IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


දන්සැල් දෙනවානම් කොන්දේසි 6ක්

(ඩයනා උදයංගනී)

එළඹෙන වෙසක් හා පොසොන් පොහෝ දිනයන් වෙනුවෙන් දන්සල් පැවැත්වීමේ දී අනුගමනය කළ යුතු නිර්ණායක 6ක් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

විවිධ ආයතන, සංවිධාන හා පුද්ගලයින් දන්සල් පැවැත්වීමේ මුවාවෙන් මුදල් රැස්කිරීමේ ජාවාරම්වල යෙදෙන බවටත්, එම මුදල් නිසි ලෙස වැය නොකරන බවටත් වාර්තා වන බැවින් දන්සල් පැවැත්වීමේ දී අනුගමනය කළ යුතු එම නිර්ණායක ප්‍රකාශයට පත්කළ බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් නිමල් කොටවලගෙදර මහතා පැවසීය.

ප්‍රදේශයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා හා   ග්‍රාම නිලධාරී ගේ දැනුවත් වීම මත දන්සල් පැවැත්වීම, දන්සල්වලට ආධාර එකතුකිරීමේදී එම නිලධාරීන් දෙපලගේ නිර්දේශය ලබා ගැනීම, මහජනතාව පීඩාවට පත් නොවන ලෙස දන්සල පැවැත්වීම හා ඝෝෂාකාරී සංගීතය යොදා නොගැනීම, සෞඛ්‍යාරක්ෂිත ලෙස ආහාරපාන පිළියෙළ කිරීම, දන්සල් සඳහා ජනතාව යොමු කිරීමේ දී බෞද්ධ කොඩිය භාවිත නොකොට කහ පැහැති කොඩියක් භාවිත කිරීම, මත්වතුර, මත්ද්‍රව්‍ය, දුම්වැටි භාවිතයෙන් වැළකී කටයුතු කිරීම සහ සැදැහැ සිතින් හා  ආචාරශීලිව කටයුතු කිරීම එම නිර්ණායකයන් වේ.

මෙම නිර්ණායක සියලු දිස්ත්‍රික් ලේකම්වරු හා ප්‍රාදේශීය ලේකම්වරු වෙත දැනුම් දී ඇතැයි ද නිමල් කොටවලගෙදර මහතා පැවසීය.



අදහස් (14)

දන්සැල් දෙනවානම් කොන්දේසි 6ක්

yasapala Monday, 23 April 2018 07:59 AM

මේදා පාර ගමේ සරුවත් දන්සලටත් වැඩේ හම්බවෙයි වගේ....

:       227       16

අනුර ඉලන්කෝන් Monday, 23 April 2018 08:36 AM

යසපාලලා වගේ අය ඉන්නකන් මේ රට හදනව බොරු..

:       12       148

MaheeMonday, 23 April 2018 10:05 AM

මොනවා කරන්නද අනුර මහත්තයෝ, යසපාල එයාගේ සරුවත් කඩේ වෙළඳාම නැතුව යන එක ගැන නොවැ ඔය දුක් වෙන්නේ...

:       0       33

Parse Monday, 23 April 2018 09:36 AM

දන්සැල් නැවතුණොත්, අනික් අන්තවාදීන් නම් කැමැති වෙයි. මොකද එතකොට ඒ ගොල්ලන්ගේ හෝටල් ඇරලා වෙසක් දවසේ හොඳට හම්බ කරගන්න පුළුවන්නේ..

:       297       344

සතයපාල Monday, 23 April 2018 09:53 AM

දන්සලට ආධාර එකතු කිරිමේදී පංසලේ නායක හාමුදුරුවන්ගේ අනුමැතිය සහිත ලිපියක් ඉදිරිපත් කිරිම හා දන්සල අවසානයේ අයවැයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කළ යුතුයි.

:       1       151

Chand4a Monday, 23 April 2018 11:35 AM

හාමුදුරුවන් නිලධාරියකු වන්නේ කොහොමද?

:       1       36

Sarasi Monday, 23 April 2018 12:10 PM

දන්සල් වලට ආධාර කරන්නේ නැහැ කියා මහජනතාවට බලපෑම් කිරීමත් නතර කළ යුතුයි. ගමේ දන්සල් දෙකට ආධාර දුන් පසු සිල් ඇත්තන්ගේ දානයට කියා තවත් කණ්ඩායමක් සල්ලි ඉල්ලුවා. ඒ පිරිසේ සිටි සමහරු ගමේ නොයෙකුත් සමාජ විරෝධී ක්‍රියාවල සම්බන්ධයි කියා ගමේ උදවිය නිතර සැක කරනවා. අපි සල්ලි දුන්නේ නැහැ. මෙන්න හොඳටම දෙහි කපලා ආපහු ගියා....

