( මනුල වික්‍රම)
පහළ මල්වතුඔය වාරිමාර්ග ව්‍යාපාරය යටතේ ඉදිකෙරෙන තන්තිරිමලේ ජලාශය සඳහා මුල් ගල තැබීම අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) සිදුවිය.
මන්නාරම,වව්නියාව හා අනුරාධපුර දිස්ත්‍රික්ක තුනෙහි වී වගාව ඇතුළු බහුකාර්ය අවශ්‍යතාවන් සඳහා මෙම ජලාශය ඉදිකිරීමට යෝජිතය. මෙහි වැඩ කටයුතු සඳහා මුලින්ම සැලසුම් කර ඇත්තේ 1969 දීය.
මෙහි සමස්ත ඇස්තමේන්තුව රුපියල් කෝටි 2290කි.ජලාශයේ ජලධාරිතාව අක්කර අඩි 1 65000කට අධික වේ.
මන්නාරම යෝධ වැව යටතේ දැනට මාස් කන්නයේ පමණක් වගාකෙරෙන කුඹුර අක්කර 4000කට යළ මහ දෙකන්නයේ වගා කිරීමට මෙම ජලාශය ඉදිකිරීමෙන් පසු අවස්ථාව ලැබේ. මෛම දිස්ත්‍රික්ක තුනෙහි පානීය ජල අවශ්‍යතාද මෙමගින් සපිරීමට අපෙක්ෂා කෙරේ.



(ඡායාරූප මනුල වික්‍රම)





( ඡායාරූප ශාන්ත රත්නායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුලින්ම සැලසුම් කරලා තියෙන්නේ 1969ලු. ඒ කියන්නේ අවුරුදු 50ට පස්සේ මුල්ගල තියන්න මතක්වෙලා තියෙන්නේ... මේ අවුරුදු 50 ඇතුළත මේ පක්ෂ දෙක කී වාරයක් රට පාලනය කළාද? කාටවත් මතක් වුනේ නැද්ද මේවා ගැන? කරනවා නම් මේවනේ සංවර්ධන වියාපෘති...
අරයා "පක්ෂයේ නිල අනුමැතියකින් තොරව අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා වෙනම ව්‍යාපෘතියක් ආරම්භ කිරීම" සම්බන්ධයෙන්ද " එම කණ්ඩායම සිය අපේක්ෂක මෙහෙයුම අඛණ්ඩව කරගෙන යනු දක්නට ලැබීම " සම්බන්ධයෙන්ද අගමැතිතුමා කෝපයට පත්ව ඇතිබවත් පක්ෂයේ විවිධ කණ්ඩායම් දෙපැත්තට තුන්පැත්තට බෙදෙමින් අපේක්ෂකයන් තෝරන්න පටන්ගෙන ඇති වාතාවරණයක් ඉදිරියේ අගමැතිවරයා සිය හිතෛෂීන් කිහිපදෙනෙකු සමඟ අවධාරණය කර ඇත්තේ "එයාට නම් දෙන්නෙම නෑ" කියා බව වාර්තාවෙනවා. ප්‍රශ්නය තියෙන්නේ මෙම අර්බුදයේ නිර්මාතෘ පක්ෂයෙන් පිටකෙනෙක් බවටද ආරංචි පැතිරීමයි. මණ්ඩලේ කචල් වගෙයි.
අම්මපා මේ කාටවත් කිසිම හිරිකිතයක් නැහැනේ... මිනිසුන්ගේ සල්ලි මේ මළවිකාර මුල්ගල් තබන උත්සවවලට, විවෘත කරන උත්සවවලට නාස්තිකරන මුදල්, මිනිස් ශ්‍රමය, එකී මෙකී නොකීදේවල් නවත්තලා දාන්න හැබෑටම.. හැම දේටම අහිංසක මිනිසුන්ගේ බදුමුදල් මේ කාලකන්නින්ගේ වගේ වියදම් කරන්නේ.. දැන් මේ මුදල් අනුමත කරන, මෙහෙම උත්සව යෝජනා කරන බල්ලන්ට මෙම අදහස් කියවීමට හැකි වේවා..!!! මේ විනාශ කරන්නේ අහිංසක මිනිසුන්ගේ දහදිය කදුළු වගුරා උපයන මුදල් බැවින් නුඹලාට මෙන්ම පවුල්වලටද මේ පාප කර්මයට දුක්විඳින්න වෙන බව මතක තියාගන්න..
මුල්ඇදලා පැල වුණාම තව අවුරුදු 6කින් ගල්ගෙඩි කඩාගන්න පුළුවනි..
අපි සෙනසුරාදා ඔය පැත්තෙ ගියා. පෝස්ටර් ගහපු ගානට සෙනග නැහැ. මේ සති අන්තෙ කොහොමටත් වන්දනාකරුවන් පිරිලා. මේ වැඩේ ගැන ප්‍රෙද්ශවාසීන් පුදුම කේන්තියකින් ඉන්නේ. මහින්ද කළ වැඩක් විතරයි. තවමත් ඉතිරිවෙලා තියෙන්නේ කියල මිනිස්සු කිවුවෙ. මුන් මේ ඡන්දෙ අස්සෙ ෙබාරු කරනව කියලයි මිනිස්සු නම් කිවුවෙ.