(රංජන් කස්තුරි)
රට පුරා සියලු පාළාත් පාලන ආයතන සඳහා එකම දිනයක ඡන්ද විමසීම පැවැත්වීමට මැතිවරණ කොමිසම අද (30) තීන්දු කර ඇතැයි වාර්තා වේ.
සීමා නිර්ණය සම්බන්ධයෙන් පැවති නීතිමය ගැටළු ඉවත් වී තිබීම නිසා අනෙක් පළාත් පාලන ආයතනවලට ආදාලව නාම යෝජනා කැඳවීමේ නිවේදනය ලබන සඳුදා (4) නිකුත් කෙරුනු ඇතැයිද පැවසේ .
මේ අතර කලින් නිවේදනය කර තිබූ පරිදි නාම යෝජනා බාර ගැනීමේ කාල සීමාව වෙනස් වන අතර රටපුරා සියලු පළාත් පාලන ආයතනවලට නාම යෝජනා කැඳවීම සඳහා නව කාලසීමාවක් සඳුදා නිවේදනය කිරීමට නියමිතය.
මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ලබන ජනවාරි මස 27 වන දින පැවැත්වීමට කලින් සැලසුම් කර තිබුනද එම දිනයද වෙනස්වී පෙබරවාරි මස මුල් සතියේ සෙනසුරාදා දිනයක එම මැතිවරණය පැවැත් වෙනු ඇතැයිද මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS
වත්මන් රජයේ ප්‍රගතිය නිදහස් පක්ෂේ ?
රජයේ මාරුවීම් සිදුකර පසු මාර්තුවල තිබිබානම් මොකද?
මෙච්චර පනතේ අඩුපාඩු තියාගෙන ඇයි ඡන්දය මෙච්චර ඉක්මනට තියන්න හදන්නෙ............අඩුපාඩු නිවැරැදි කරගෙන පස්සෙ ඡන්දය තියන්න .ජනාධිපති තුමා අපිට විශ්වාසයි .