

(ජේ.ඒ.එල් ජයසිංහ)
තම දරුවන්ට අධ්‍යාපනය ලැබීමට තිබූ පොල්අතු මඩුව කඩා බිඳ දමා ඇති බැවින් ප්‍රමාණවත් ගොඩනැගිලි ලබා දෙන්නැයි ඉල්ලමින් මහනුවර උඩුදුම්බර හපුකන්ද ප්‍රාථමික විදුහලේ සිසුන්ගේ මවුපියෝ අද දහවල් එම විදුහල ඉදිරිපිට උද්ඝෝෂණයක් කළහ.
මෙම පාසලේ දරුවන් පොල්අතු මඩුවක අධ්‍යාපනය ලබන අයුරු ඡායාරූප සහිතව පුවත්පත්වල පළවීමත් සමග අධ්‍යාපන බලධාරින් එම පොල්අතු මඩුව ඉවත් කර ඇතැයි මවුපියෝ චෝදනා කරති. දරුවන් 70 කට අධ්‍යාපනය සඳහා ඇත්තේ එකම ගොඩනැගිල්ලක් බැවින් එය ඉඩ කඩ නොමැති නිසා ඉගෙනීමේ කටයුතුවලට පොල්අතු මඩුව ඉදිකර තිබු බව මවුපියෝ පවසති.

පොල්අතු මඩුව තුළ අධ්‍යාපන කටයුතු කරයි

මහවරුෂාවේ පොල්අතු මඩුවේ කටයුතු කරන අයුරු

දැන් පොල්අතු මඩුව තිබූ තැනක්වත් නැත
COMMENTS
හැමදාම නගරයේ පාසල් වලට ආවඩමින් ඉන්නේ නැතිව, කරුණාකර ගමේ පාසල් දියුණු කරන්ට දැන්වත් හිතට ගන්න.
කතාව නම් ටැබ් දෙන්න.
මේ දවස් වල බිග් මැච් වලට නාස්ති කරන සල්ලි බලන්න කෝ වැඩක් නෑ අපිට කවදාවත් ගොඩ එන්න බෑ.තියෙන උන් පිස්සු කෙලිනවා. කෝටි ප්‍රකෝටි ගණනින් හොර කනවා .
ශ්‍රී ලංකාව කියන්නේ කොළඹ විතරක් නොවන බව ඉස්කෝල ඇමැති හා අගමැතිවරයා දැනුවත් කළ යුතුය ...මෙවැනි පාසල් වලට විසදුම් ලබාදීම ඔවුන්ගේ වගකීම වේ ..අර නත්තල් ගස් ඇමැතිටත් කිවනම් කීයක් හරි ලැබෙන්න පුළුවන් ...?
මේක මේ පළාතේ අධ්‍යාපන හෝ දේශපාලන බලධාරීන්ගේ අමනොඥ ක්‍රියාවක් . පොල් අතු මඩුවල පන්ති පවත්වනවාට ලැජ්ජා නම්, කළ යුත්තේ හරි හමන් ගොඩනැගිල්ලක් සාදා දීම මිසක් දරුවන් හා ගුරුවරුන් කබලෙන් ලිපට ඇද දැමීම නොවෙයි . පරීක්ෂණයක් පවත්වා මේ ගොඩනැගිල්ල ඉවත් කිරීමට නියෝග දුන් කැකිල්ලේ කව්ද කියා රටට හෙළි කර යම් දඬුවමක් ලබා දීම අධ්‍යාපන ඇමතිගේ වගකීමක්.
ඕක කඩපු ගොන් හරක්ට ලජ්ජා හිතෙන්ඩ ඇති. ටී.වී වලින් පුරසාරම් දොඩවන අධ්‍යාපනේ හැටි
වැස්සකටවත් ඉස්කෝලේ නොගිය අධ්‍යාපන බලධාරින් ද දන්නේ නෑ ඔය පැත්තේ ඉන්නේ ?
මේවගේ හරක්ද මේ දෙපාර්තුමේන්තුවේ ඉන්නේ
මේකනම් අර "ඕනේ ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් "කිපු කෙනාගේ මග පෙන්වීමෙන් වුන වෙඩක් වගේ.
ඡායාරූපවලට අනුව නම් මේ පාසලට හොඳ මට්ටමේ ගොඩනැගිල්ලක් තියෙනවා. ඉඩ මදි නිසා පොල් අතු මඩුවක් ඉදි කරා කිව්වට ඒකේ ළමයි 10ක් වත් නැති බවයි පේන්න තියෙන්නේ. අනික පාසලේම ඉගෙන ගන්නේ ළමයි 70යිලු. එහෙමනම් මෙතන මාධ්‍යයට හංගන වෙනත් ගැටළුවක් තියෙනවා.