(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
පවතින අධික වර්ෂාවත් සමග දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් අද(29) සවස මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක නිවාසවලට හා වාහනවලට දැඩි අලාබ හානි සිදුව ඇත.
මාතර හා දික්වැල්ල ප්‍රදේශ හරහා දැඩි සුළං තත්ත්වයක් පැවැති අතර මේ හේතුවෙන් නිවාස කිහිපයකම වහලට හානිවී ඇති අතර වාහනවලට ද ගස් කඩා වැටීම නිසා අලාබ හානි සිදුව ඇතැයි වාර්තාවේ. විදුලි කණුද කඩා වැටීම නිසා ප්‍රදේශ කිහිපයකම විදුලිය ද විසන්ධි වී ඇත.
කොළඹ කොටුවේ සිට ගාල්ල සහ මාතර බලා ගමන් ගත් දුම්රිය කිහිපයක් මුහුදු බඩ දුම්රිය මාර්ගයේ අතර මග නවතා ඇතැයි දුම්රිය පාලක මැදිරිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd