(නිමල කොඩිතුවක්කු)
ඉදිරි පළාත් පාළන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වී ඉදිරිපත් වුවහොත් තමන් ගනු ලබන ස්ථාවරය පිළිබඳ නැවත වරක් සිතා බැලීමට සිදුවන බව කම්කරු සහ වෘත්තිය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ සෙනෙවිරත්න මහතා ලංකාදීපයට පැවසීය.
පක්ෂය එකතු කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය සමග තවදුරටත් සාකච්ඡා සිදුකරන බවත් එලෙස එකතු කිරීමට හැකිවුවහොත් කිසිදු ගැටලූවක් පැන නොනගින බවත් අමාත්‍යවරයා කීය.
යම් හෙයකින් පක්ෂය දෙකඩ වී පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වුවහොත් තමන් ගන්නා ස්ථාවරය පිළිබඳ ඒ අවස්ථාවේ තීරණයක් ගන්නා බවත් කිසිදු පළාත් පාලන ආයතනයක් සඳහා එක්සත් ජාතික පක්ෂය සමග එක්ව තරග කිරීමේ සූදානමක් නොමැති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
COMMENTS
ඡන්දෙට ගල් අරක්කු මිල අඩුකරමු. එතකොට කන්න දෙනවා නම්, බොන්න දෙනවා නම් තව මොනවද ඕනෑ කියන්නේ?
ජනතාව මෙවැනි දෙබිඩි පිළිවෙත් අනුගමනය කරන අයට පාඩමක් උගන්නන්න දැන්වත් තම මනාපය පාවිච්චි කරන්න.
දැන් විශ්‍රාම වයසත් හරි නේද?
ඔයාට මොන ප්‍රතිපත්තිද
දැන් දැන් කට්ටියට වෙන්න යන දේ ගැන ඉවෙන් වගේ දැනෙනවා.
ඔය වයස අනුව ඉතින් මේ කාලේ දෙලොවක් අතර තමයි.
ප්‍රතිපත්තියක් ඇතුව වැඩ කරන්න තිබුනා නේද ? ජෝන් තවත් කුමන්ත්‍රනයක් කරන්න වගෙයි ලැජ්ජයි.