(අනීෂා මානගේ)
තංගල්ල උසස් තාක්ෂණ ආයතනයේ පාලන අධිකාරියේ ක්‍රියාකලාපයට විරෝධය දක්වමින් එහි දෙවන වසරේ සිසුහු පිරිසක් අද (25) විරෝධතාවක නිරත වුහ.
මේ සදහා සිසුන් 150 ක පමණ පිරිසක් සහභාගී වී සිටි අතර අධ්‍යන කටයුතු නිවාඩු සමයේ ආයතනයට සිසුන් ඇතුළු කරනොගැනීමට එරෙහිව මොවුහු මෙසේ විරෝධතාවයේ නිරත වූහ.



COMMENTS
මෙසේ අරගල කරන්නේ සිසුන්ට තිබෙන බරපතල ප්‍රශ්න වලට විසඳුම් නොමැති නිසා වෙන්න ඇති. එහෙත්, මෙතන තියෙන භයානකම තත්වය ඔවුන් දන්නේ නැත්තේ භීෂණ කාලයක් ගැන ඔවුන් නොදන්නා නිසාවෙනි. මේ හැඩකාර අකුරුවලට පිටුපසින් තියෙන දේශපාලන කල්ලිවල අසුන්දර බව ඔවුන් දන්නේ නැත. දේශපාලන කල්ලිවල පදේට නටන්නේ නැතිව, තම දහදිය බිංදු මත තම වටිනා අනාගතය ගොඩනඟා ගත හැකි බව සිතන්න. කුමන දුකක් හෝ විඳ හොඳින් ඉගෙන ගන්න. උපරිම ලෙස අන් අය වෙනුවෙන් හැකි පමණින් යුතුකම් ඉටු කරන්න. විප්ලවාදී පිස්සන් ඔබගේ ඔලුව නරක් කොට ඔබ අපරාධකරුවෙකුගේ තත්වයට පත්කළ හොත්, අවසානයේදී ඔබව හිර ගෙදරට බලන්නට එන විප්ලව වාදියෙක් නැත. එදාට ඔබට ඉතිරි වන්නේ මව පියා සහ ගෙදර අය පමණයි. ආගම දහමට නැඹුරුව සිතෙහි බලය වර්ධනය කොට බුද්ධියෙන් අභියෝග ජය ගන්න. ඔබ දැහැමි වෙන විට දෙවියන්ද ඔබ සමගයි."උගත මනා ශිල්පයමයි මතු රැකෙනා....