( තිළිණි ද සිල්වා )
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ අද (18) සිට ආරම්භ කරන අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන්, සිදුවිය හැකි ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා ගුවන් ගමන් ආරම්භයට පැය 4 කට පෙර ගුවන් තොටුපොළට පැමිණෙන ලෙස ශ්‍රීලංකන් ගුවන්සේවය සිය මගීන් වෙත දන්වා සිටී.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පිටත්වීමේ කවුළු ආශ්‍රිතව මෙම අලුත්වැඩියා කිරීමේ කටයුතු සිදුවන බැවින්, මගීන් හට සිදුවිය හැකි ප්‍රමාදයන් වළක්වා ගැනීමේ අරමුණින් ශ්‍රීලංකන් ගුවන් සේවය මෙම නිවේදනය කර තිබේ.
මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු www.srilankan.com වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1979 අංකය ඇමතීනේ ලබා ගත හැකි බව ශ්‍රීලංකන් ගුවන් සේවය වැඩිදුරටත් දන්වා සිටී.
COMMENTS
යන ගමනේ බාගයක්ම ගුවන් තොටුපලේ වෙන රටවල් වල ගුවන් තොටුපලට විනාඩි 30 -60 කලින් ආවම හොදටම ඇති ගුවන් යානයත් නියම වෙලාවට පිටත් වෙනවා නියමාකාරයට පිළිවෙලකට යමක් ලාකික අපට කරන්න බැරි බව මින් මනාවට පෙනුම් කරනවා
මගීන්ට වෙන ප්‍රමාදයන් වලක්වගන්න පැය 4ක් කලින් එන්නලු. එතකොට එතන වැඩියෙන් නාස්ති වෙන පැය 2 ප්‍රමාදයක් නෙවේද? මොන විහිළුද මේවා? අලුත්වදියාවක් කරනවානම් ඒවා ජනතාවට අපහසුවක් නොවෙන්න කරන්න ඔලුවක් තියෙන්න ඕන. අපේ රටේ හැම වෙලේම බලන්නේ හැම දෙයක්ම මිනිස්සු පිටින් යවන්න! එකනේ දේශපාලුයන් මිනිස්සුන්ට කෙබර ඇද බබා, මිනිස්සු පට්ට බුරු මෝඩ මීහරක් ගානට දාල, කටේ දිවේ නොගැවී බේගල් ඇද බාමින් කිසි වගකීමක් නැතිව යහතින් ඉන්නේ සුරසැප විඳිමින්, රිසිසේ හොරා කමින්.
ඇයි ඇමතිතුමා කිවුවා නේද දැන් වලක්වාල ඉවරයි කියල?
එයාලට කියන්න නම් ලේසියි. නිකන් ඉඳගෙන වැඩ කරන අයට මගීන්ගේ මහන්සිය තේරෙන්නේ නෑනේ.
එයාලට කියන්න නම් ලේසියි. නිකන් ඉඳගෙන වැඩකරන අයට මගීන්ගේ මහන්සිය තේරෙන්නේ නැහැනේ..