(ආරියරත්න රණබාහු)
ලබන මැයි මස පළමු වැනි දා සිට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වන සියලුම මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනයක් අන්තර්ජාලයට යොමු කිරීමට පියවර ගන්නා බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේතුවේදී අද (06) පැවසීය. අද පැවැති පාර්ලිමේන්තු රැස්වීමේදී ඒ බව කියා සිටි කතානායකවරයා ඊට මන්ත්‍රීවරුන්ගේ කැමැත්තද විමසා සිටි අතර ඊට සියලු මන්ත්‍රීවරුන්ගේ එකඟතාවය හිමිවිය.
කතානායකවරයා ඒ බව සඳහන් කළේ මන්ත්‍රීවරුන් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අමැතිවරුන්ගෙන් අසා තිබූ ප්‍රශ්නවලට පිළිතුරු දීම සඳහා බහුතර ඇමැතිවරුන් පිරිසක් නොපැමිණීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කළ කරුණු දැක්වීමකට පිළිතුරු දෙමිනි. මේ සම්බන්ධව ඉදිරියේදී අගමැතිවරයා දැනුම්වත් කර විසඳුමක් දීමට කටයුතු කරන බවද කතානායකවරයා කීවේය.
COMMENTS
අපිට වැදගත් වෙන්නේ මේගොල්ලෝ එන දවස් ගැන නෙමෙයි. පර්මිට් ගන්න මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව. පැමිණීමේ දීමනාව ගන්න මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව. මේගොල්ලෝ අමාත්‍යංශ යටතේ කුලියට ගෙන ඇති වත්කම් වල ලැයිස්තුව සහ ඒවායේ කුලිය. පාවිච්චි කරන ආමාත්‍යංශ වාහන ගණන, රටේ හැම අමාත්‍යංශයකම මුදල් වියදම් වන ආකාරය මෙන්න මේවා තමා මහජනතාවට වැදගත් වෙන්නේ.
නොඑන අයගේ නම් දැනගත්තම හොඳටෝම ඇති.
විනයක් නැති අයගේ නම් පළකරපු පමණින් විනය රැකේද. කැලේ ඉන්න සතුන්ට මිට වැඩිය හොඳ විනයක් තියනවා. .
හොඳයි, අඩුවෙන්ම පැමිණි මන්ත්‍රීගේ නම රටම දැනගත්ත කියමුකෝ. ඉතින් මොකද? ඊළඟ චන්දෙදි අපේ උගත් බුද්ධිමත් ජනතාව එයාවම තෝරලා යවන්නේ නැහැ කියල හිතනවද? අගේට යවනවා, ඔව් ඔව් අපේ හැටි එහෙම තමයි.