IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


නකල්ස් ව්‍යාපෘතිවලට තවම පරිසර අධිකාරියේ අවසරය නෑ


තරිඳු ජයවර්ධන
 
නකල්ස් සංරක්ෂිත වනාන්තරයේ ප්‍රේරණ කලාපයට අයත් ඉඩම්වල විවිධ ව්‍යාපෘති සිදු කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය අවසර ලබා දී නැතැයි ද, ව්‍යාපෘති සිදු කිරීමට පරිසර ඇගයීම් පැවැත්වීම  සම්බන්ධයෙන් මේ වන තෙක් ඉල්ලීමක් ඉදිරිපත් වී නැතැයි ද මධ්‍යම පරිසර අධිකාරිය අද (17) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට දැනුම් දුන්නේය.
 
මධ්‍යම පරිසර අධිකාරිය ඒ බව දැනුම් දුන්නේ නකල්ස් රක්ෂිතය තුළ හා ඒ අවට ඉඩම් විවිධ ව්‍යාපෘති සඳහා ලබා දීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇතැයි කියමින් පරිසර හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ කැඳවුම්කරු පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා ගොනු කළ පැමිණිල්ලක් විභාගයට ගත් අවස්ථාවේදීය.
 
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරියේ අද (17) පැවැති පැමිණිලි විභාගයට පැමිණිලි පාර්ශ්වය නියෝජනය කරමින් ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා සහ සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ පරිසරවේදිනී ශානිකා පතිරණ මෙනවිය සහභාගී වූහ.  මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර හා මහවැලි අමාත්‍යංශය සහ රාජ්‍ය වැවිලි සංස්ථාව නියෝජනය කරමින් තිදෙනෙක් වගඋත්තරකාර පාර්ශ්වය නියෝජනය කරමින් සහභාගී වූහ.
 
ලෝක උරුමයක් වූ නකල්ස් රක්ෂිතය තුළ හා ඒ අවට පරිසර සංවේදීත්වයකින් යුතු ඉඩම් කුකුල් ගොවිපොළවල් සහ හෝටල් ඇතුළු ව්‍යාපෘති කිහිපයකට ලාබා දීමට රජය වාර්තා සකස් කර ඇතැයි පැමිණිලි පාර්ශ්වය නියෝජය කරමින් රවීන්ද්‍ර කාරියවසම් මහතා පැවසීය.  

මෙම ඉඩම් සංරක්ෂණය සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීමට 2004 දී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇතත් මේ වන තෙක් එය ක්‍රියාත්මක කර නැතැයි ද, 2009 දෙසැම්බර් 21 වැනි දා නිකුත් කළ ගැසට් පත්‍රයකින් පාංශු සරක්ෂණ  ප්‍රදේශයක් ලෙස නම් කළ ඉඩම් ද මෙම ව්‍යාපෘතිවලට ඇතුළත්වී ඇතැයි ද කාරියවසම් මහතා කීවේය. 
 
සිදු කිරීමට යන විනාශය  නවත්ව ලෙස වගඋත්තරකරුවන්ට දැනුම් දෙන්නැයි පැමිණිලිකරුවෝ ඉල්ලා සිටියහ. මෙම ව්‍යාපෘතිවලට අදාල ලේඛනවල පිටපත් මානව හිමිකම් කොමිෂන් සභාවට බාර දෙන බව ද පැමිණිලිකරුවෝ දැනුම් දුන්හ.


 



අදහස් (4)

නකල්ස් ව්‍යාපෘතිවලට තවම පරිසර අධිකාරියේ අවසරය නෑ

විජිත් Friday, 17 August 2018 07:48 PM

ඔබලා මේ රටට සම්පතක්.

:       0       516

විජිත් Saturday, 18 August 2018 12:18 AM

මහත්වරුනේ ඔබලා අපේ රටට මහත්වූ සම්පතක්.

:       0       317

sudath Saturday, 18 August 2018 01:42 AM

පරිසර හා සොබාදහම පවත්වා ගෙන යාම සඳහා ස්වේච්චාවෙන් ඉදිරිපත්වන මහත්ම මහත්මීන්ට ජාතියේ උත්තමාචාරය !

:       0       142

රජින්ද Saturday, 18 August 2018 04:20 AM

පරිසර අධිකාරිය ඕක අනවසරයි කියනකොට අක්කර 2500ක මහා වනය නැති කරලා ඉවරත් වෙයි. අපි නොදන්න රාජ්‍ය ආයතන...

:       1       115

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31028 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13157 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10942 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 16 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 871 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 259 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site