IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පෙර පාසල් දරුවන්ට බෑග් දීමට ගත් මුදල් නිල නොවන ගිණුමකට ගිහින්

(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජූලිගේ)
 
ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා පළාත් සභා  ලිපි ශීර්ෂ යොදා ගනිමින් පෙර පාසල් සිසුන්ට බෑග් ලබාදීම සඳහා රාජ්‍ය බැංකුවලින් ලබාගත් රුපියල් ලක්ෂ 35ක මුදලක් තම ගිණුමකට බැර කර ගෙන ඇති සිදුවීමක් පිළිබඳව අද (19) පාර්ලිමේන්තුවේදී අනාවරණය කෙරිණි.


බදුල්ල දිස්ත්‍රික් (එ.ජා.ප) මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඒ සම්බන්ධව ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පළාත් පාලන, පළාත් සභා සහ ක්‍රීඩා රාජ්‍ය ඇමැති ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය එම කරුණු හෙළි කළාය.


විගණකාධිපතිවරයා විසින් කරන ලද විමර්ශනයකදී හෙළි වූ තොරතුරු පිළිබඳව සඳහන් කළ රාජ්‍ය ඇමැතිවරිය පැවසුවේ ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දිසානායක මහතා අමාත්‍යංශ ලිපි ශිර්ෂවලට සිය අත්සන යොදා ගෙන මෙම කාර්යයෙහි නිරතවී ඇති බවයි.


පෙර පාසල්වල සිසුන්ට පාසල් බෑග් ලබාදීම සඳහා ආධාර වශයෙන් මහජන බැංකුවෙන් සහ ලංකා බැංකුවෙන් රුපියල් ලක්ෂ 35ක මුදලක් ලබාගෙන ඇති බව කී රාජ්‍ය අමාත්‍යවරිය එම මුදල් කිසිවක් ප්‍රධාන අමාත්‍යාංශ ගිණුමට බැර කර නොමැති බව ද කීවාය.


එම මුදල් චාමර සම්පත් දසනායක පදනම නැමැති අරමුදලකට ගිණුම් ගත කර ඇති බවත් එය නිල නොවන ගිණුමක් බව විගණන විමර්ශනයේ දී අනාවරණය වී ඇති බව ද කීවාය.



අදහස් (8)

පෙර පාසල් දරුවන්ට බෑග් දීමට ගත් මුදල් නිල නොවන ගිණුමකට ගිහින්

ranga Wednesday, 19 September 2018 11:59 AM

බනින්න එපා,... ගහන්න එපා පෙර පාසල් දරුවෙක්නේ..

:       0       17

BamunuarachchiWednesday, 19 September 2018 01:27 PM

බනින්න එපා,... ගහන්න එපා පෙර පාසල් දරුවෙක්ලු.. පෙර පාසලේ ඉඳන් කරන හොරකම ඔහොම නම් තව ලොකු පන්ති වලට ආවම කොහොම හිටීද? ලොකු අයියා වගේ ඉතුරු බැංකු ටිකත් මංකොල්ල කාවි.

:       0       25

BamunuarachchiThursday, 20 September 2018 07:45 AM

ඔය වැරද්දටම අසුවුන මැලේෂියානු හිටපු අගමැති 19 දින අත්අඩංගුවට ගත්තාලු. සිරි ලංකාවේ එහෙම වෙන්නේ නැද්ද?

:       0       0

Sunil Wednesday, 19 September 2018 12:08 PM

අධ්‍යාපනයේ වටිනාකම දන්නා කෙනෙක්ද?

:       0       10

OMG Wednesday, 19 September 2018 01:23 PM

වඩේ ෆැක්ටරියක් අරින්න වෙන්න ඇති. හෙන්චයියලාට රස්සාවල් එහෙමත් දෙන්න පුළුවන්නේ..

:       0       15

සතයපාල Wednesday, 19 September 2018 01:34 PM

මේකට රාජ්‍ය බැංකු දෙකේ ඉහළ නිලධාරින්ගෙත් සම්බන්ධයක් තියෙනවා. එහෙම නැත්නම් කොහොමද පෞද්ගලික ගිණුමකට මුදල් නිකුත් කරන්නේ? චාමර සම්පත් කියන්නේ ජනාධිපතිවරයාගේ හුරතලෙක් නිසා මෙයාට මුකුත්වෙන්නේ නැහැ. නමුත් මේකට වග කිවයුතු රාජ්‍ය බැංකුවල නිලධාරින්ට එරෙහිව වහාම පියවර ගත යුතුයි.

:       0       12

himal Wednesday, 19 September 2018 02:06 PM

රජයේ ආයතනයකින් චෙක්පත් නිකුත් කරද්දි එහි ආදායකයාගේ ගිණුමට පමණයි හා ගනුදෙනු කළ නොහැක යන රේඛනයන් යොදලා නිකුත් කරන්නේ. එතකොට මේ චෙක්පත් ලියලා තියෙන්නේ කාගේ නමටද කියා සොයා බැලිය යුතුයි. මොකද පදනමේ නමට ලිව්වේ නැත්නම් ඒ ගිණුමට දාන්න බැහැ.

:       0       9

Bamunuarachchi Wednesday, 19 September 2018 11:23 PM

ජේවීපී මේ සම්බන්දව කතා නැත්තේ මොකද දන්නේ නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site