රංජිත් රාජපක්‍ෂ
මස්කෙළිය පොලිස් ස්ථානාධිපතිවරයාට වහාම ස්ථාන මාරුවීමක් ලබා දෙන ලෙස බලකරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුමුගන් තොන්ඩමන් මහතා සහ පක්ෂයේ උප සභාපති ඇතුලූ ආධාරකරුවන් සමඟ මස්කෙළිය පොලිසිය ඉදිරිපිට අද (06) සත්‍යග‍්‍රහයක් ආරම්භ කර තිබේ.
පොලිස් ස්ථානාධිපතිවරයා වතුකරයේ දේශපාලන පක්ෂයටකට පක්ෂව කටයුතු කරන බවත් එම නිසා තම ආධාරකරුවන්ට දැඩි අසාධාරණයක් සිදුවන බව තොන්ඩමන් මහතා පවසයි.
මස්කෙළිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්‍ෂක ටිරෝන් රත්නායක මහතා ප්‍රකාශ කළේ නොර්වුඩ් සාමිමලේ ප‍්‍රධාන මාර්ගයේ ගවරවිල ප‍්‍රදේශයේ අනවසරෙන් වෙළදසැල් ඉදිකිරිමක් සම්බන්ධයෙන් වතු අධිකාරිවරයාගෙන් ලද පැමිණීල්ලක් මත නීතිය කි‍්‍රයාත්මක කළ බවත් කිසිදු දේශපාලන පක්ෂයකට පක්ෂව කටයුතු නොකළ බවත්ය.
විනාඩි තිහක පමණ කාලයක් තොන්ඩමන් මහතා සහ ඔහුගේ ආධාරකරුවන් මස්කෙළිය පොලිසිය ඉදිරිපිට සත්‍යග‍්‍රහයේ නිරත වී විසිරගොස් තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලුවන්ට ඕනේ විදියට වැඩ කරන්න ගිහින් තමයි මේ රටේ නිතිය බල්ලට ගිහින් තියෙන්නේ.
නිලදරින්ට කියන්නේ කොන්ද කෙලින් තියන් වේද කරන්න කියල බලමු දෙන මොකද වෙන්නේ කියල
ජනාදිපති , අගමැති ඉවත් කරන්න කියලත් සත්‍යක් ග්‍රහ ය කොලොත් එකත් කරන්න වේවි මෙහෙම ගියොත් .
මම දන්නා තරමින් මේ නිලධාරියා අපක්ෂපාති පොලිස් නිලධාරියෙක් ,