:       40       3

keli Monday, 23 April 2018 04:27 PM

දන්සැල් වලට මම නම් එතරම් කැමැත්තක් නැත. වසරකට සැරයක් වේලක් කන්න දීමෙන් ඇති වැඩේ කුමක්ද? අනික ගෙවල්වලට ගොස් ආධාර එකතු කළ මිනිසුන්ව අපහසු තත්වයකට පත්කර, සංවිධායකට ඕනෑ එපාකම් අනුව දෙන දන්සල්, මා කැමති නැත.

:       141       182

yasith Monday, 23 April 2018 04:40 PM

ඝෝෂාකාරී සංගීතය නෙවෙයි ඔතන එන්න ඕනෙ ඝෝෂාකාරී ලෙස සංගීතය භාවිතා කීරීම. බුදු රජුන් කැමතිම නැ ඝෝෂාවට.

:       0       0

Chanak Los angeles Monday, 23 April 2018 08:17 PM

අද කාලේ දන්සල් දෙන්නෙත් දන්සල් වලට යන්නෙත් පැෂන් එකක් ලෙසටයි.. දන්සලෙන් පසුව සංවිධායකයෝ හොඳට බීගෙන ඔවුනොවුන් කුලල් කාගෙන සමහර විට මිනී මරුමකින් අවසාන වෙනවා. එදවසට පින් කරන්න ඕනෙනම් වැඩිහිටි නිවාස, ළමා නිවාස වගේ තැන්වලට ගිහින් ඔවුන්ට කවා පොවා නහවා පිරිසිඳු කිරීම කල හැකිනේ.

:       0       6

Chanak Los angeles Monday, 23 April 2018 08:26 PM

මේ වෙසක් පෝයටවත් ශුද්ධාස්ටක ගොඩකින් හටගැනුනු ශරීරයෙන් විය යුත්තේ කුමක්ද කියාවත් කල්පනා කරනු මැනවි.

:       0       0

Sampath Tuesday, 24 April 2018 03:44 AM

මෙච්චර කාලයක් මිනිස්සු හොදට කළා සුළු සුළු අඩුපාඩු තිබුනට.

:       0       8

prabash Tuesday, 24 April 2018 04:09 AM

මේ සැරේ කහ කොඩියක් දමන්න ඊලග සැරේ පක්‍ෂ වලට අදාල පාටින් කොඩි දමන්න. නිල රතු කොළ. එහෙමත් නැත්නම් සියලු ජාතින් නියෝජනය වෙන විදියේ කොඩියක් දමන්න කියලත් මේ අය කියාවී. මේකේ සමහර කරුණු නම් ගොඩක් හොඳයි.

:       0       7

Rajah Thursday, 26 April 2018 05:58 AM

මමනම් බෞද්ධ කොඩිය භාවිතා කිරීමේ කිසිම වරදක් දකින්නේ නැහැ. එම කොඩිය භාවිතා කිරීමෙන්, අඩුම තරමේ යම්කිසි සර්ධාවක් ඇතිවෙන්න පුළුවන්. එහි අමුතු සුන්දරත්වයක් මම නිතරම දැක්කා. හොද හිතින් නොකරනවානම් මොන කොඩිය භාවිතා කලත් පලක් නැහැ.

:       0       19

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්


ව්‍යවස්ථා සභාවේ ලේකම් ධම්මික අස්වෙයි
2025 මැයි මස 10 1157 0

පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට ද


කොළඹ ලක්ෂ 10කට ඡන්දය එපා වෙලා
2025 මැයි මස 10 460 0

කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල විවිධ රැකියාවන්හි නිරතව සිටි විශාල පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැත


සූදු ගැසූ 13ක් මාට්ටු
2025 මැයි මස 10 235 0

කාලයක සිට පොලොන්නරුව සෙවනපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගිය මහා පරිමාණ සූදු පොලක් වටලා, සූදු ක්‍රීඩාවේ යෙදී සිටි සිවිල් ආරක්ෂක බටයකු ඇතුළු දහත


තැනින් තැනට අද තද වැසි
2025 මැයි මස 10 112 0

මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍


වෙසක් උත්සවයට නුවරඑළිය සූදානම්
2025 මැයි මස 10 491 0

‘‘කලණ ගුණ ඇති උතුම් මිතුරන් ඇසුරු කරමු‘‘ ආදර්ශ පාථය කරගත් සමබුදු තෙමගුල රාජ්‍ය උත්සවය අද සිට වැනි 16 වැනි දින දක්වා නුවරඑළිය ඛේන්ද්‍ර කරගනිමින් පැවැත්


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 366 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1338 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 343 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site