රංජන් කස්තුරි
පාසල් සිසුන්ට නොමිලේ දිවා ආහාරය ලබා දීමේ වැඩසටහන යටතේ මේ වසරේදී තවත් පාසල් 1000ක සිසුන්ට දිවා ආහාරය ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
පාසල් සිසුන්ට නොමිලේ දිවා ආහාරය ලබා දීමේ වැඩසටහන යටතේ ඉකුත් වසරේදී පාසල් 6984කට අයත් සිසුන් ලක්ෂ 12කට එම සහනය හිමි වූ අතර , මේ වසරේ සිට එය පාසල් 7904 ක් දක්වා වැඩි වූ බවද එම අමාත්‍යාශය සඳහන් කරයි.
උතුරු හා නැගෙනහිර පළාත් වල සිසුන් 100ට අඩු පාසල් අලුතින් එම වැඩසටහනට ඇතුළත් කරගෙන තිබේ.
ශ්‍රීලංකාවේ සමස්ත පාසල් සංඛ්‍යාවෙන් සියයට 27ක ප්‍රමාණයක් එම වැඩසටහනට අයත් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය ඉතා හොඳ දෙයක්. අධ්‍යාපනයට අවශ්‍ය හැම සහනයක්ම අවශ්‍යයි.
හොද තීරණයක් මේ අපේ අනාගත දුදරුවන් බැවින් එම දරුවන්ගේ කුසගින්න නිවීමට "ගොන් ,බූරු" පක්ෂ, පාටවලින් තොරව සැවොම සහය දැක්විය යුතුය.
ආර්ථික ගැටළු තියෙන ළමයි රටේ හැම පළාතේම ඉද්දි, අලුතෙන් එක්කල 1000 ම උතුරු නැගෙනහිර කියන්නේ මොකද? ඒකට්ටියට විතරද නැතිබැරිකම් ඔක්කොම තියෙන්නේ.