(තිළිණි ද සිල්වා)
සී.එස්.එන්.රූපවාහිනි නාලිකාව පවත්වාගෙන යන ඩී.ඒ.රාජපක්ෂ පදනමට අයත් බත්තරමුල්ල පිහිටි ඉඩම පවරා ගැනීමට එරෙහිව චමල් රාජපක්ෂ මහතා ගොනුකර ඇති රිට් පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ලබන මැයි 3 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස නාගරික සංවර්ධන අධිකාරි එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු පිරිසකට නියෝග කරමින් අභියාචනාධිකරණයට අද (15) නොතීසී නිකුත් කළේය.
නාගරික සංවර්ධන අධිකාරිය සතු එම ඉඩම වසර 30 ක බදු ගිවිසුමකට ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ අධ්‍යාපන, සංස්කෘතික හා සමාජ සේවා පදනමට ලබාගෙන තිබු අතර පසුව එම ඉඩමෙහි පිහිටි ගොඩනැගිල්ලක සී.එස්.එන් නාලිකාව පවත්වාගෙන ගොස් ඇති බව සඳහන් විය.
තිස් අවුරුදු බදු ගිවිසුම තිබිය දී අදාල ඉඩම නැවත පවරා ගැනීමට නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කර ඇති බවත් එය නීතිවිරෝධි බවත් පෙත්සම මගින් කරුණු දක්වා තිබිණි.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ මහතා සහ අභියාචනාධිකරණ විනිසුරු එස්.තුරෙයිරාජා මහතා හමුවෙහි මෙම පෙත්සම අද (15) කැඳවිණි.
2025 දෙසැම්බර් මස 18
689
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
330
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නාගරික සංවර්ධන අධිකාරියට නොතිසී
daham Wednesday, 15 March 2017 11:29 AM
මේ ආණ්ඩුව ඩිගිටල් කරන එක විතරයි කරන්නේ.