් කර තිබූ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
එමෙන්ම මෙම වැඩසටහනට සුදුසුකම් ලැබීමට අදාළ මාසික ආදායම් මට්ටම පහත දැමීම සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මීට පෙර කර තිබූ යෝජනාවකටද අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
747
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මැදි ආදායම්ලාභීන්ට සහන නිවාස ණයක්